හිටපු ප්‍රංශ ජනපතිි වැලරි ගිස්කාඞ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මිය ගියේ කොරෝනා ආසාදනය වීමෙන් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
1974 සිට 1981 දක්වා කාලය තුළ ප්‍රංශ ජනපති ලෙස ක්‍රියා කළ වැලරි ගිස්කාඞ් ගබ්සාව නීතිගත කිරීමට සහ එකඟතාවය මත දික්කසාද වීම සඳහා වූ නීති සම්මතකළ ජනාධිපතිවරයෙකුද වෙනවා. නිදහස් ප්‍රංශ හමුදාව බිහි කිරීමට මුල් වූ වැලරි ගිස්කාඞ් ඩයනා කුමරිය සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වුනා. මිය යන විට ඔහු 94 හැවිරිදි වියේ පසු වුවා.