මහර බන්ධනාගාර සිද්ධියෙන් කිසිදු රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන්ගේ හෝ විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරවලින් මරණයට පත්වී නොමැති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කළා.
ඒ, ඊයේ පාර්ලිමේන්තුවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින්.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ සිද්ධියෙදී දේපළ හානි සිදුකළ පුද්ගලයින්ට එරෙහිවද කටයුතු කරන බවයි.
මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්, රැඳවියන් ඇතුළු 56 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියේදී රැඳවියන් 11 දෙනෙකු පිවිතක්ෂයට පත් වු අතර, බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු ඇතුළුව තුවාල ලැබු සංඛ්‍යාව 108 ක්.