Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
09
“සර්.....එහා ඉවුරේ එකෙක් අතවනනවා වගේ.....සූ සයිඩ් ටෙරෙක්ද දන්නේ නැහැ.....?” - ඉන්දියන් හමුදාව බලාගෙන ඉද්දිම, පොලිස් කාන්තාවකගේ ගෙට ගිනි තියපු LTTE ත්‍රස්තයින් කළ මහා විනාශයක කඳුළු මතක

- “සර්.....එහා ඉවුරේ එකෙක් අතවනනවා වගේ.....සූ සයිඩ් ටෙරෙක්ද දන්නේ නැහැ.....?” - ඉන්දියන් හමුදාව බලාගෙන ඉද්දිම, පොලිස් කාන්තාවකගේ ගෙට ගිනි තියපු LTTE ත්‍රස්තයින් කළ මහා විනාශයක කඳුළු මතකHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,261 Views
“උඹලට පේන්නේ නැද්ද...? අපේ මිනිස්සු ගිනිගෙන මැරෙනවා.”
 
“...අපිට යන්න දීපියව්..... මේ ඉන්නේ ලංකාවේ පොලිස්පතිතුමා...
ගිහින් උඔලාගේ ටරක් එක අහකට ගනින්”
 
1987 වර්ෂය උතුරේත්, නැඟෙනහිරත් කොටි තරස්තවාදීන්ගේ ම්ලේච්ඡ කිරයාවන් දරුණු ලෙස සිදුවූ තවත් එක් කාලපරිච්ඡේදයක් විය. විශේෂයෙන්ම එම කාලයේදී LTTE සංවිධානයේ පරබල සාමාජිකයකු වූ කුමාරප්පන් ඇතුළු 17 දෙනකු අලුත්ම පාහේ අවි ආයුධ, බෝට්ටුවක් මඟින් රැගෙන ඒමේදී පේදුරුතුඩුව මුහුදේදී නාවික හමුදාවට හසු වූහ. ඔවුුන් හමුදා භාරයට පත්වීමෙන් අනතුරුව පලාලි හමුදා කඳවුරු භූමියේදී සයනයිඩ් කරල් ගිල මිය ගියහ.

මේ සිද්ධියත් සමඟම පරභාකරන්ගේ නියෝගය වූයේ සිංහල වැසියන් ඝාතනය කරමින් නැවතත් යුද්ධය අරඹන ලෙසටය. මෙහි පළමු බිල්ල වූූයේ යාපනයේදී රූපවාහිනියේ සහෝදර සේවකයන් හතර දෙනකු අතුරුදන් වීමය.
 
දෙවැනියට බිලි වූයේ LTTE අත්අඩංගුවේ පසුවූ පොලිස් සහ යුද හමුදා සාමාජිකයන් හත්දෙනකු යාපනය පරධාන බස් නැවතුම් භූමියේදී ඝාතනය වීමය.
 
රභාකරන්ගේ නියෝගය අකුරටම කිරයාත්මක කරමින් නැඟෙනහිර පළාතේද කඩාකප්පල්කාරී කිරයාවන් ආරම්භ කරනු ලැබුවේ නැඟෙනහිර නායක කරුණා අම්මාන්ගේ උපදෙස් පරිදිය.
 
එම කාලයේ ඉන්දීය සාම සාධක හමුදා පාලනයක් මෙම පරදේශවල තිබුණද තඹ ෙදායිතුවක තරම්වත් ගනන් ගැනීමක්් ඔවුන් කෙරෙහි තරස්තවාදීන්ට නොතිබිණි. තිරිරකුණාමල දිස්ත්රික්කයේ පැවතුණු යුද වාතාවරණ වාර්තා කිරීමට මා සමඟ කැමරා ශිල්පී අසංක මල්ලිකාආරච්චි, පටිගත කිරීමේ ශිල්පී රාජ් ද සිල්වා, ආලෝකකරණ ශිල්පී නන්දසේන ගුවන් මඟින් තිරකුණාමලයට ගියෙමු.
 
ෆෝට් පේරඩිරික් යුද හමුදා කඳවුරේ දින කිහිපයක් නැවැතී පටිගත කිරීම් සංවිධානය කිරීමට කටයුතු සූදානම් කළේ එවකට යුද හමුදා මාධ්ය ඒකකයේ කපිතාන්වරයකු වූ හැරිස් විජේපාලය.
 
(ඔහු පසුව අලිමංකඩ පරහාරයේදී දිවි පිදූහ) එම කාලයේ තිරකුණාමලයේ ආඥාපති වූයේ බිරගේඩියර් ලකී විජේරත්නය. තිරකුණාමලයට ගුවනින් යන අතරතුරදී යුද්ධය, තරස්තවාදය, එදා පැවැති වාතාවරණය පිළිබඳව චකිතයක්, බියක් අප සිත් තුළ ඇති කිරීමට මෙම ගමන ඉවහල් වුවද, හමුදා පරධානියා හමුවූ සැණින්, දුටු සැණින් කතා කළ සැණින් ඒ චකිතය පහවී ගියේය. ස්වල්ප වේලාවකට පසුව
 
තම ඒකාබද්ධ හමුදා මූලස්ථානයට මනා කායික පෞරුෂයකින් හෙබි පුද්ගලයකු කැඳවා “මේ..... තමයි අපේ ඕ.අයි.සී.” යනුවෙන් හදුන්වා දුන්නේ තිරකුණාමලය පොලිසියේ රිචඩ් විජේසේකරවය. “මේ අයට අපේ උපරිම සහාය දෙන්න ඕනේ”යැයි පැවැසූ බිරගේඩියර්වරයා තම නිලධාරීන්ද කැඳවා සිතියම් ආශරයෙන් පරදේශයේ යුද වාතාරවරණය පිළිබඳව පැහැදිලි කළහ.
 
ලකී විජේරත්නත්, විජේසේකරත් රට කෙරෙහි මෙන්ම අහිංසක ජනතාවට තිබූ භක්තිය, කැක්කුම නිසාම කිරකුණාමලයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව මේ දෙදෙනාව තම දෙවිවරුන් මෙන් සැලකීමට මුල්වී ඇති බව අපට පසක් වූයේ තම පරශ්න ගැටලු කියාපෑමට, විසඳා ගැනීමට, ඔවුුන්ව හමුවීමට කඳවුරට දිනපතාම පැමිණෙන සෙනඟ කන්දරාවෙනි.
 
ඒ කාලයේදී තරස්තවාදී පරහාර මැඬපවත්වා ගනිමින් නිලාවේලි මුහුදු තීරයේ සංචාරක කටයුතු පවත්වාගෙන යෑමටත් සති අන්තයේදී ගාලු මුවෙදාරට ජනයා පැමිණෙන්නාක් මෙන් තිරකුණාමලය වෙරළට ජනතාවට පැමිණීමට අවශ්ය වාතාවරණය මේ නිලධාරීන් විසින් සලසා තිබිණි.
 
එමෙන්ම ධීවර කටයුතු, දිස්ත්රික්කයේ සිවිල් පරිපාලන කටයුතු, පරවාහන සේවාවන්, බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට මේ දෙපළ විශාල වෙහෙසක් ගත්හ. ඒත් මෙය කොටින්ට නම් දිරෙව්වේ නැත. තරස්තවාදීහු කුමන මොහොතක හෝ පරහාරයක් එල්ල කරන බව හමුදා බුද්ධි අංශයටද ඉව වැටී තිබිණි.
 
දිනක් පාන්දර ජාමයේ දැවැන්ත පිපිරුම් හඬක් අහස දෙදරවමින් ඇසෙන්නට විය. උප්පුවේලි ඉදිරි ආරක්ෂක වළල්ලට පරහාරයක් සිදුවන බව බංකර් ලයින් එකේ සිටි සංඥා බළකායෙන් පණිවුඩය ලැබිණි. එකෙණෙහිම හමුදා භටයන් කඩිගුලක් මෙන් ඇවිස්සී ගියහ.
 
හෙල්මට්වලින් සහ බොඩි ආමර්වලින් සැරසුණ අපිද ඔවුන් සමඟම පිටත් විය. මරු කටකට යන බව අපට දැනුණද සෙබළුන්ගේ කිරයාශීලීත්වය, උදේයාගය, කැපවීම, මත එය අපේ ඇඟට මෙන්ම මනසටද ස්පර්ශ වී තිබිණි. නිලාවේලී පරදේශයේ සිට අහස ගිගුරුම් දෙමින් විසිරී යන කාල තුවක්කුවලින් නැඟෙන හඬ පරදේශය පුරාවටම ෙදා්ංකාර දුණි. දෙපාර්ශ්වයේම තුවක්කු භටවලින් පිටවන උණ්ඩවල ගිනි පුපුරු හරියටම නිලාකූරු පත්තු කරන්නාක් මෙන් විය.
 
මෝටාර් පරහාරවලින් පරදේශයේ පොල් ගස්වල නොව තල් ගස්වල කරටි දෙපළු වන්නට පරහාර එල්ල කෙරිණි. මගේ පාසල් මිතුරන් වූ කපිතාන් උදේනි කටුගම්පොළත්, කපිතාන් සුසන්ත නානායක්කාරත් සටනට පණපොවන අතරවාරයේ වුවද අපගේ ආරක්ෂාවද සොයා බලමින් බංකරයක් ඇතුළට අපව යොමු කළේය.
 
කොටින්ගේ සංඥා පණිවුඩයන්ට සවන් දෙමින් පලායන කොටින්ට දැඩි පරහාර එල්ල කෙරිණි. දවස පුරා පැවැති මෙම සටනේදී පරාජිත වූ තරස්තවාදීහු පලාගියද නිලාවේලි මුහුදු තීරයේ තිබුණු සංචාරක හෝටල් සියල්ලම පාහේ බිමට සමතලා වන පරමාණයටම විනාශ වී තිබිණි.
 
කොටින්ගේ අරමුණ වූයේද මේවා විනාශ කරමින් සාමාන්ය ජන ජීවිතය කඩාකප්පල් කිරීමය. තිරකුණාමලය දිස්ති්රක්කයේ පටිගත කිරීම්වල නියැළුණු කාලය තුළදී තිරියාය, පොඩුව, කට්ටු, කඹුරුපිටිය, පං මැදවච්චිය, කින්නියා, උප්පුවේලි පරදේශ පුරා යෑමට අපට අවස්ථාව ලැබුණද මේ සියලු පරදේශයන් තරස්තවාදීන්ගෙන් බහුල වූ පරදේශ විය. දිනක් අහම්බෙන් මෙන් අපූරු ගමනක් යෑමට අපට අවස්ථාව සැලසිණි. ඒ විරුගල්මොට්ටු ආරම් පරදේශයටය.
 
මෙම පරදේශය තිරකුණාමලය දිස්ති්රක්කයේ පරසිද්ධියක් උසුලන්නේ හින්දු භක්තිකයන් මහත් බැතියෙන් පුද පූජා පවත්වන කෝවිලක් පිහිටීම මෙන්ම මහවැලි ගංගාව දුර කතරක් ගෙවා අවසානයේ මුහුදට එක්වන ස්ථානය නිසාය. මෙම කෝවිල් භූමියේ පිහිටුවා තිබූ හමුදා කඳවුරේ කපිතාන්වරයාට හදිසියේ නිවාඩු ගැනීමට සිදුව තිබූ බැවින් කඳවුරු භාර ගැනීමට සිදුවූයේ කපිතාන් කටුගම්පොළටය.
 
හිටපු නිලධාරි කපිතාන් විජේරත්න නිවාඩු යෑමට පරථමයෙන් “මචං මේ කෝවිල හරි හාස්කම් තියෙන තැනක්..... යුද්දේ පටන් ගන්න කලින් දෙමළ මිනිස්සු දහස් ගණන් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා..... බාරහාර වෙන්න..... හරි පරිස්සමින්.....!'' යැයි කට්ටාට පවසා තිබිණි.
 
හතර වටේටම ගන කැලෑවකින් වටවුණු මෙම කෝවිලට යාපනයේ සිට කතරගම දක්වා පාගමනින් පැමිණෙන බැතිමත්හුද පැමිණ නවාතැන් ගනිති. රට තුළ වෙනත් කිසිදු කෝවිලක දැකිය නොහැකි අන්දමට මෙහි දේවරූප අඹා ඇත.
 
සියලු පුරුෂ සහ කාන්තා රූප නිර්වස්තර ආකාරයෙන් මෙන්ම විවිධ ලිංගික ඉරියව්වලින් කලාත්මකව නිර්මාණය කර ඇති මේ කෝවිල වැඩියෙන්ම පරසිද්ධ වී තිබුණේ දරුපල ලබාගැනීමට බාර වීම සඳහාය. කෝවිලේ හාස්කම්වලට පරසිද්ධියක් ඉසුලූ බැවින්ම කපිතාන් කටුගම්පොළද කුමන හෝ හො¼දක් සිදුවේවා යන්න සිතින් සිතා ගත්හ. මේ වකවානුවේ කිසිදු බැතිමතකු තියා පූසාරිවරයකුවත් කෝවිලේ නොසිටි අතර, ලැබෙන ඉඩකඩ මැද වත්පිළිවෙත් ඉටුකළේ හමුදා සෙබළුන්ය.
 
දිනක් උදෑසනම “සර්.....එහා ඉවුරේ එකෙක් අතවනනවා වගේ.....සූ සයිඩ් ටෙරෙක්ද දන්නේ නැහැ.....?” බංකරයේ ආරක්ෂාවට සිටි සෙබළෙක් කටුගම්පොළට පැවැසීය. ඒ අනුව කට්ටා ඇතුළු පිරිස ඒ පිළිබඳව දුරදක්න ආධාරයෙන් පරීක්ෂා කළේය. ඔහු අතවනමින් පැවැසුවේ තමන් ළඟට පැමිණෙන ලෙසය.
 
ඔහු අත තුවක්කුවක්ද, පතරොම් පිරුණු බඳ පටිවලින්ද ඔහු සන්නද්ධව සිටි බව පැහැදිලි විය. කඳවුරු අසල මෙහා ඉවුරේ මෙන්ම එහා ඉවුරේද කුඩා බෝට්ටු දෙකක් තිබිණි. මේවා හදිසියකදී එහා මෙහා ගමන් කළේ දෙකොනේ ගැට ගසා තිබුණු කඹයක් ආධාරයෙනි. ඒ අනුව ඔහුට සංඥාවෙන් පවසා සිටියේ බෝට්ටුවෙන් මෙපිටට පැමිණෙන ලෙසය. ඔහු ළඟටම පැමිණෙන තෙක් සියලු සෙබළුන් සිටියේ සූදානම් ශරීරයෙනි.
 
අත් ඔසවාගෙන පැමිණි ඔහු වටා සෙබළුන් සිටියේ සීරුවෙනි. පළමුව ඊ 56 තුවක්කුව ඔහු පැත්තකට විසි කළේය. ඉන්පසුව කර බැඳි සයනයිඩ් කරලත්, පතරොම්, බඳ පටි තුනකුත්, අත්බෝම්බ හතරකුත්, කිරිච්චියකුත් බිම හෙළීය. ඇඟලා තිබුණ LTTE යුනිෆෝමය සම්පූර්ණයෙන්ම ගලවා යට ඇ¾දුම පිටින් සිටීමට සැලැස්වීය.
 
ඒ ආයුධ පසෙක දැමුවද මොහු මරාගෙන මැරෙන කොටියකුද යන්න සැකහැර දැන ගැනීමටය. කඳවුරේ සිටි දෙමළ භාෂාව දත් සෙබළකු ආධාරයෙන් ඔහු කදුළු පිරුණු දෙනෙතින් පාපෝච්චාරණයක් කළේය.
 
“මම කොල්ලෝ 15ක් අරන් මඩකළපුවේ යන්නේ. අපි යාපනයේ ඉඳන් කැලේ මැදින් ආවේ. මගේ ගම තිරකුණාමලයේ. මම මේ පැත්ත ගැන දන්න නිසා කොල්ලෝ ටික කැලේ අතරමං කරලා මම පැනගත්තේ ඔත්තු බලලා එන්නම් කියලා. මගේ් නංගිවයි, තාත්තවයි LTTE එකට බඳවා ගත්තා. ඇත්තෙන්ම මම බැදුණේ නංගිව හොයාගන්න. මම පුදුම විදිහට කලකිරිලා ඉන්නේ. මාව උන් හදුන්වන්නේ කැප්ටන් කුමාරන් කියලා..... මට ඕනේ හමුදාවට භාර වෙන්න.....!”
 
පසුදින උදේම කඳවුරට පැමිණි හෙලිකොප්ටරයෙන් ඔහුව 22 බිරගේඩරයට පිටත් කර හැරියේය. ඒත් දින කිහිපයක් යනතෙක්ම කඳවුරේ සෙබළුන් වෙනදාටත් වඩා දැඩි සෝදිසියෙන් පසුවූයේ මුන්ව සත පහකට විශ්වාස කිරීමට නොහැකි නිසාමය. පසුකාලීනව කුමාරන් කාලයක් පුරාවටම හමුදා බුද්ධි අංශයට තම අගනා සේවය සැපැයීය.
 
මේ අන්දමට පටිගත කිරීම් අවසන් කර කොළඹට පැමිණීමෙන් අනතුරුව ඊට මාසයකට පමණ පසුව නැවතත් මා හට කැමරා ශිල්පී ජය ලක්ෂ්මන් සූූරියආරච්චි සමඟ තිරකුණාමලයට යෑමට සිදුවිය.
 
ඒ එවකට පොලිස්පතිවරයා වූ සිරිල් හේරත් මහතා කළ නිරීක්ෂණ චාරිකාවක් වාර්තා කිරීමටය. එම කාලයේ ඉන්දීය සාම සාධක හමුදාව තිරකුණාමලය දිස්ත්රික්කයේද අරක්ගෙන සිටි කාලයකි. තිරකුණාමලය හමුදා මෙහෙයුම් මූලස්ථානයේදී පොලිස්පතිවරයා ආරක්ෂක නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත වෙමින් සිටියදී තිරකුණාමලය නගරයේ නිවාස සහ කඩ සාප්පුවලට තරස්තවාදීන් ගිනි තබන බවට පණිවුඩයක් ලැබිණි. එකෙණෙහිම පොලිස්පතිවරයාත්, බිරගේඩියර් ලකී විජේරත්නත්, එවකට පොලිස් අධිකාරි වූ රිචඩ් විජේසේකරත් වහාම කිරයාත්මක වූහ.
 
කඩිනමින් නාවික හමුදා ගිනි නිවන රථත්, බෆල් රථත් හමුදා පිරිස් සමඟ එම පරදේශයට පිටත් වුණෙමු. එක් ස්ථානයක මුර කපොල්ලක් තිබූ අතර එහි රැඳී සිටියේ ඉන්දීය හමුදා සෙබළුන් කිහිපදෙනෙකි. අප එම ස්ථානයේ වාහන නවත්වනවාත් සමඟ තරුණියක් අඬා වැලපෙමින් අප අසලට කඩා වැදිණි.
 
“අනේ..... බුදු සර්..... අපි ඉවරයි..... මමත් එර්ථීඛ් කෙනෙක්...... මගේ අම්මා, තාත්තා ගේ ඇතුළේ පිච්චෙනවා.... අයියෝ සර් අරුන් අපේ ගෙවල්වලට ගිනි තිබ්බා. ඉන්දියන්කාරයෝ බලන් ඉන්නවා.. අනේ සර් ..... අපි..... අපි....... බේරාගන්ඩ..........!” යනුවෙන් පොලිස්පතිවරයාව දෑතින් බදාගෙන විලාප දෙන්නට විය. අප දුටුවේ අෑතින් මහත් ඝෝෂා නංවමින් අහස උසට බුර බුරා නැඟෙන ගිනි දලුය.
 
එම ස්ථානයට යෑමට හමුදාව ඇතුළු පිරිස සූදානම් වෙද්දී ඉන්දියන් භටයන් ඔවුන්ගේ ටරක් රථය පාර හරහා නවත්වා අප ගමනට හරස් විය.
 
ක්ෂණිකවම මහත් කෝපයෙන් එම රථය අසලට ගිය රිචඩ් විජේසේකර, ටරක් රථයේ රියැදුරු අසුනේ සිටි සික් ජාතික ඉන්දියන් සෙබළාගේ බඳ පටියෙන් අල්ලා බිමට ඇද දමා ඉංගීරසි භාෂාවෙන් “උඹලට පේන්නේ නැද්ද...? අපේ මිනිස්සු ගිනිගෙන මැරෙනවා....... අපිට යන්න දීපියව්..... මේ ඉන්නේ ලංකාවේ පොලිස්පතිතුමා ....... ගිහින් උඔලාගේ ටරක් එක අහකට ගනින්” යැයි මහ හඩින් කෑගැසීය.
 
පසුව එම ස්ථානයට පිවිසි ආරක්ෂක හමුදාවෝ ලහි ලහියේ ගිනි ගන්නා නිවෙස් පේළි නිවා දැමීමට යුහුසුලු විය. කෙසෙල් පදුරක හැංගී හිටපු පොලිස් කාන්තාවගේ මවත්, පියාත් බේරාගෙන රැගෙන ඒමේදී ඒ දර්ශනය දුටු කාගේත් නෙත්වලට කදුළු ගැලීය. ඔවුන්ගේ ඇදුම් කළුම කළු වී ඉතා අසරණව සිටියහ. පරදේශය පුරා කළ සෝදිසි මෙහෙයුමේදී ගින්න ඇතිකළ කොටි තරස්තවාදීන් දෙදෙනකු වෙඩි පරහාරවලින් මියගිය අතර තවත් හයදෙනකු අත්අඩංගුවට ගැනීමට හමුදාව සමත් විය.
 
1987 - 89 කාලවකවානුවේ පැවැති තරස්තවාදය මෙන්ම දකුණේ භීෂණය නිසාම රූපවාහිනියේ් බොහෝ අය රට හැරදා යෑමට පටන් ගත් කාලයක් විය. සමහරු රූපවාහිනි රස්සාවට ආයුබෝවන් කීහ. රවිනාථ ආරියසිංහලා, අර්ජුන රණවනලා, ශීරමාල් වෙඩිසිංහ, එස්.එච්. විමලසේනලා මේ අය අතර වූහ.
 
මාද නිවාඩු ලබා වර්ෂ තුනක කාලයක් ගත කළේ ජපන් රටේය. එහිදී මට ආරංචි වූයේ ත්රිකුණාමලයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් ලකී විජේරත්නත්, රිචඩ් විජේසේකරත් මියගිය බවය. එය මට මහත් වේදනාවක් ගෙනදෙන්නක් විය. තරු පැලඳගත් පමණින් තම භාෂා විලාශයත්, කතා විලාශයත් වෙනස් කර ගන්නා නිලධාරීන් ඉන්නා මෙවන් සමාජයක ඉහත නිලධාරීන් දෙදෙනාම ඊට හාත්පසින්ම සරල විය.
 
යුද්ධයේ බියකරු බවත්, යුද වැදී සිටින සෙබළුන්ගේ මානසික තත්ත්වයන් මනාව වටහා ගත් නිසාම මේ දෙදෙනා විටෙක සෙබළුන්ට තම මවුපියන් මෙන් විය. එකම පළාතක සාමය උදෙසා සටන්වැදුණු පොලිසියේ නිලදරුවකු හා යුද හමුදාවේ නිලදරුවකු එකට අත්වැල් බැඳගෙන ඉතාමත්ම මිතරකමින්, අවබෝධයෙන් පරදේශයේ ආරක්ෂක කටයුතු මෙහෙය වූවා නම් ඒ මේ විරුවන් දෙදෙනා යැයි කීම නිවැරැදිය.
 
මෙම ලිපිය සැකසීමේදී ඔවුනට සිදුවූ අවාසනාවන්ත සිද්ධිය විස්තර කළේ එවකට තිරකුණාමලේ යුද හමුදා කඳවුරේ කර්නල් සාලිය කුලතුංගගේ විධායක අධිකාරි වශයෙන් කටයුතු කළ කපිතාන් උදේනි කටුගම්පොළය. “කට්ටා” නමින් කා අතරත් පරසිද්ධ උදේනි මීට වසර දෙකකට පමණ පෙර බිරගේඩියර් නිලයෙන් විශරාම ගියේය.
 
මෙම පිපිරීම සිදුවූයේ 1992 දෙසැම්බර් 18 වැනි දින තිරකුණාමලය -අනුරාධපුර මාර්ගයේ පං මැදවච්චිය 10 කණුව අසලදීය. තමන්ට තිරියාය පරදේශයට යෑමට අවශ්ය බැවින් මාර්ගය සෝදිසි කරන ලෙස බිරගේඩියර් ලකී විජේරත්න පවසා ඇත්තේ කර්නල් සාලිය කුලතුංගටය.
 
ඒ අනුව කර්නල්වරයා මේ බව පවසා ඇත්තේ කට්ටාටය. “සර්... මේ කොහෙද යන්න හදන්නේ... කට්ටා විමසා ඇත. “අලුතෙන් පිහිටුවන සිංහල ගම්මානවල නැවත පදිංචි කිරීම් බලන්නලු යන්නේ.... පාර ක්ලියර් කරලා දන්වන්න....!” කර්නල් සාලිය පවසා ඇත.
 
රදේශය පිළිබඳව සනාථ වීමෙන් පසුව පිරිස ජීප් රථ දෙකකින් ගමන් අරඹා ඇත. වෙනදා ගමනක් යනවිට” මම යනවා” යැයි කියන කර්නල්වරයා මෙවර නොකියාම යෑම පිළිබඳව කට්ටා කනස්සල්ලෙන් පසුව තිබිණි. “සාලිය ඔයා මගේ ජීප් එක එළවන්න.... ඔයාගේ එක ඉස්සරහින් ගියදෙන්...!” ලකී විජේරත්න තම දෙවැනියා වූ සාලිය කුලතුංගට පවසා ඇත.
 
“සර්ගේ එක....... රිචඩ් එළවපුදෙන්.... සර්ගේ ගජයනෙ... මම ඉස්සරහින් යන්නම්...!” කර්නල්් සාලිය පවසා තිබිණි. ඒ අනුව රිචඩ් විජේසේකර බිරගේඩියර් විජේරත්නගේ වාහනයට ගොඩවී ගමන් අරඹා ඇත. ඉදිරියෙන් කර්නල් සාලිය තම ජීප් රථය පදවා ගෙන ගොස් ඇත. එම අවස්ථාවේ ෆොඩ් පෙඩ්රික් කඳවුරේ නිලධාරියකුට සිට ඇත්තේ කටුගම්පොළ පමණය.
 
ඒ වෙලේ කඳවුරට පැමිණි සිටි කපිතාන් වසන්ත නානායක්කාර සමඟ ඔහු සතුටු සාමිච්චියේ සිටින විට මහ ශබ්දයක් ඇසී තිබිණි. ඔවුන් දෙදෙනා මුහුණින් මුහුණට බලා ඇත්තේ තුෂ්ණිම්භූතවය. ඔවුන් සංඥා ඒකකයට ගොස් පරදේශයේ කඳවුරුවලින් සෝදිසි කර ඇත.
 
10 කණුව කඳවුරට කතා කිරීමෙන් සිද්ධිය තහවුරු කර ගැනීමට හැකිව තිබිණි. එකෙණෙහිම කපිතාන් කටුගම්පොළත්, නානායක්කාරත්, සිද්ධිය සිදුවූ 10 කණුව පරදේශයට ගොස් තිබිණි. මුලින්ම ගමන් කර තිබුණේ කර්නල් සාලිය කුලතුංග ගමන්ගත් ජීප් රථයයි.
 
ඊට මීටර් 300ක් පමණ පිටුපසින් බිරගේඩියර් ලකී විජේරත්න සමඟ පොලිස් අධිකාරි රිචඩ් විජේසේකර පදවාගෙන ආ ජීප් රථය පැමිණ ඇත. එම ජීප් රථයේ ඉදිරිපස බිරගේඩියර්වරයාට නියමිත බල සේනාධිපති ධජය සවිකර තිබී ඇත. කොටි තරස්තවාදීන් ඉතාම සූක්ෂ්ම ලෙස මෙය නිරීක්ෂණය කර තිබිණි.
 
ඒ අනුව පළමු ජීප් රථය ගමන් කර දෙවන ජීප් රථය පැමිණෙනවාත් සමඟම ක්ලේමෝ බෝම්බය පිපිරවීමට කටයුතු කර ඇත. කොටින්ගේ ඉලක්කය සාර්ථක වී ඇත. ජීප් රථය අඩි ගණනක් උසට විසිවී සුනු විසුනුව ගොස් ඇත. උදාර මිනිස්කම හ¾දුනන වීරෝදාර ඉහළම නිලයන් දැරූ රණවිරවෝ් දෙදෙනෙක් මෙලෙස ජීවිත ගමනින් සමුගත්හ. ඒ මීට වසර 29කට පරථම එනම් 1991 දෙසැම්බර් මස 18 වැනි දිනය.
 
මෙම බෝ්ම්බයේ මහා මොළකරු පසුකාලීනව හමුදාවට භාරවී තිබිණි. මාස ගණනක් පුරාවට කරනු ලැබූ නිරීක්ෂණයන්ගෙන් අනතුරුව ගෝණි මහන කට්ටත්, වයරයත් උපයෝගී කරගෙන කොළ පැහැති තණකොළ ඇතුළේ සූක්ෂ්ම ලෙස සඟවා මෙය පිපිරූ බව ඔහු පවසා තිබිණි. මෙම LTTE පරබල සාමාජිකයා බෝම්බ පිපිරවීම, නිෂ්ක්රිය කිරීම පිළිබඳව මනා පුහුණුවක් හා පළපුරුද්දක්ද නැඟෙනහිර කොටි කිරයාකරකම් පිළිබඳවද හොඳ දැනීමක් ඇත්තකු වූ නිසාම හමුදා බුද්ධි අංශ ඔහුගෙන් නොසෑහෙන්න වැඩ ගෙන තිබිණි.
 
කොස්තාපල්වරයකු ලෙසින් පොලිස් සේවා ජීවිතය ඇරැඹූ රිචඩ් වීරසේකරයන් තරුණ වයසේදීම නියෝජ්ය පොලිස්පතිවරයකු ලෙසටත්, උප ලුතිනන්වරයකු ලෙසට හමුදා ජීවිතය ඇරඹූ ලකී විජේරත්නයන්, මේජර් ජෙනරාල් නිලයටත්, පත්වූයේ බලවතුනට හිස නමා දණ නමස්කාර කරමින් තරු පැලඳගෙන නොව අවංකව, එඩිතරව, නිර්භීතව රට වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කර තිබූ නිසාමය. සීත කාමරවල නොසිට හරිහමන් කෑමක් බීමක් නොමැතිව ජාතිය, රට වෙනුවෙන් ජීවිත පරිත්යාගයෙන්් සටන් කළ ආරක්ෂක හමුදා සාමාජිකයන්ට අද සතුටු විය හැක්කේ තිස් වසරක් පැවැති කුරිරු යුද්ධයේ අවසානයක් දක්නට ලැබීම නිසාමය.
 
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්....
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top