මිනිසුන් තමන්ගේ බාහිර ලෝකයාගෙන් සඟවා ගනු ලබන දේ බොහෝමයි. ඒ අතරින් අතිශය රහසිගත දෙයක් වෙන්නෙ තමන්ගේ ලිංගිකත්වය සම්බන්ධ දේ. මේ ඔබ සහ මම ඉන්න ලෝකයේ තමන්ගේ ජීවිතේ ගත කරන්න, හැඟීමක් දැනීමක් නොදැනෙන බෝනික්කන් පාවිච්චි කරන මිනිසුන් ඉන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?
ඔව්... ඒක විශ්වාස කරන එක ටිකක් අපහසුයි නම් තමයි. හැබැයි ඒ විදිහේ මිනිස්සු ඉන්නවා. මේ බෝනික්කන් ඔවුන් කරකාර බඳින්නේ තමන්ගේ ලිංගිකත්වය වෙනුවෙන්ම පමණක් නොවෙයි.
ඔවුන් තමයි මේ අයගේ හැමදේම. තමන්ගේ ආදරය.. දුක සතුට... හැමදේම ඔවුන් කියන්නෙ මේ හැඟීමක් නැති බෝනික්කෙකුට. ඒ නිසාමයි මේක තරමක් අසාමාන් ය කතාවක් වෙන්නෙ.
ඒත් මේ තරම් අරුම පුදුම දේ සිද්ධ වෙන ලෝකෙක ඕවා මහා පුදුමසහගත දේවලුත් නෙවෙයි ඉතින්. CSI කියන රූපවාහිනි කතා මාලාවේ එක තැනක මේ විදිහේ මිල අධික "සිලිකන්" බෝනික්කන් ගැන සඳහන් වෙනවා. ඒ වගේම Prison Break කියන කතා මාලාවේ යම් තැනකත් මෙවැනි "ලිංගික බෝනික්කන්" නැව් පටවගෙන යන හාදයෙක්ව අපිට මුණ ගැහෙනවා. හැබැයි මේ එක කතාවකවත් මේ සිදුවීම ලොකුවට විහිදෙන්නෙ නැහැ.
ඇත්තටම කාන්තාවක් වෙනුවට බෝනික්කෙක් කසාඳ බැඳගෙන ජීවිතේ ගෙවනවා කියන එක මහා අරුමයක්.
ඔවුන් මේ සහකාරිය සමඟ ඡායාරූප ගන්නවා. ඒ වගේම ඔවුන්ව පිරිසිදු කිරීම්, කොණ්ඩා සැකසීම් සියල්ලම කරන්නේ මහා ආදරෙකින් වගේම ආඩම්බරයකින්.
හොඳයි දැන් අපි මේ කියන්න හදන්නේ පහුගිය දවසක මේ විදිහේ "බෝනික්කෙක්"ව දෙනෝදාහක් ඉදිරියේ කරකාර බැඳගත්තූ පුද්ගලයෙකු ගැනයි.
ඔහු නමින් යූරි ටොලොච්කෝ. කසකස්ථානයේ කායවර්ධන ශිල්පියෙක් වන ඔහු මාස 18ක් තිස්සේ "මාගෝ" කියන ලිංගික බෝනික්කා එක්ක පෙම් සබඳතාවයක් පවත්වලා තියෙනවා.
ඔන්න ඔහු විවාහ මංගල් යයේ අපූරු වීඩියෝවකුත් ඔහුගේ ඉන්ස්ට් රග්රෑම් පිටුවට එකතු කරලා තිබුණා.
"මාගෝ" කියන්නේ ලිංගික බෝනික්කෙක් වුනත්, මේ කායවර්ධන ශිල්පියාට ඇය "ප් රාණය නැති තැනැත්තියක්" නම් නෙවෙයි. ඔහු ඇයට සලකන්නේ සැබෑ කාන්තාවක් විදිහටයි.
වෙන දෙයක් තියා වෛද් ය සායනවලට පවා ඈව එක්කන් යන බව තමයි යූරි සම්මුඛ සාකච්ඡාවකදී කියලා තිබුණේ.
කොහොම වුණත්, බෝනික්කෙකු හා විවාහ වුනු ලෝකයේ එකම පුද්ගලයා යූරි පමණක්ම නෙවෙයි. තවත් බොහෝ පිරිස් බෝනික්කන්ව සහකාරියන් කරගෙන අදටත් ජීවත් වෙනවා.
විදෙස් මාධ් ය ඇසුරිනි. VIDEO