‘බුරවි’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් යාපනය ප්‍රදේශයට ගතවූ පැය 24 ක කාලය තුළ මිලිමීටර් 226.4 ක වර්ෂාපතනයක් ඇද හැළුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය එම කාලය තුළ දිවයිනේ ප්‍රදේශයකින් වාර්තා වූ වැඩිම වර්ෂාපතනයයි.
මීට අමතරව ආලම්පිඞ්ඩි සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශවලටද මිලිමීටර් 200 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමනී ජයවර්ධන කියා සිටියේ.
‘බුරවි’ සුළි කුණාටුව අද දහවල් වනවිට මන්නාරම් බොක්ක හරහා දිවයිනෙන් ඉවතට යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඒ සමඟම සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇති බව කාලගුණ අංශවල අපේක්ෂාවයි.
කෙසේ නමුත්, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකියි.
ඇතැම් ස්ථානවලට එහිදී මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති වන බව සඳහන්.