රාජකාරි සඳහා පිටත්ව යන මගීන්ට හිඟයක් ඇති නොවන පරිදි හෙට (30) සිට බස් රථ යොදවන්නැයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අදාළ බලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව හෙට සිට වැඩි බස් රථ සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක ප්‍රකාශ කළා.
මේ අතර, කාර්යාල සේවා ඇතුළු කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන සහ ඉන් පිටත්වන දුම්රිය ගමන්වාර 104ක් හෙට සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ අදාළ දුම්රිය හෙට සිට හුදකලා බවින් නිදහස් කෙරෙන ප්‍රදේශවල පිහිටි දුම්රිය නැවතුම්පොලවල ද නතර කිරීම සිදුවන බවයි.