40 හැවිරිදි මියගොස් සිටි මෙම ව්‍යාපාරිකයාගේ සිරුර ඊයේ සොයාගැනුනු අතර, සියදිවි නසාගැනීමක්ද යන්න පරීක්ෂණ පැවැත්වෙන අතරතුර පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.
එහිදීයි මෙම පුද්ගලයාට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වුණේ.
මේ අතර මාතර මහ රෝහල ආසන්නයේ පිහිටි පෞද්ගලික උපස්ථායක සේවා ආයතනයක සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
මාතර මහ රෝහලේ අක්ෂි රෝග වාට්ටුවක ප්‍රතිකාර ලැබූ රෝගියෙකුගේ සාත්තු සේවය සඳහා ඇය නැවතී සිට ඇති අතර, එම රෝගියා කොළඹ අක්ෂි රෝහල වෙත ඊයේ මාරුකළ අවස්ථාවේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් අදාළ සේවිකාව ආසාදිත බවට හඳුනාගෙන තිබුණා.
ඒ අනුව එම සේවිකාව සේවය කරන පෞද්ගලික උපස්ථායක සේවා ආයතනය තාවකාලිකව වසා දමා එහි කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
එමෙන්ම ආසාදිත කාන්තාව විසින් රැක බලාගත් රෝගියා නතර වී සිටි මාතර මහ රෝහලේ 15 වන වාට්ටුවේ රෝගීන්ද එම වාට්ටුව තුළම නිරෝධායනට පියවර ගෙන ඇති බව සඳහන්.
මේ අතර කෑගල්ල ප්‍රදේශයේ දානමය පිංකමකට සහභාගිවූ සිව්දෙනෙකු පසුගිය හතරවනදා ආසාදිතයන් බවට හඳුනාගැනීමෙන් පසු සිදුකළ පී.සී.ආර්. සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලින් ඊයේ තවත් ආසාදිතයන් 17 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට පටහැනිව මෙම දානමය පිංකම පවත්වා ඇති බවයි කෑගල්ල නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක කියා සිටියේ.
මේ අතර ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ගාල්ල - කොටුවේ පෞද්ගලික බැංකුවක සේවය කරන පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනුනා.
බෝපේ - පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මාම්පිටිය ප්‍රදේශයේ පදිංචි මොහු පසුගියදා ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, කොරෝනා රෝග ලක්ෂණ පැවතීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සහ පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරගැනීමට කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
එමෙන්ම මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනියට කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසකට ඊයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.
ඊයේ වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 522 ගෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා. එම සංඛ්‍යාව 206 ක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයන් 97ක්, කළුතරින් 81 ක්, ගාල්ලෙන් 28 ක්, කුරුණෑගලින් 27 ක්, අම්පාරෙන් 24ක්, පොළොන්නරුවෙන් 17ක්, කෑගල්ලෙන් 13 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 12 දෙනෙකු වශයෙන් වාර්තාවී තිබෙනවා.
මේ අතර ගතවූ පැය විසි හතර තුළ කොරෝනා ආසාදිතයන් 780,857 දෙනෙකු අලුතින් හඳුනාගැනීමත් සමඟ ලොව පුරා සමස්ත ආසාදිත සංඛ්‍යාව 87,619,505 ක් දක්වා ඉහළ ගියා.
සමස්ත මරණ සංඛ්‍යාවද 1,890,786 ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ නව මරණ 14,121 ක් වාර්තාවීමත් සමඟයි.
ගතවූ පැය විසි හතර තුළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එනම් 260,973 ක් ඇමරිකාවෙන් වාර්තාවී තිබෙනවා.
එරට සිදුව ඇති දෛනික මරණ සංඛ්‍යාව 4,100 ක්.
එමෙන්ම නව කොරෝනා වෛරසය පැතිර යන බ්‍රිතාන්‍යයෙන් අලුතින් ආසාදිතයන් 62,322 ක් හමුවී ඇති අතර, ගතවූ පැය විසි හතර තුළ එරටෙහි සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා.