Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
දාහතර හැවිරිදි පාසල් සිසුවියකට බලහත්කාරකම් සිදු කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ඇප ඉල්ලීමට සිදු වූ දේ

- දාහතර හැවිරිදි පාසල් සිසුවියකට බලහත්කාරකම් සිදු කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ඇප ඉල්ලීමට සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,579 Views
නඩු තීන්දුව ලැබී ඇත්තේ, වසර 7කට පසුවයි...
 
වයස අවුරුදු දාහතරක  දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරුවී දඬුවම් ලබමින් සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් යන අය තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කරන ලද ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (07දා) ප්‍රතික්ෂේප කළේය.

අවුරුද්දකට ආසන්න කාලයක් දඬුවම් ලබමින් සිටි විත්තිකරු තමාට හිමිව තිබූ දඬුවමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇති බවත් එය විභාග කර තීන්දුව ලැබෙන  තෙක් තමා ඇප මත මුදා හරින ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.
 
කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුව ඇප මත මුදා හැරීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන බව පවසා විත්තිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. 2012 වසරේ මැයි මස 23 වැනිදා සහ එම වසරේ ජුනි මස දෙවැනිදා දක්වා කාලසීමාව තුළ 14 හැවිරිදි දැරියක ලිංගික දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවා ලියනගේ සුනිල් යන අයට එරෙහිව පසුගිය 2013 වසරේදී කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනුකර තිබිණි. 
 
එහිදී වසර 7ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පසුගිය 2020 ජනවාරි මස 17 වැනි දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා විත්තිකරු සියලු චෝදනාවන්ට වරදකරු කරමින් බරපතළ වැඩ සහිත වසර 15ක සිරදඬුවම් නියම කර තිබිණි.
 
එමෙන්ම විත්තිකරුට රුපියල් විසිපන් දහසක  දඩ මුදලක්ද අතවරයට පත් දැරියට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දි මුදලක්ද ගෙවන ලෙසට එම නියෝගයේ සඳහන්වී තිබිණි.
 
මහජන නියෝජිතයන් මේ ආකාරයේ කටයුතුවල නිරත වීම ඉතාමත් බරපතළ තත්ත්වයක් බවත් ඒ මඟින් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටෙන  බවත් එදින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා අධිකරණය හමුවේ  ප්‍රකාශ කර තිබිණි.
 
මව්බිම 
හංසි නානායක්කාර 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top