අම්මයි තාත්තායි දෙන්නම දරුවව දාලා ගිහින්...!
මේ වන විට ලංකාවේ සිදුවන අතවර හා ස්ත්රී දූෂණයන් පිළිබඳව ඛේදනිය ප්රවෘත්ති, නිරන්තරයෙන් රූප මාධ්යයෙන් මෙන්ම පුවත්පත් මාධ්යයෙන් දැක බලා ගැනීමට ලැබෙනවා.
මේ අනුව හෙළිවන දේ, මෙම ස්ත්රී දූෂණ බොහෝමයක් සිදු වන්නේ අදාළ දරුවන්ගේ සමීපතමයින් අතින් බවයි.
එවැනිම සිද්ධියක් පිළිබඳව දිවයින පුවත්පත අද වාර්තා කර තිබුණා.
පහළොස් හැවිරිදි දැරියක් අතවරයට ලක්කර ඇති බවට කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් 30 දා පොලිසිය විසින් සැකපිට 20 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්රේම සම්බන්ධයක් මත මෙය සිදුවී ඇති බවට හෙළිවී ඇති අතර මෙම දැරියගේ මව සහ පියා ඇය අතහැර ගොස් ඇති බවත් වාර්තා වනවා.
පියා සමඟ සිටි කුඩම්මා ළඟ ඇය හිඳ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු සමඟ සම්බන්ධකම් පැවැත්වීමට කුඩම්මා ද උදව් කර ඇති බවයි වැඩි දුර පරීක්ෂණ-වලින් හෙළි වී ඇත්තේ.
මාතර - චන්ද්රදාස කොඩිතුවක්කු