මේ අතර කෑගල්ල පොලීසියේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට සහ කෑගල්ල ශික්ෂණ රෝහලේ රසායනාගාර තාක්ෂණ ශිල්පියෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.
ඒ අනුව මේ දක්වා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 1353 දෙනෙකු වාර්තා වී ඇති බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ සදහන් කළේ.
වවුනියාව නගරයෙන් කොරෝනා ආසාදිතයන් 55 දෙනෙකු අලුතින් හදුනා ගැනීමත් සමඟ එම නගරයට සංචරණ සීමා පැනවීමට පියවර ගත්තා.
පෙරේදා දිනයේ වවුනියාව නගරයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 200කට වැඩි සංඛ්‍යාවකින් මෙම ආසාදිතයින් හදුනාගෙන ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ.
එමෙන්ම පොළොන්නරුව - කඳුරුවෙල නගරයෙන් ද කෙරෝනා ආසාදිතයන් 30කට ආසන්න පිරිසක් පසුගිය දින කිහිපය තුළ වාර්තා වීමත් සමග කඳුරුවෙල නගරයට ද සංචරණ සීමා පනවා තිබෙනවා.
අම්බලන්තොට තැපැල් කාර්යාලයේ සේවකයෙකු ද ආසාදිතයෙකු බවට හදුනා ගැනීමත් සමග එම තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා කාර්ය මණ්ඩලයේ සියළු දෙනා නිරෝධායනයට යොමු කර තිබෙනවා.
මේ අතර, කොරෝනා ආසාදිත බවට හදුනා ගත් ගාල්ල බන්ධනාගාරයේ නියාමකවරියක් මාපලගම - පරණ තානායම්ගොඩ පිහිටි තම අසල්වැසි නිවසක පැවති උපන් දින සාදයකට සහ දානමය පිංකමකට සහභාගි වී ඇති බව අනාවරණ වනවා.
අදාළ උපන් දින සාදයේදී කොරෝනා ආසාදිත නියාමකවරියට ද කේක් කවා ඇති අතර එකම කේක් කැබැල්ල කිහිප දෙනෙකුට කවා ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.
මේ හේතුවෙන් ඇයගේ පළමු පෙළ ආශ්‍රිතයන් 50කට වැඩි පිරිසක් නිරෝධායනය සදහා පියවර ගැනුණා.
ත්‍රිකුණාමලය - සිරිමාපුර ප්‍රදේශයේ මාස 7ක් වයසැති බිළිදියකට ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
එම බිළිදිය ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ මීට දින 3කට පෙර ඇගේ මිත්තණියට කොරෝනා ආසාදිත බවට හදුනා ගැනීමෙන් පසුව පවුලේ සාමාජිකයන්ට කළ ඇන්ටිජන් පරීක්ෂණයකදියි.
මේ අතර නිරෝධායන නීති නොතකා හැටන් නගරයේ පවත්වාගෙන ගිය උපකාරක පන්තියක් වටලා එම පන්තියේ ගුරුවරිය අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැඩි ලෙස අවවාද කර රුපියල් 1000ක දඩ මුදලක් නියම කිරීමට හැටන් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
මේ අතර අද දිනයේ නව ආසාදිතයින් 251 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 47,031 දක්වා ඉහල ගියා.
මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 222ක් ලෙසයි. මියගිය 140ක් පිරිමි පුද්ගලයන් වන අතර කාන්තා මරණ 82ක් ද වාර්තා වනවා.
අද දිනයේ ආසාදිතයන් 656 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව දැක්වෙන්නේ 40,317ක් ලෙසයි.