කොරෝනා වෛරසය මැඩපැවැත්විය හැකි දේශීය ඖෂධයක් නිෂ්පාදනය කිරීමට කෑගල්ල ප් රදේශයේ පදිංචි ආයුර්වේද වෛද් ය ධම්මික බණ්ඩාර සමත් වූ අතර බටහිර වෛද් යවරුන් කණ්ඩායමකගේ මැදිහත් වීමෙන් ඒ පිළිබඳව මූලික පරීක්ෂණයක්ද සිදු කෙරුණා.
වතුපිටිවල කොවිඞ් 19 ප් රතිකාර මධ් යස්ථානයේ සිටින ස්වෙච්ඡාවෙන් ඉදරිපත් වූ රෝගීන් සඳහා එම ඖෂධය ලබාදෙමින් පරීක්ෂණ සිදු කෙරුණු අතර ඒ පිළිබඳව අප හිරු ප් රවෘත්ති ඔස්සේ පසුගියදා පෙන්වා දුන්නා.
ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප් රධනත්වයෙන් රැස්වූ කොවිඞ් මර්ධන කාර්ය සාධක බලකායේදී මෙම ඖෂධය පිළිබඳ සාකච්ඡාවට ලක් වී ඇති අතර ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දී ඇත්තේ මෙම ඖෂධය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 2.00 ට සෞඛ් ය අමාත් යංශයේදී පැවැත්වුණා.
මෙම ඖෂධය ශ් රී ලංකාවට මෙන්ම මුළු ලොවටම ලබාදීමට නම් විද් යානුකූල ක් රමවේදයන්ට අනුකූලව පර්යේෂණ සිදුකළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් යෝජනා මාලාවක් සකස් කළ යුතු බවත් මෙහිදී සෞඛ් ය අමාත් යවරිය පෙන්වා දී තිබෙනවා.
එම යෝජනා මාලාව කඩිනමින් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කරන ලද අතර, එහි සභාපතීත්වය සඳහා මහාචාර්ය සේනක පිලපිටිය පත්කළා.
මේ අතර, අද දිනයේදී ආසාදිතයින් 487 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා පිටව යෑමත් සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ් යාව 18,000 සීමාව ඉක්මවා ගියා.
ඒ අනුව සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ් යාව 18,304 ක්.
එසේම, අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 350 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද් ර සිල්වා ප් රකාශ කළා.
ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ් රිතයින්.
මේ අතර, දුම්රියේ ගමන් කරන මගීන්ගේ තොරතුරු සහ ආසන නිශ්චිත අයුරින් වෙන් නොකිරීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ආශ් රිතව කොරෝනා පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය චෝදනා කරනවා.
එහි සභාපති සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ මේ වනවිට කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. VIDEO