දේශීය වශයෙන් ඊයේ හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 541 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 294 ක්.
එම ආසාදිතයින් පිරිසෙන් 66 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වී තිබුණා.
එසේම, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 130 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගෙන් 96 දෙනෙකු වාර්තා වී ඇත්තේ අටලුගම ප්‍රදේශයෙන්. මහනුවර දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 36 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබුණා.