Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
“ෆොටෝ වගයක් පෙන්නුවා, මට නම් අඳුනගන්න බෑ..” - 11 කට මරු කැඳවූ මහර ගැටුමේ වර්තමාන තත්ත්වය මෙන්න - පාර්ලිමේන්තුවෙත් වචන හුවමාරුවක් - පංච පුද්ගල කමිටුව බන්ධනාගාරයට - Video

- “ෆොටෝ වගයක් පෙන්නුවා, මට නම් අඳුනගන්න බෑ..” - 11 කට මරු කැඳවූ මහර ගැටුමේ වර්තමාන තත්ත්වය මෙන්න - පාර්ලිමේන්තුවෙත් වචන හුවමාරුවක් - පංච පුද්ගල කමිටුව බන්ධනාගාරයට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,741 Views
රාගම රෝහලෙන් පළා ගිය රැඳවිය අවසානයේ හමු වූ තැන මෙන්න....
 
රැදවියන්ගේ ඥතී හිතවතුන් එක්ව සිටි අයුරු.......
 
මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අධිකරණ අමාත්යවරයා විසින් පත් කළ පංච පුද්ගල කමිටුවේ සමාජිකයින් අද පෙරවරුවේ එම බන්ධනාගාරය වෙත පැමිණියා.

මේ අතර, පොලිස් මාධ්ය ප්රකාශකවරයා පැවසුවේ මහර බන්ධනාගාරයේ ඇතිවු නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙකුගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බවයි.
 
රාගම මහර බන්ධනාගාර පරිශ්රයේ නොසන්සුන් තත්වයක් ඇතිවුයේ පසුගිය 29 වනදා පස්වරුවේයි.
එහි නවතම දර්ශන පෙලක් ඊයේ මාධ්යයට නිකුත් වුණා.
 
ඇතිවු නොසන්සුන් තත්වයෙන් රැදවියන් 106ක් තුවාල ලැබූ අතර 11දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
 
තුවාල ලැබු රැදවියන් අතරින් කිහිප දෙනෙකු තවදුරටත් ප්රතිකාර ලබන්නේ රාගම ශික්ෂණ රෝහලේයි.
 
එලෙස ප්රතිකාර ලබමින් සිටි රැදවියෙකු ඊයේ රාත්රියේ රාගම රෝහලෙන් පළා ගොස් තිබෙනවා.
 
පසුව එම රැදවියා සොයා බන්ධනාගාර බුද්ධි අංශ විශේෂ සොදිසි මෙහෙයමක් දියත් කලා.
 
මේ අතර බන්ධනාගාරයේ ඇතිවු සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට අධිකරණ අමාත්ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පත් කල පංච පුද්ගල කමිටුවේ සමාජිකයින් සහ මානව හිමිකම් කොමිෂන් සබාවේ සමාජිකයින් අද මහර බන්ධනාගාරය වෙත පැමිණියා.
 
විශ්රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවේ සෙසු සමාජිකයින් වන්නේ ජනාධිපති නීතිඥ යු.ආර්ද සිල්වා, අධිකරණ අමාත්යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලලින්ද රණවීර සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ යන මහත්වරුන්.
 
මෙම පංච පුද්ගල කමිටුවේ කාර්යභාරය වන්නේ බන්ධනාගාර ගැටුමට හේතු වූ කරුණු සහ ගතයුතු ක්රියාමාර්ග සම්බන්ධයෙන් සොයාබලා අවශ්ය නිර්දේශ ඉදිරිපත් කිරීමයි.
 
ඊට අමතරව කෙටිකාලීනව ගත යුතු ක්රියාමාර්ග සම්බන්ධයෙන් සතියක් ඇතුළත නිර්දේශ ඉදිරිපත් කල යුතුයි.
 
මහර බන්ධනාගාරයේ ඇතිවු නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මේ වන විට ප්රකාශ සටහන් කරගැනීම් සිදුකරමින් සිටින බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.
 
මේ අතර මහර බන්ධනාගාර සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්වු කොවිඩ් ආසාදිත රැදවියන්ගේ සිරුරු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර දැනුම්දීම සඳහා හෙට දිනයේදී නිතීපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු සහ සෞඛ්ය අංශ නිලධාරියෙකු අධිකරණයට කැඳවන ලෙස වත්තල මහේස්ත්රාත් බුද්ධික සී රාගල මහතා පොලිසියට නියෝග කර තිබෙනවා.
 
ඒ, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා මෝසමක් මාර්ගයෙන් ඊයේ සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින්.
 
මරණ සියල්ල ස්වභාවික හේතු මත සිදුනොවූ, සැක සහිත මරණ වන බැවින් පවත්නා කොරෝනා මර්දන රෙගුලාසි අනුව මෘත දේහ ආදාහනය කළහොත් එම මරණ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධාවක් වියහැකි බවයි නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණයට පෙන්වා දී ඇත්තේ.
 
යම් හෙයකින් එම මරණවලට අදාළව මිනී මැරුම් සම්බන්ධ සාක්ෂි ඉදිරිපත් වුවහොත් එම ඝාතනවලට වගකිව යුතු අපරාධකරුවන්ට නීතියේ රැහැනින් මිදීමට එමගින් අවස්ථාව ලැබෙන බව ඔහු සඳහන් කර තිබුණා.
 
එබැවින් අපරාධකරුවන්ට නීතියේ රැහැනින් මිදීයාමට ඉඩ නොලැබෙන පරිදි සුදුසු නියෝගයක් ලබාදෙන ලෙසට නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
 
මහේස්ත්රාත්වරයා අදාළ නියෝගය නිකුත් කළේ එම ඉල්ලීම සලකා බලමින්.
 
බන්ධනාගාර තදබදය අවම කිරීමේ පියවරක් ලෙස මත්ද්රව්ය භාවිතයට අදාළව බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින්ට ලබන සඳුදාට පෙර නඩු පවරා අවසන් කරන ලෙස නීතිපතිවරයා ද පොලිස්පතිවරයාට දැනුම්දී තිබෙනවා.
 
මේ අතර මහර බන්ධනාගාරයේ අශ්රත ප්රදේශවල අද දිනයේත් රැදවියන්ගේ ඥතී හිතවතුන් එක්ව සිටින අයුරු දක්නට ලැබුණා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top