කාන්තා වාට්ටුවේ සිටි ගර්භනී කතකටත් කොරෝනා.....
ගාල්ල - බන්ධනාගාරයේ නියාමකවරියන් තුන්දෙනෙකු සහ කාන්තා රැඳවියන් 34 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට අලුතින් හඳුනාගෙන තිබෙනවා.
පෙරේදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 69 ක ප්රතිඵල ඊයේ ලැබී ඇති අතර, එහිදී මෙම නව ආසාදිතයන් වාර්තාවී ඇති බවයි ගාල්ල සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.
ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ සිටි ගර්භනී කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට පසුගියදා තහවුරු වීමත් සමඟයි මෙම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබුණේ.