රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් නමැති විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍ය තොගයක් සහ කොකේන් තොගයක් සඟවා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ පාර්සල් 04 ක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න කියා සිටියේ එංගලන්තය, ඇමෙරිකාව හා නෙදර්ලන්තය යන රටවල සිට මෙම පාර්සල් කොළඹ, නාවල, වාද්දුව සහ අහංගම යන ප්‍රදේශවල පිහිටි ලිපිනයන් වෙත එවා තිබූ බවයි.
එම පාර්සල් විවෘත කිරීමේදී රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා කුෂ් නමැති ගංජා ග්‍රෑම් 500 ක් සහ රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා කොකේන් ග්‍රෑම් 80 ක් සොයා ගෙන තිබෙනවා.
අදාළ පාර්සල් එවා තිබූ ලිපිනයන් පරීක්ෂා කර අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති බව ද සඳහන්.