ලෝක පූජිත පාපන්දු ශූර දියාගෝ මැරඩෝනාගේ සිරුර යළි ගොඩගෙන ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදු කළ යුතු බවට 19 හැවිරිදි තරුණයෙකු උසාවියේ නඩුවක් ගොනු කර තිබෙනවා.
තමන් මැරඩෝනාගේ පුතකු බව පවසමින් එම තරුණයා මෙම නඩුව ගොනු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සස්නියාගේ ලාරා නීතිවේදියකු මගින් අධිකරණය වෙත පෙත්සමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ, පාපන්දු ශූරයාගේ දේහය භූමදානය කර පැය 24 ක් පසුවීමෙන් අනතුරුවයි.
අවන්හල් සේවිකාවක වන නාටාලියා ගැරට් තම බවත්, ඇය පිළිකා රෝගයකින් මිය ගිය බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.