7 හැවිරිදි දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන පුද්ගලයකු හා ඊට අනුබල දුන් දැරියගේ මව ඇතුළු දෙදෙනකු දොඩන්ගස්ලන්ද කහහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව රිදීගම පොලිසිය කියයි.
අදාළ පුද්ගලයා අවුරුදු 7 මාස 6ක් වයසැති දැරිය වරින් වර ලිංගික අපයෝජනයට ලක්කරමින් සිටින බවට ලැබුණු තොරතුරකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.
සැකකරු දැරියගේ නීත්‍යනුකූල පියා ලෙස පෙනී සිටින නමුත් අදාළ දැරිය මවගේ අනියම් සම්බන්ධයක් මත ඇයට ලැබුණු දරුවකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
දැරිය අපයෝජනයට ලක්වෙන බව අදාළ කාන්තාව දැන සිටි නමුත් සිය සැමියාට ඇති බිය නිසා ඒ බව සඟවා ගෙන සිට ඇති අතර අදාළ අපයෝජනය සඳහා අනුබලදීමේ චෝදනාව මත ඇයද අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්. අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස රම්බඩගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දෙසැම්බර් 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.