Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
09
“මේ අවුරුද්දේ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. - රංගනය මනින්න මීටරයක් නැහැ. මට ඒ පිළිබඳව විවේචනයක් නැහැ..” - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි - Photos

- “මේ අවුරුද්දේ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. - රංගනය මනින්න මීටරයක් නැහැ. මට ඒ පිළිබඳව විවේචනයක් නැහැ..” - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,492 Views
“මට තේ එකක් හදලා දීපු පුද්ගලයාගේ සිට අධ්යක්ෂවරයා ඇතුළු පිරිසට ගොඩාක් ස්තූතියි...”
 
“ඒක සෑම වර්ෂයක් පාසාම වෙනස් වෙනවා.
පුද්ගලයාගෙන් පුද්ගලයාට රසවින්දනය වෙනස් වෙනවා...”
 
ප්රතිභාපූර්ණ චරිතාංග නළුවෙක් ලෙස තම රංගන කුසලතාව පියවරෙන් පියවර ගොඩනඟාගනිමින් දීර්ඝ ගමනක් පැමිණි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි අද වන විට සිටින්නේ ජනප්රියත්වයේ ඉහළ ස්තරයක.
 
වර්තමානය වන විට ප්රේක්ෂක ආදරය නොමඳව ලබා ගනිමින් ක්ෂේත්ර ගණනාවක් ඔස්සේ තම හැකියාවන් එළිදක්වන එම දක්ෂ කලාකරුවා සමඟ කළ පිළිසඳරක් මේ...

මේ දවස්වල කොහොමද ජීවිතේ ගෙවෙන්නේ?
අලුත් අවුරුද්ද ආරම්භ වීමත් සමඟ රූගත කිරීම් ආරම්භ වුණා. නිරෝධායන නීතිවලට අවනත වෙලා රූගත කිරීම්වල නිරත වෙනවා. සුපුරුදු පරිදිම කතරගම කිරි වෙහෙර වන්දනා කරලා ආගමික වතාවත්වල නිරත වෙලා තමයි වැඩකටයුතු පටන් ගත්තේ. ලොකු විශ්වාසයක් තියෙනවා උදා වුණු නව වසර ලෝකවාසී සියලු දෙනාටම නිරෝගීමත්, සුබදායී නව වසරක් වෙයි කියලා. සියලු දෙනාටම සෞභාග්යවත් නව වසරක් වේවා කියලා ප්රාර්ථනා කරනවා.
 
ඔබ මේ වන විට ගායනයටත් යොමුවෙලා ඉන්නවා නේද?
මම වෘත්තීයමය ගායකයෙක් වෙන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. පාසල් කාලයේදීත් මම පෙරදිග සංගීතය විෂයක් ලෙස හැදෑරීමක් කළා. නිවන්ත ප්රසාර මහතා විසින් අධ්යක්ෂණය කරන හිරු නාළිකාවේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නිර්මාණයේ පසුබිම් ගායනය සඳහා මට ආරාධනාවක් ලැබුණා. එම ආරාධනය බොහොම ගෞරවයෙන් පිළිගෙන අශාන් ප්රනාන්දු සංගීත අධ්යක්ෂවරයා යටතේ ගීතය ගායනා කළා.
 
ඒ සමඟම තව ගීත කිහිපයක් කියමු කියලා ආරාධනා ලැබෙනවා ගීත රචකයාගේ සිට සංගීත අධ්යක්ෂවරයා දක්වා වූ පිරිසකගෙන්. ඉදිරියේදී මගේම ගීතයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් මම වෘත්තීයමය රංගන ශිල්පියෙක්. මම මැරෙනකල් රඟපානවා.
 
ප්රතිභාපූර්ණ චරිතාංග නළුවකුට පුහුණුව, අභ්යාසය සහ රසවින්දනය කොතරම් දුරට බලපෑම් සහගත වෙනවාද?
ලොකු බලපෑමක් තියෙනවා. ප්රතිභාව කියන දේ කලාකරුවෙක් සතු විය යුතුයි. කලාව කියන දේ ඇඟේම තියෙන්න ඕනි. කලාව උපතින්ම අරන් ආවම නිරන්තර අභ්යාසය මඟින් දක්ෂතාව, හැකියාව මුවහත් කරගන්න පුළුවන්. පුහුණුවක් නොමැති වුණොත් කලාකරුවාට ක්ෂේත්රය තුළ රැඳෙන්න බැහැ. මනා රසවින්දනයක් සහිත ප්රේක්ෂක පිරිසකට පුළුවන් සැබෑ කලාකරුවෙක් බිහි කරන්න.
 
මගේ මවුපියන්ට හොඳ රසවින්දනයක් තිබුණා. ඔවුන්ගේ මඟ පෙන්වීම හරහා තමයි මා තුළ සැඟවිලා හිටිය කලාකරුවාට එළියට එන්න පුළුවන් වුණේ. ඉතින් ඒක මට ලොකු රුකුලක් වුණා. කලාකරුවෙක්ට තවක් කෙනෙක්ගේ නිර්මාණයක් රසවිඳින්න පුළුවන් විය යුතුයි. එමඟින් තමාට තමාව යාවත්කාලීන කරගන්න පුළුවන්.
 
ඇතැම්විට දක්ෂතා සහිත කලාකරුවන්ව ඇගයීමට ලක් වෙන්නේ නැහැ. මේකට හේතුව මොකක් කියලද ඔබ හිතන්නේ?
ඒක මෙහෙමයි. මොකක් හරි සම්මාන උළෙලක හොඳම නළුවා තෝරනවා. එහෙම තේරෙන්නේ ඒ වසරේ එම සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය හොඳයි කියලා තීරණ කරන හොඳම නළුවා. ඒක සෑම වර්ෂයක් පාසාම වෙනස් වෙනවා. පුද්ගලයාගෙන් පුද්ගලයාට රසවින්දනය වෙනස් වෙනවා. රංගනය මනින්න මීටරයක් නැහැ. ඒක සාපේක්ෂයි. මට ඒ පිළිබඳව විවේචනයක් නැහැ. ඒක ලෝක ස්වභාවය.
 
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නෙත් දක්ෂ රංගන ශිල්පියෙක්. නමුත් මේ වෙන තුරුත් ඔබව ඇගයීමට පාත්ර වෙලා නැහැ නේද?
මම ඒ පිළිබඳව දුක් වෙන්නේ නැහැ. රංගනය සම්බන්ධව කුමන හෝ සම්මානයක් ලැබෙනවා නම් මම ඒක සතුටින් භාර ගන්නවා. නමුත් මට එහෙම ඇගයීමක් නොලැබුණා කියලා මම දුක් වෙන්නෙවත් පසුතැවිලි වෙන්නෙවත් නැහැ. මොකද කිව්වොත් මාගේ රංගනය හුදෙක්ම ප්රේක්ෂකයන් සඳහා පමණයි. මම පමණක් නොවෙයි කලාකරුවන් යම් දෙයක් නිර්මාණය කරන්නේ ප්රේක්ෂකයන් සඳහා. මගේ රංගනය වෙනුවෙන් ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්රතිචාර පිළිබඳව මම තෘප්තිමත්.
 
ඉසුරු රංගනයෙන් දායක වුණු චිත්රපට පිළිබඳව යම් මතක් කිරීමක් කළොත්?
රන් සයුර, හුස්ම, රෂ්, ප්රසිඩන්ට් සුපර් ස්ටාර්, වැඩ බැරි ටාසන් ඇතුළු තවත් චිත්රපට කිහිපයක් දැනට තිරගත වෙලා තියෙනවා. තවත් චිත්රපට දහයකට ආසන්න ප්රමාණයක් තිරගත වීමට නියමිතයි. මේ වසරේ තවත් චිත්රපට තුනක රූගත කිරීම් කරන්න තියෙනවා. කොරෝනා වසංගත තත්ත්වය නිසා ඒ වැඩකටයුතු තරමක් නැවතිලා තියෙන්නේ. එම චිත්රපටවල වැඩකටයුතුත් ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ වගේම මගේ බලාපොරොත්තුව තමයි සිනමාව තුළ දක්ෂ චරිතාංග නළුවෙක් ලෙස ස්ථාවර වීම.
 
ටෙලි නාට්ය පිටපතක්, චරිතයක් තෝරාගැනීමේදී සලකා බලන විශේෂ කරුණු මොනවද?
චරිතයක් තෝරාගැනීමේදි එම චරිතය නිර්මාණයේ ප්රධාන චරිතයක්ද, අනු චරිතයක්ද, දුෂ්ටයාගේ චරිතයක්ද, වීරයාගේ චරිතයක්ද, විකට චරිතයක්ද කියලා මම බලන්නේ නැහැ. මම බලන්නේ පිටපත තුළ එම චරිතය හරහා කරන්න පුළුවන් දේවල් මොනාද? මගේ රංගන ජීවිතයට එකතු කරගන්න පුළුවන් දේවල් මොනවද? මට මොනවද ලැබෙන්නේ?
 
කියන දේ සහ එම චරිතය සහ පිටපත තුළින් සමාජයට මොකක්ද දෙන පණිවුඩය කියන දේ තමයි මුලින්ම සලකා බලන්නේ. මම වෘත්තීයමය රංගන ශිල්පියෙක්. අවසානයේ මට ගෙවන මුදල ගැනත් සලකා බලලා සියලු කාරණා සමඟ මම එකඟ වුණු තැනදි තමයි මම නිර්මාණය සඳහා රංගනයෙන් දායක වෙන්නෙ.
 
බාධක සහිත කලා ජීවිතයේ මේ දක්වා පැමිණි ගමන්මඟ පිළිබඳව මොකද හිතෙන්නේ?
ආඩම්බර වෙනවා. මම මේ ගමන පටන් ගත්තේ තනියම. අද මේ වගේ තැනකට එන්න මට උදවු කරපු රූගත කිරීම් අතරතුරදී මට තේ එකක් හදලා දීපු පුද්ගලයාගේ සිට අධ්යක්ෂවරයා ඇතුළු පිරිසට ගොඩාක් ස්තූතියි. මම ක්ෂේත්රයට ආපු මුල් කාලේ මාව තවත් ඉදිරියට ගේන්න සහාය අධ්යක්ෂවරුන්, පිටපත් රචකයන් ගොඩක් උදවු කළා. මුල් කාලේ අධ්යක්ෂවරුන් අපිව අඳුරන්නේ නැහැ. සහාය අධ්යක්ෂවරුන් තමයි අපිව හඳුන්වලා දුන්නේ. ඔවුන් සියලු දෙනාවම මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා.
 
මේ අවුරුද්දේ විවාහ වෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ ගැනත් කියමු?
බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් පවතින වතාවරණය මත තමයි දිනය, කාල සීමාව තීරණය වෙන්නේ. මේ අවුරුද්දේ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
 
නිකේෂලා රණතුංග
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතේ "හදගැස්ම" අතිරේකයෙන්..
 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top