පසුගිය ඔක්තෝම්බර් 04 වැනිදා සිට මේ දක්වා ගතවූ කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 10,140 ක් වාර්තා වී තිබෙනවා.
ඒ, ඊයේ කොළඹින් වාර්තා වූ ආසාදිතයින් හාරසිය දෙදෙනෙකු ද සමඟින්. ඒ අතර බොරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 108 දෙනෙකු සහ අළුත්කඬේ ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 63 දෙනෙකුද වනවා.
එසේම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188 දෙනෙකු ඊයේ වාර්තා වී තිබුණා.
ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කඩවත ප්‍රදේශයෙන් වන අතර, එම සංඛ්‍යාව 48 ක්. ආසාදිතයින් 106 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ අතර, ඉන් 98 දෙනෙකුම අටලුගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා.
ඊයේ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් 878 දෙනා අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් පනස් දෙදෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 29 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 27 දෙනෙකුද වනවා.
මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 25,410 ක් වන අතර, සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,304 ක්.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 6,982 ක් පමණයි.
මේ අතර බණ්ඩාරගම - අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු ප්‍රතිකාර සඳහා යොමු කිරීමට රැගෙන යෑමට ගිය අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට බාධා කරමින් හැසිරුණු පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි පුද්ගලයින් 389 දෙනෙකු ද ඊයේ රාත්‍රියේ සහ අද අලුයම දිවයිනට පැමිණියා.
චීනය, කටාර්, ජෝර්දාන් සහ ඕමාන් සිට ඔවුන් පැමිණ තිබූ බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.
මේ අතර, කොරෝනා ව්‍යාප්තිය නිසා කල් දමන ලද සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එම මාධ්‍ය හමුවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ද එක්ව සිටියා.