Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
30
"අපි අතර කිසිම තරගයක් නෑ. සහෝදරයො වගේ තමයි අපි බෑන්ඞ් එකේ වැඩ කරන්නෙ" - සහරා ෆ්ලෑෂ් ගායක ජයතු සඳරුවන්

- "අපි අතර කිසිම තරගයක් නෑ. සහෝදරයො වගේ තමයි අපි බෑන්ඞ් එකේ වැඩ කරන්නෙ" - සහරා ෆ්ලෑෂ් ගායක ජයතු සඳරුවන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,382 Views
එහෙම යෝජනා ආපු අවස්ථානම් ගොඩක් තියෙනව
මම හිතන්නෙ තනියෙන් යන ගමන හරි අමාරු ගමනක්
 
සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම සැලකෙන්නේ මේ වන විට ලංකාවේ සිටින වඩාත්ම කාර්යබහුල හා ජනප්‍රියතමය සංගීත කණ්ඩායම ලෙසයි. ඉතා කෙටි කලකින් කණ්ඩායම් සංගීත කලාවේ ප්‍රබලයන් වන්නට ඔවුන්ට හැකිවන්නේ ප්‍රාසාංගික කලාවට හඳුන්වාදුන් පෙරළිකාර වෙනසත් සමඟයි. එම නවමු වෙනසට ප්‍රබල දායකත්වයක් දැක්වූ සංගීත කණ්ඩායමේ මුල්පෙළේ ගායකයන් අතරින් ජයතු සඳරුවන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මේ තම සංගීත ගමන ගැන ජයතු පුවත්පතක් සමඟ කළ කතාබහක්.
 

මුලින්ම ඔබ සංගීත ක්ෂේත්‍රයට පැමිණි ආකාරය ගැන කතා කළොත්?
පාසල් යන කාලෙ ඉඳලම මම සංගීතය විෂයක් විදිහට හැදෑරුව. ඊට පස්සෙ පාසලෙන් ඉවත් වෙනවත් එක්කම වගේ බෑන්ඞ් කීපයකම මම ගායන ශිල්පියෙක් විදිහට වැඩ කළා. පසුකාලීනව ලියාරා, මාරිම්බා, ඕල්රයිට් කියන ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම්වලටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණ.
 
ඔය ආපු ගමනෙදි ඔබගේ අවසන් නවාතැන් පොළ වෙන්නෙ ‘සහරා ෆ්ලෑෂ්?
ඇත්තටම සහරා ෆ්ලෑෂ් එක්ක මම මේ වෙද්දි අවුරුදු අටකට වඩා කාලයක් ගත කරල තියෙනව. මගේ ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවක් වෙන්නෙ සහරා ෆ්ලෑෂ් එක්ක සම්බන්ධ වෙන්න ලැබීම. මොකද මාව ගායකයෙක් විදිහට රසිකයන් හඳුනගන්නෙ සහරා ෆ්ලෑෂ් හරහා.
 
සංගීත ක්ෂේත්‍රයේ බොහෝවිට දකින්න ලැබෙන දෙයක් තමයි නවකයන් විසින් ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ව අනුකරණය කිරීම. ඔබත් මේ ක්ෂේත්‍රයට එද්දි ජ්‍යෙෂ්ඨයන්ව අනුකරණය කළාද?
එහෙම විශේෂයෙන් මම කාවවත් අනුකරණය කරන්න ගියේ නෑ. මම ගොඩක්ම ආභාෂය ලබාගෙත්තෙ ඉන්දියානු ගායන ශිල්පීන්ගෙන්. ඒ අතරින් ආර්ජිත් සිං කියන ගායන ශිල්පියාට සුවිශේෂී තැනක් හිමිවෙනව. ලංකාවෙ ශිල්පීන් ගත්තොත් වික්ටර් රත්නායක, අමරසිරි පීරිස් වැනි ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ගෙ ගීත මුල් කාලෙය ඉඳලම ගායනා කරල තියෙනව.
 
ඔබ සංගීත කණ්ඩායම තුළ විවිධ ශෛලීන්වල ගීත ගායනා කරනව?
ඇත්තටම මම මුල් කාලෙදි බටහිර සංගීත කණ්ඩායම් කීපයකම වැඩ කළා. එයින් ලබාගත්ත ආභාෂය ගොඩක් ඉවල්වුණා බටහිර ආරයට යන ගීත ගායනා කරන්න. ඊට අමතරව සංගීත කණ්ඩායමේ අවශ්‍යතාව අනුව ඕනෑම රටාවක ගීත ගැයීමේ හැකියාව මට තියෙනව.
 
සහරා ෆ්ලෑෂ් බෑන්ඞ් එකෙන් ලැබුණ ජනප්‍රියත්වයත් එක්ක වෙනත් බෑන්ඞ්වලට සම්බන්ධ වෙන්න ආරාධනා ආවෙ නැද්ද?
එහෙම යෝජනා ආපු අවස්ථානම් ගොඩක් තියෙනව. ඒ යෝජනා ආපු හැම අවස්ථාවකම මම ඒව ප්‍රතික්ෂේප කළා. මොකද මම වැඩ කරන තැනට උපරිම සහයෝගයෙන් වැඩ කරන්න මම හැම වෙලේම උත්සාහ කරන කෙනෙක්. අනිත් එක තමයි සහරා ෆ්ලෑෂ් එකේ නායකයා ඇතුළු අනෙක් ශිල්පීන්ගෙන් මට ලැබෙන සහයෝගය. මම හිතන්නෙ මම බෑන්ඞ් එක දාල යන්න මේ වෙනකම් කිසිම හේතුවක් ඇතිවෙලා නෑ.
 
ජනප්‍රිය ගායකයන් කීපදෙනෙක්ම බෑන්ඞ් එකේ එකට වැඩ කිරීම මොන වගේද දැනෙන්නෙ?
සහරා ෆ්ලෑෂ් බෑන්ඞ් එකේ මූලිකවම ගායකයන් හතර දෙනෙක් වැඩ කරනව. අපි හතරදෙනාට තියෙන්නෙ වෙනස්ම ස්ටයිල් හතරක්. ඒ හින්ද කවදාවත් අපි අතර කිසිදු ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ. අනික අපි අතර කිසිම තරගයක් නෑ. සහෝදරයො වගේ තමයි අපි බෑන්ඞ් එකේ වැඩ කරන්නෙ. මං හිතන්නෙ ඒකෙන් වෙලා තියෙන්නෙ බෑන්ඞ් එක තව තවත් ජනප්‍රිය වීමක්.
 
සහරා ෆ්ලෑෂ් ලංකාවේ ජනප්‍රියතම බෑන්ඞ් එකක් වීම පිටිපස්සෙ තියෙන රහස මොකක්ද?
ඇත්තටම සහරා ෆ්ලෑෂ් මේ තත්ත්වයට එන්න මූලිකම හේතුව වුණේ අපේ රසිකයන්ගෙ ආදරය. ඔවුන්ගෙ ආදරයත් එක්ක තමයි අපි මේ තරම් දුර එන්න පුළුවන්කම ලැබිල තියෙන්නෙ. අනිත් කාරණය තමයි අපි සෑම සංගීත ශිල්පියෙක් එක්කම බොහොම සුහදව වැඩ කිරීම. අපි සංගීතය සපයන විට සෑම ගායක, ගායිකාවටම අපේ උපරිමය දෙන්න හැම විටම උත්සාහ කරනව. අපි නන්ස්ටොප් හරහා කරපු වෙනසත් මේ සඳහා ගොඩක් ඉවල්වුණා කියල මම හිතනව.
 
බෑන්ඞ් එකෙන් අයින් වෙලා තනියම ගමනක් ගියොත් හොඳයි කියල හිතිල නැද්ද?
මම හිතන්නෙ තනියෙන් යන ගමන හරි අමාරු ගමනක්. කාගෙන් හරි සපෝට් එකක් අපිට අවශ්‍යයි. අනිත් කාරණය තමයි මේ ගමන යන්න මට බෑන්ඞ් එකෙන් ලොකු සහයෝගයක් ලැබෙනව. මට විතරක් නෙමෙයි බෑන්ඞ් එකේ ඉන්න අනෙත් ගායකයන්ටත් එහෙමයි. අපේ අනෙත් සංගීතමය වැඩවලට බෑන්ඞ් එකෙන් කිසිම නීතියක් පනවල නෑ. ඉතින් අපිට ගායකයෙක් වශයෙන් යන ගමනත් බෑන්ඞ් එකත් එක්කම නිදහසේ කරගෙන යන්න පුළුවන්. ඉතින් තනියෙන් ගමනක් යනවට වැඩිය බෑන්ඞ් එකත් එක්කම පුළුවන් තරම් කාලයක් වැඩ කරන්න තමයි මම උත්සාහ කරන්නෙ.
 
ජනප්‍රියත්වයත් එක්ක රසිකයන්ගෙන් නිතර ප්‍රතිචාර ලැබෙනව ඇති?
ඇත්තටම සමාජ මාධ්‍යවල ලොකු රසික පිරිසක් මාත් එක්ක එකතු වෙලා ඉන්නව. ඒ හරහා නිතරම ඔවුන්ගෙ ආදරය, ප්‍රතිචාර මට දක්වනව. සාමාන්‍යයෙන් දවසකට විශාල කමෙන්ට් ප්‍රමාණයක් මගේ ගීත සඳහා ෆේස්බුක් එකට, යූටියුබ් එකට, ඉස්ටග්‍රෑම් එකට ලැබෙනව. කාලය ලැබෙන විදිහට පුළුවන් උපරිමයෙන් ඒ සඳහා ප්‍රතිචාර දක්වන්න මම හැම තිස්සෙම උත්සාහ කරන්නෙ. මොකද ඔවුන් හින්ද තමයි අපි මේ තැන රැඳිල ඉන්නෙ. ඔවුන්ගෙ ආදරය අපිට ගොඩක් වටිනව.
 
ඔබේ සංගීත ගමනේ අවසන් අරමුණ මොකක්ද?
මම තවමත් උත්තර භාරතීය සංගීතය හදාරනව. ඒ පැත්තෙන් පුළුවන් තරම් ඉහළට සංගීතය හදාරන්න තමයි මගේ බලාපොරොත්තුව. අනිත් එක සංගීතය ඉගැන්වීම පැත්තත් ඒ සමඟම වැඩිදියුණු කරගෙන විශාල පිරිසකට මගේ දැනුම ලබාදෙන්න බලාපොරොත්තු වෙනව.
 
ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?
මේ දවස්වල මගේ ජනප්‍රිය වෙලා තියෙන ‘ලයිලා’ කියන ගීතයේ මියුසික් වීඩියෝ එකේ වැඩ මේ වෙනකොට අවසන් කරගෙන යනවා. ඊට අමතරව මගේ අලුත්ම ගීතයක් ළඟදීම නිකුත් වෙනව. ඒකෙ විස්තර අපි දැන්ම නොකිය හිටියොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ.
ඉන්දික වික්‍රමරත්න - මව්රට පුවත්පත
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top