Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
29
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරුවල ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20,000 ට ආසන්නයි - ඊයේත් මරණ දෙකක් - කොළඹ ගැන මහජන පරීක්ෂකවරු අනතුරු අඟවයි

- මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරුවල ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20,000 ට ආසන්නයි - ඊයේත් මරණ දෙකක් - කොළඹ ගැන මහජන පරීක්ෂකවරු අනතුරු අඟවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,246 Views
ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයන් 487යි...
 
සමස්ථ මරණ සංඛ්‍යාව 109ක්...
 
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුර මේ වනවිට 19,450 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ, ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයන් 487 දෙනෙකු වාර්තාවීමත් සමඟයි.
 
මේ වනවිට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ 22,988 ක් ලෙසයි.
 
එමෙන්ම, තවත් ආසාදිතයන් 430 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ඊයේ පිටව යෑමත් සමඟ සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාවද 16,656 දක්වා ඉහළ ගියා.

තවදුරටත් පුද්ගලයින් 6,225 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
 
මේ අතර, ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිත මරණ දෙකක් මෙරටින් වාර්තා වුණා.
 
ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගියා.
 
කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය සමඟ කොවිඩ් 19 ආසාදනය නිසා උග්‍ර වූ නිධන්ගත වකුගඩු රෝගයක්.
 
කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 96 හැවිරිදි කාන්තාවක්ද නිවසේදී මියගොස් ඇති අතර, ඇදුම රෝගය සමඟ ඇති වූ කොවිඞ් 19 නියුමෝනියාව ඇගේ මරණයට හේතුව ලෙස හඳුනාගෙන තිබෙනවා.
 
කොරෝනා වෛරසයේ වැඩිම බලපෑමකට ලක්ව ඇති කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයන් තවදුරටත් වැඩි වශයෙන් වාර්තාවෙමින් පවතින අතර, ඊයේ පී.සී.ආර් පරීක්ෂණ දහසකට වැඩි සංඛ්‍යාවක් සිදු කර තිබෙනවා.
 
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තවමත් කොරෝනා වෛරසයේ බලපෑමෙන් මිදී නොමැති බවයි.
 
එය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට පාලනය කළ නොහැකි මට්ටමක පවතින බවයි ඔහු කියා සිටියේ.
 
දැනට කොළඹ ප්‍රදේශ කිහිපයක් තවමත් හුදකලා කර ඇති අතර, මහල් නිවාස අටක්ද ඊට අයත්.
 
මේ අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ කොරෝනා ආසාදිතයන් හඳුනාගන්නා ප්‍රදේශවලට ක්‍ෂණික සංචරණ සීමා ක්‍රියාත්මක කළ යුතු බවයි.
 
මේ අතර, රුවන්වැල්ල - අඟුරුවැල්ල නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයෙකුට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම තවදුරටත් සිදු කෙරෙන බව රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළා.
 
දැනටමත් ආශ්‍රිතයන් දහසකට වැඩි පිරිසක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.
 
එමෙන්ම කොරෝනා ආසාදිතයෙකු බගවන්තලාව නගරයේ වෙළඳසැල් කිහිපයකට පැමිණි බවට තහවුරු වීමත් සමඟ එම වෙළඳසැල් තාවකාලිකව වසා දමා එහි සේවකයින් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top