විමර්ශනවලදී හෙළි වූ තොරතුරු අනුව පැමිණිලිකාරිය අවුරුදු 19ක තරුණියක් වුනා. ඉගැනුමට දක්ෂ ඇයට අයියලා දෙදෙනෙක් සිටියා. ඇගේ පියා ව්‍යාපාරිකයෙක්.
සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වූ ඇය ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදැරුවේ බලාපොරොත්තු ගොන්නක් හිතේ තබාගෙන විය යුතුයි.
වර්තමානයේ පාසල් අධ්‍යාපනය ලබන ළමයින්ට ප්‍රයිවට් ටියුඹන් නොගියොත් හිතට මදිය. ඇයද මාතර පැවැත්වෙන පෞද්ගලික පන්තියකට යන්නට ඇත්තේ ඒ නිසායි.
තරිඳු නම් වූ ඔහු උසස් පෙළ ගණිත අංශයෙන් හැදැරූ සිසුවෙක්. ඔහුගේ හොඳම මිතුරා වූයේ චතුරයි. මේ දෙන්නා ආවේ ගියේ එකටයි.
තරිඳුගේ නෙත සිත මදාරා කෙරෙහි යොමු වන්නේ පන්තියේදී දැක කතා බහ කර ඇති වූ ආකර්ශණය නිසයි. වැඩි කලක් නොගොස් මදාරා හා තරිඳු පෙම්වතුන් බවට පත් වුනා.
ටික කලක් යද්දි කොවිඩ් වසංගතයත් සමඟ මේ කටයුතු අඩපණ වන්නට වුණා. මෙය නරක අතට බලපෑ අතර අන්තර්ජාලය හරහා පාඩම් කියා දීමේ ක්‍රමවේදය ඇරඹූනේ ඉන් අනතුරුවයි.
ඒ සඳහා ස්මාර්ට් දුරකථන අතවශ්‍ය වූ අතර චතුරටත් මදාරාටත් දුරකථන දෙකක් හිමි වුණා. ඔන්ලයින් ඉගැන්වීම් බොහෝ දුරට සිදු වන්නේ රාත්‍රී කාලයටයි.
ජංගම දුරකථන ඉදිරියේ තබාගෙන කෙරෙන මේ ඉගැන්වීම් ගැන බොහෝ දරුවන්ගේ දෙමව්පියන්ට එතරම් වැටහීමක් තිබුණේ නැහැ.
මේ ස්මාර්ට් දුරකථන පෙම්වතුන්ට මහත් ආස්වාදයක් ගෙන දුන්නා. තරිඳුටත් මදාරාටත් සිය ප්‍රේමයට දුරකථන බොහෝ ප්‍රයෝජනවත් වුණා.
රාත්‍රී පාඩම් කටයුතු අතරේ ලැබෙන විරාමයේදී මේ දෙන්නා වීඩියෝ ඇමතුම් ඔස්සේ කතාබහ කරන්නට ගත්තා. ඇසට නොදැක හමුනොවී දින ගණන් ගත වුනේ වීඩියෝ ඇමතුම් වලිනුයි.
කෙසේ හෝ තරිඳු මදාරාගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ නිරුවත්ව නොයෙක් ඉරියව් වලින් සිට සෙල්ෆි ගසා තමාට වට්ස්ඇප් කරන ලෙසයි. පෙම්වතාගේ ඉල්ලීමට පිටු නොපෑ ඇය කාමරයට වැදී දොර වසාගෙන ඇඳුම් උනා දමා සෙල්ෆි ඡායාරූප ගන්නට වූයේ අන්තර්ජාලයේ ඇතැම් පේජ්වල ඇති අශිලාචාර ඡායාරූප ලෙසයි.
එක් එක් ක්‍රමවලට ගැසූ එවන් ඡායාරූප 15ක් පමණ ඇය පෙම්වතාට යැව්වා.
රාගය ප්‍රේමය යැයි සිතා සිටි මේ දෙදෙනා අඩ දබර වන්නට පටන් ගත්තේ ඇඳිරි නීතිය ඉවත් වීමත් සමඟයි.
"එයා මට හරියට තහංචි දැම්මා. මට මගේ යාළුවෙකුගේ ගෙදර තියා ඥාති ගෙදරකටවත් යන්න දුන්නේ නෑ. මේක මට හරි හිසරදයක් වුණා. මම එයා එක්ක තිබුණූ සම්බන්ධය නවත්තලා දාන්න තීරණය කළේ තවදුරටත් තහංචිවලට යටත් වෙලා ඉන්න බැරි නිසා..."
දෙවරක් නොසිතා ඇය ගත් මේ පියවර අති භයානක තත්ත්වයක උදාවේ පෙර නිමිත්ත බවට පත් වුණා. ඔහු දිගටම ඇමතුම් ගත්තත් ඇය ඊට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.
"උඹ මං කියන විදිහට හිටියේ නැත්තම් බලපන්. උඹට වෙන දේ මම අර පොටෝස් ඉන්ටනෙට් දානවා." ලෙසින් පටන් ගත් කෙටි පණිවුඩ එවිල්ල තිත්ත කුණුහරපයෙන් ලියන තත්ත්වයට පත් වුණා. ඒ අතර ඔහු තවත් නරුම ක්‍රියාවක යෙදුණා.
ඒ කී පරිද්දෙන්ම ඇගේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමයි. ඔහු විසින් සෑදු ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හරහා ඔහු මේ ඡායාරූප වට්ස්ඇප් ගෲප්වලට ද යොමු කර තිබුණා. ඒ අතර ඇයට නොයෙක් දුරකථන අංකවලින් ඇමතුම් ලැබෙන්නට පටන් ගත්තා. ඒ හැම ඇමතුමකින්ම කියා සිටියේ ඇය සමඟ ලිංගික සම්බන්ඳතා පැවැත්වීමට කැමති බවයි.
මේ අයුරින් ඈට ලැබුණු ඇමතුම් ගණන 150කටත් වැඩියි. කෙසේ හෝ ඇය මේ අංක සටහන් කර ගැනීමටත් අමතක කළේ නැහැ.
මෙලෙස අපහසුතාවයට පත් වූ ඇය වැඩිමහල් සහෝදරයාට මේ සියල්ල පවසා තිබුණා.
තංගල්ල මාතර තොරතුරු තාක්ෂණ ඒකකයට විමර්ශන පැවරෙන්නේ මෙය අන්තර්ජාලය හරහා කරන ලද අපරාධයක් වීම නිසයි.
පැමිණිල්ල ලද වහාම තරිඳු අත්අඩංගුවට ගත් අකුරැස්ස පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අතර මේ වන විට ඔහු බන්ධනාගාරගතව පසු වනවා.
විමර්ශනවලදි හෙළි වූයේ මොහු හොර ගිණුමක් සදා ඇගේ දුරකථන අංකය සඳහන් කොට ඇය ගණිකාවක් බවත්, ඇමතුමක් දුන් විට ගෙන්වා ගත හැකි බවත් සඳහන් කර තිබුණූ බවයි.
ඔහු වට්ස්ඇප්වලට ඇගේ නිරුවත් ඡායාරූප යවා තිබුණේ තමන්ගේම දුරකථන අංකයෙන්. මේ සිද්ධි මාලාවට ඔහුගේ මිතුරා වන චතුර ද සම්බන්ධ බවට හෙළි වුණා.
මේ අතර ඇගේ අංකයට ඇමතූ 150ක පිරිස හඳුනා ගැනීමට තොරතුරු තාක්ෂණ ඒකකය කටයුතු කරමින් සිටිනවා.
ඒ අනුව මේ පුද්ගලයින්ට වැඩ වරදින්නට හැකියාව ඇති අතර තරිඳුගේ මිතුරාට ද ඒ ඉරණම අත්වන දිනය වැඩි ඈතක නොවේ.
තක්ෂිලා ජයසේකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.