මේ දිනවල රට පුරා ගවයන්ට වැළඳෙමින් පවතින වෛරස් රෝගය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා.
ඒ පශු සම්පත් ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා විසින්.
රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්. සේනානායකගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය රංජනී හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් වෛද්‍ය නිරෝෂන් ගමගේ, සත්ව වසංගත රෝග පිළිබඳ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වයඹ, උතුරු මැද සහ උතුරු පළාත් අධ්‍යක්ෂවරුන් ඇතුලත්.
මෙම රෝගයේ ව්‍යාප්තිය, එය පාලනය කිරීම සඳහා ක්ෂණිකව ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම නැවත මෙම රෝගය වැළඳීම නතර කිරීම සඳහා පළාත් මට්ටමින් කිරි ගොවියන් දැනුවත් කළ යුතු ආකාරය පිළිබඳව වූ නිර්දේශ සහ එම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ඇතුලත් වාර්තාවක් සතියක් ඇතුලත තමා වෙත ලබාදෙන ලෙසටයි රාජ්‍ය අමාත්‍යවරයා කමිටුවට දැනුම්දී ඇත්තේ.
කැෆ්රි ෆොක්ස් නැමති වෛරස් ගණයට අයත් ගවයන්ට වැළඳෙන සමෙහි ගැටිති රෝගයේ වාහකයා මැස්සන් වන අතර රෝගයට ගොදුරු වූ සතුන්ගේ ශරීරය පුරා සමෙහි ගැටිති ඇතිවීම, සතුන් උදාසීන වීම, උණ ගතිය, ආහාර අරුචිය, ඇස් හා නාස්වලින් ශ්‍රාවය පිටවී ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබෙනවා.