Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
09
“..පුංචි කාලේ පෙම්වතා මාව විනාශ කළා, ඊට පස්සෙ මගේ මාමා කෙනෙකුත් එහෙමම කළා...” - රටම කතා කළ මාතර බාලවයස්කාර ගණිකා ජාවාරමේ මෙතෙක් හෙළි නොවූ කතාව මෙන්න - Video

- “..පුංචි කාලේ පෙම්වතා මාව විනාශ කළා, ඊට පස්සෙ මගේ මාමා කෙනෙකුත් එහෙමම කළා...” - රටම කතා කළ මාතර බාලවයස්කාර ගණිකා ජාවාරමේ මෙතෙක් හෙළි නොවූ කතාව මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,907 Views
“අම්මා තාත්තා කියන උතුම් පදවිවලටත් මෙවැනි අය නිගාවක්.”
 
“දැරියන් සල්ලාලයන්ට විකුණන්න පෙරමුණ ගෙන සිටින්නේ වැඩිහිටියන්!”
 
මෙරට වයස අවුරුදු 16 ට අඩු සියල්ලන් ළමයින් ලෙස හඳුන්වති. ඔවුන් වෙනුවෙන් මෙරට නීතිය ද ප්රබලය.
 
එහෙත් වයස අවුරුදු පහළොවයි මාස නවයක දැරියක් හා වයස අවුරුදු පහළොවයි මාස පහක්වූ දැරියන් වැඩිහිටි පිරිමින්ගේ තුරුලෙන් තුරුලට මාරුවෙමින් ඉන් එක් දැරියක් ගැබිණියක් බවට පත්වන්නේ නම් ඒ මහා අපරාධයේ වරද කාගේ ද යන්න ගැඹුරින් සිතිය යුතු ප්රශ්නයකි.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය වෙත පසුගිය 27 දින පෙරවුරුවේ ලද හදිසි නිර්නාමික දුරකථන ඇමතුමකින් කියවුණේ වයස අවුරුදු දාහතරේ හා දොළහේ දැරියන් දෙදෙනකු ත්රී රෝද රථයකින් උදෑසන කාලයේ ගෙන ගොස් රාත්රියට ගෙනැවිත් බස්වන බවයි.
 
මෙම ක්රියාව මඟින් අදාළ දැරියන් දෙදෙනා යම් ලිංගික අපයෝජන ක්රියාවකට පොලඹවා ගෙන ඇත යන්න මෙම තොරතුරෙන් කියැවිණි.
 
තම ඒකකයට ලද තොරතුර පිළිබඳ සැලවූ විගසින් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත තම කණ්ඩායම සමග සාකච්ඡා කළේ වහා මෙම ක්රියාව පිළිබඳ සොයා බලා නිශ්චය ලෙසම නීතිවිරෝධී ක්රියාවක් සිදුවන්නේ නම් වරදකරුවන් නීතිය හමුවට පැමිණවිය යුතු ආකාරය පිළිබඳවය.
 
ඒ සඳහා සොයා බැලීමට උප පොලිස් පරීක්ෂක අතුල, කාන්තා උප පොලිස් පරීක්ෂක ශෂිකලා, කාන්තා පොලිස් සැරයන් 5282 චන්ද්රලතා, පොලිස් කොස්තාපල්වරුන් වන 71437 සම්පත්, 69181 ජයවීර, 89403 අතුල, කාන්තා පොලිස් කොස්තාපල් 7533 මධුෂිකා යන නිලධාරීන් යෙදවූ අතර ඔවුන්ට පොලිස් කොස්තාපල් රියදුරු 14568 ප්රභාත් ගේ උපරිම සහාය ලැබුණි.
 
පොලිස් කණ්ඩායම එක් එක් අංශ බෙදාගෙන පරීක්ෂණ ආරම්භ කළ අතර පළමුව සිදුකළේ නිර්නාමික දුරකථන පණිවුඩය ඔස්සේ තොරතුර ලද ත්රීරෝද රථයේ රියදුරු 28 දින ගෙන්වා අදාළ ක්රියාව පිළිබඳ විමර්ශනය කර බැලීමයි.
ත්රීරෝද රථ රියදුරුගෙන් සිදුකළ ප්රශ්නකිරීම වලදී අදාළ දැරියන් පිළිබඳ හා ඔවුන්ගේ පවුල් පසුබිම පිළිබඳව ද මූලික තොරතුරු අනාවරණය කර ගත් පොලිස් කණ්ඩායම මෙය සංවිධානාත්මක ජාවාරමක් බව සැකහැර දැනගත්තේය. ඔවුන් මාතර පොලිස් වසමේ මෙවැනි අපරාධ සිදුවීම් වලට නමගිය ප්රදේශයක පදිංචි අය වූහ.
 
ප්රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත ඊළඟට සිදු කළේ තමා ඇතුළු කණ්ඩායම අනාවරණය කරගත් මූලික තොරතුරු මාතර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්ට දන්වා අවශ්ය උපදෙස් ලබාගැනීමයි.
 
එහිදි ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් උපදෙස් ලබා දෙමින් කියා සිටියේ දැරියන් තවදුරටත් පීඩාවට පත්නොවන ආකාරයෙන් මෙම පරීක්ෂණය කඩිනමින් හා ඉතා සූක්ෂම ලෙස සිදුකරනා ලෙසයි. එය සිදුකළ යුතු ආකාරය පිළිබඳව ද තම අතීත අත්දැකීම් ද සමග චන්දන දීර්ඝ ලෙස උපදෙස් ලබා දුන්නේය.
 
ත්රීරෝද රථ රියදුරුගෙන් අනාවරණය කර ගත් තොරතුරු ඔස්සේ පොලිස් පරීක්ෂණ ඉදිරියට ගෙන ගිය පොලිස් කණ්ඩායම තොරතුරු මත හඳුනාගත් දැරියන් දෙදෙනා සොයාගෙන ප්රශ්න කළේ සිදුවෙමින් ඇත්තේ කුමක්ද? යන්න සැකහැර දැනගන්ටය.
 
ඔවුන් ලබාදුන් තොරතුරු මත එක් දැරියක් වයස අවුරුදු පහළොවයි මාස නවයක් හා අනෙක් දැරිය වයස අවුරුදු පහළොවයි මාස පහක වයසේ පසුවන්නියන් බව අනාවරණය වූහ.
 
මෙම දැරියන් දෙමාපියන් අඩදබරවී වෙන්ව සිටීම හා දරුවන් අතහැර අම්මලා වෙනත් විවාහ සිදුකර ගැනීම වැනි ක්රියා නිසා අසරණවූ අය බව මෙහිදී අනාවරණය විය.
 
මෙම දැරියන් අතර සිටි වයස අවුරුදු පහළොවයි මාස නවයක්වූ දැරිය පළමුවෙන්ම තම පෙම්වතා අතින් අතරවරයට ලක්ව සිට ඇති අතර පසුව ඇය වැඩිහිටි මාමා කෙනකු අතට පත්ව ඇත්තේ වයස අවුරුදු පහළොවයි මාස පහක්වූ අනෙක් දැරියගේ මාර්ගයෙනි. ඒ වන විට එම දැරියද අතවරයට ලක්ව නොතේරුම්කම හමුවේ ලිංගික ක්රියා සඳහා පෙලඹී සිට ඇත.
 
මේ පිළිබඳ ආරංචි ලද මුදල් ඉපයීමේ අරමුණෙන් මෙවැනි ක්රියා සිදුකරන ප්රදේශයේ කාන්තාවන් දෙදෙනකු දැරියන් දෙදෙනා තමන් වෙත නැඹුරු කරගෙන පිරිමින් සතුටු කරන්නට දැරියන් යොදවා ගැනීමේ ජාවාරම ක්රියාත්මක කර ඇති බව පොලීසිය අනාවරණය කර ගත්තේය.
 
එකින් එක ලද තොරතුරු ඔස්සේ පරීක්ෂණ කරගෙන ගිය පොලිස් කණ්ඩායම පසුගිය 28 දින රාත්රියේ සිට 29 දින අලුයම දක්වා ක්රියාත්මක කළ පොලිස් මෙහෙයුමකින් දැරියන් දෙදෙනා ලිංගික ක්රියා සඳහා අලෙවි කරමින් මුදල් ඉපයීමේ ජාවාරම ක්රියාත්මක කළ කාන්තාවක් තවත් ත්රීරෝද රථ රියදුරෙක් හා හෝටල් කළමනාකරුවකු ද අත්අඩංගුවට ගත්තේ මෙම ජාවාරමේ තවත් තොරතුරු රැසක් ද අනාවරණය කරගනිමිනි.
 
ඒ අනුව පළමු වටයේදී සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන සිටි අතර ප්රධාන සැකකාරිය සැඟව සිටියාය. සැකකරුවන් හා සැකකාරිය මාතර ප්රධාන මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට නියෝග කර තිබුණි. දැරියන් දෙදෙනා වෛද්ය පරීක්ෂණ සඳහා මාතර මහ රොහලට ඇතුළත් කර තිබුණි.
 
පසුගිය 03 දින දැරියන් රෝහලින් පිටවන විට ලැබූ වෛද්ය වාර්තා අනුව වයස අවුරුදු පහළොවයි මාස නවයක්වූ දැරිය ගැබ් ගෙන ඇති බව පෙනී යාමත් සමඟ වරුණි ඇතුළු පොලිස් කණ්ඩායම තම පරීක්ෂණ තවත් කඩිනම් කරමින් ප්රධාන සැකකාරිය ඇතුළු අනෙකුත් සැකකරුවන් සොයා මෙහෙයුම් දියත් කළේ චන්දන හේරත්ගේ උපදෙස් මතය.
 
පොලීසියේ ඊළඟ ඉලක්කය වූයේ දැරියන් ලිංගික කාර්යයන් සඳහා පොලඹවාගත් මාමා හා සැඟව සිටි ප්රධාන සැකකාරිය ඇතුළු දැරියන්ට අතවර කළ පිරිස අත්අඩංගුවට ගැනීමයි. ඒ අනුව 03 දින සිදුකළ පොලිස් මෙහෙයුමේදී දැරියන් ලිංගික ක්රියා සඳහා පොලඹවාගත් මාමා හා දරියන් පිරිමින්ට අලෙවි කළ හෝටල් වල හිමිකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන සිටි අතර තවදුරටත් ප්රධාන සැකකාරිය සැඟව සිටියාය.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර මහෙස්ත්රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර මාමා ලබන 18 දින දක්වාත් හෝටල් කළමනාකාරුවන් දෙදෙනා ලබන 11 වන දින දක්වාත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
 
ඒ අතර ප්රධාන සැකකාරිය ඇතුළු දැරියන් අපයෝජනයට ලක්කළ ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් පරීක්ෂණයක් ක්රියාත්මක කර තිබූ අතර; අත්අඩංගුවට ගෙන සිටි සියලු දෙනා හාමුගෙවත්ත, පොල්හේන, මාතර නූපේ, වල්ගම, වැවහමන්දූව හා තිහගොඩ ප්රදේශවල පදිංචි වයස අවුරුදු විස්සත් හැටත් අතර වයසේ පසුවන්නන් බව පොලීසිය පැවසුවේය.
 
“මේ දැරියන් දෙන්න මෙම තත්වයට වැටී තියෙන්නේ දෙමාපියන්ගේ නොසැලකිල්ල මත කියන එක පරීක්ෂණය පුරා පෙනී ගියා. අම්මා තාත්තා කියන උතුම් පදවිවලටත් මෙවැනි අය නිගාවක්. දැරියන් සල්ලාලයන්ට විකුණන්න පෙරමුණ ගෙන සිටින්නේ වැඩිහිටියන්. වයසින් මුහුකුරා යනවිටත් මෙවැනි ක්රියා කරනවා නම් ඉන් සමාජයට දෙන පණිවුඩය කුමක්ද? දෙමාපියන් තම දරුවන් ගැනත් වැඩිහිටියන් තම සමාජ වගකීම ගැනත් මීට වඩා සිතිය යුතුව තිබෙනවා” උසස් පොලිස් නිලධාරියකු පැවසුවේය.

ජයසිරි පේදුරුආරච්චි
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "සිළුමිණ" පුවත්පතෙන්..


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top