Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
04
තවත් පස් දෙනෙකු මාරාන්තික කොරෝනාවට බිලි වෙයි.. ඊයේ දිනයේදී ආසාදිතයින් 627 ක් - මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තියේ නවතම තොරතුරු මෙන්න

- තවත් පස් දෙනෙකු මාරාන්තික කොරෝනාවට බිලි වෙයි.. ඊයේ දිනයේදී ආසාදිතයින් 627 ක් - මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තියේ නවතම තොරතුරු මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,118 Views
නව ආසාදිතයින් 627 දෙනෙකු ඊයේ දිනය තුළ හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26,000 සීමාව ඉක්මවා ගියා.
 
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 26,038 ක් ලෙසයි.
 
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22,488 ක්.

මේ වනවිට, දිවයිනේ රෝහල් රැසක කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 6,877 ක් තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
 
ඊයේ දිනයේදී වෛරසය ආසාදනය වී සුවය ලැබූ 728 දෙනෙකු රෝහල් වලින් නික්ම යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 19,032 ක් වනවා.
 
මේ අතර, ඊයේ දිනයේත් මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගියේ අලුතින් වාර්තා වූ මරණ 05 ත් සමඟයි.
 
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර, හෘද රෝගයක් සහ දියවැඩියාව නිසා ඇති වූ සංකූලතා සමඟ කොරෝනා ආසාදනය වීම මරණයට හේතුව ලෙස සඳහන් වනවා.
 
කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද කොරෝනා ආසාදනය වීම සහ අධික රුධිර පීඩනය සමඟ මොලය අභ්‍යන්තරයට රුධිරය වහනය වීම හේතුවෙන් මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
 
කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුද මියගොස් ඇති බව ඊයේ වාර්තා වුණා.
 
ඉන් එක් අයෙකු 85 හැවිරිදි අයෙකු වන අතර, ඔහු මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වීමත් සමඟ උග්‍ර වූ බැක්ටීරියා ආසාදනයක් නිසා ඇති වූ සංකූලතාවලින්.
 
එම ප්‍රදේශයේ පදිංචි අනෙක් පුද්ගලයා 71 වන වියේ පසුවන අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය වීමත් සමඟ හෘදයාබාධ තත්ත්වයක් ඇති වීමයි.
 
කොළඹ 02 ප්‍රදේශයේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් තිබෙනවා.
 
කොරෝනා නියුමෝනියාව සමඟ ශ්වසන මාර්ගයේ ඇති වූ අකර්මන්‍යවීමක් එම පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස දක්වෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
 
මේ අතර, පවතින කොරෝනා තත්ත්වය හමුවේ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ ප්‍රකාශ කළා.
 
කෙසේ වෙතත්, කොළඹ මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කළේ විභාග සහ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගන්නා ක්‍රියාමාර්ග විධිමත් භාවයකින් තොර බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top