කෑගල්ල මහ රෝහලේ සේවය කරන ලද හෙද නිලධාරිනියකට, ඇගේ සැමියාට හා ඇගේ දරු දෙදෙනාට ද ‘කොවිඞ් 19’ ආසාදනය වීම නිසා ඔවුන් වරකාපොළ රෝහලේ පවත්වා ගෙනයන විශේෂ වාට්ටුව වෙත ඇතුළත් කර ඇති බව කෑගල්ල සෞඛ්‍ය අංශ පවසනවා.
මෙම හෙදියගේ ස්වාමි පුරුෂයා ගොවි ජන සේවා අංශයේ සේවය කරන අතර පසුගිය දිනක ටෙලිනාට්‍යයක රූගත කිරීමක් සඳහා මහනුවර ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නළුවකු ඇසුරු කර ඇති අතර ඔහුට කොරෝනා රෝගය වැළඳී ඇති බවට දැන ගැනීමෙන් පසු හෙදිය සහ ස්වාමි පුරුෂයා ද සැක සිතී පී. සී. ආර්. පරීක්ෂණ සිදු කරගෙන තිබෙනවා. එහිදී ‘කොවිඞ් 19’ ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර පසුව දරුවන් දෙදෙනා ද පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු ඔවුන්ට ද කොරෝනා ආසාදිත බව හෙළිවී ඇති බවයි සඳහන් වන්නේ.
හෙද නිලධාරිනිය සේවය කළ වාට්ටුවේ හා ගොවිජන සේවා කාර්යාලයේ ළඟින්ම සිටි අය පී. සී. ආර්. පරීක්ෂණයට ලක් කරන බව ද සෞඛ්‍ය නිලධාරියා පවසා සිටිනවා.