මේ අතර මහර සිද්ධියේදී බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇත්තේ බන්ධනාගාර ආඥා පනතට අනුකූලව බව ආරක්ෂක ලේකම් විශ් රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
රාගම මහර බන්ධනාගාර පරිශ් රයේ නොසන්සුන් තත්වයක් ඇතිවුයේ පසුගිය 29 වනදා පස්වරුවේයි.
ඊට හේතුවි තිබුණේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලා රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීමයි.
මෙහිදී එම රැඳවියන් බන්ධනාගාර රෝහලේ ඖෂධ ගබඩාව කඩා මානසික රෝගින්ට ලබාදෙන ඖෂධ අධික ලෙස පානය කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වුණා.
මත්ද් රව් ය භාවිතය, ජාවාරම සහ ප් රවාහනය යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටි රැඳවියන් මෙම කලහකාරි තත්වයට මුල්වි ඇති බව විමර්ශනවලින් හෙලිවී තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දේණිය මහතා සඳහන් කලේ ඇතිවු නොසන්සුන් තත්වයට සම්බන්ධ රැදවියන් 25ක් සහ ඊට නායකත්වය දුන් 100කට ආසන්න පිරිසක් හදුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි.
බන්ධනාගාරයේ ඇතිවු නොසන්සුන් තත්වයෙදි රැඳවියන් 106ක් තුවාල ලබා 11දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
ඔවුන් අතරින් 27 දෙනෙකු තවදුරටත් රාගම ශික්ෂණ රෝහලේ ප් රතිකාර ලබන අතර එක් අයෙක් ප් රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේයි.
රාගම ශික්ෂණ රෝහලේ අධ් යක්ෂකවරයා පැවසුවේ ගැටුමෙන් ජිවිතක්ෂට පත්වු රැදවියන් අතුරින් 9 දෙනෙකුට කොවිඩි 19 ආසාදනය වී ඇති බවයි.
තුවාල ලැබු රැදවියන් 38 දෙනෙකුටද කොවිඩි ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබුණා.
මේ අතර අද දිනයෙත් රැඳවියන්ගේ ඥති ඇතුළු පිරිසක් මහර බන්ධනාගාරය අසලට එක්ව සිටියා. පසුව එම ස්ථානයට පැමිණි මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා ඔවුන්ට කරුණු පැහැදිලි කළා.
මේ අතර මහර බන්ධනාගාරයේ ඇතිවු තත්වය පිළිබඳව සොයා බැලිමට සමගි ජන බලවේගයේ මන්ත් රීවරුන් පිරිසක් පැමිණියා.
මේ අතර, මහර බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇතිවූ නොසන්සුන්තාවයේ දර්ශන පළෙක් අද මාධ් යයට නිකුත් කෙරුණා.
අද පස්වරුවේ බන්ධනාගාර නිලධාරීන් විසින් නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියන්ගේ නම් සිය ඥාතීන්ට ප් රසිද්ධ කරනු ලැබුවා.
මේ අතර බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ් ය අමාත් යවරයා ලෙස ලොහාන් රත්වත්තේ අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඔහු අද පස්වරුවේ මහර බන්ධනාගාරය වෙත පැමිණ ඇති වූ තත්වය පිළිබඳ සොයා බැලුවා.
මේ අතර කලහකාරී තත්ත්වයෙන් පසු මහර බන්ධනාගාරයේ දේපළ සහ ගොඩනැගිලි විනාශ වී තිබුණේ මෙලෙසින්.
මේ අතර මහර බන්ධනාගාරයේ ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ් රාමික මේජර් ජෙනරාල් කමල් ගුනරත්න මහතා කොළඹ පැවති උත්සවයකදි අදහස් පල කළා. VIDEO