ආරක්ෂක අංශ ප්රහාර මැද, සුපිරි පාපන්දු ශූරයාගේ අනුගාමිකයින් වියරු වැටෙයි..!!
පාපන්දු ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි වූ ශ්රේෂ්ඨතම ක්රීඩකයකු ලෙස සැලකෙන ආර්ජන්ටිනාවේ ඩියේගෝ මැරඩෝනාගේ දේහය මිනීපෙට්ටියේ තැන්පත් කර ඇති අවස්ථාවේ ඔහුගේ මුහුණට අත තබා ඡායාරූපයක් ලබාගත් අවමංගල්ය සේවකයා රැකියාවෙන් ඉවත්කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
ඩියාගෝ මොලීනා නමැති අදාල අවමංගල්ය සේවකයා සිය අතක් මැරඩෝනාගේ මුහුණේ තබා ඡායාරූපයක් ලබාගෙන තිබූ අතර එම ඡායාරූපය සමාජ මාධ්යවල පළවීමත් සමඟ මේ සම්බන්ධයෙන් දැඩි ලෙස කතා බහක් ඇති වුණා.
කෙසේ වෙතත් එම පුද්ගලයාගේ මෙම ක්රියාව සම්බධයෙන් මැරඩෝනාගේ අනුගාමිකයින් ඔහුට මරණ තර්ජන පවා එල්ල කර ඇති බවයි විදේස් මාධ්ය වාර්තා කර තිබුනේ.
ඩියේගෝ මැරඩෝනාගේ අනුගාමිකයි පවසන්නේ එම ක්රියාව මැරඩෝනාට සිදුකළ අවමානයක් බවයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මැරඩෝනාගේ අවමංගල්යයේ කටයුතු සිදුකරන අදාල සමාගම අනුගාමිකයින්ගෙන් සමාව අයැද ඇති අතර අදාල සේවකයා සේවයෙන් නෙරපාහැරීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම සිද්ධියට සම්බන්ධ අවමංගල්ය සේවකයා ද සමාව අයැද ඇති අතර මැරඩෝනාගේ අනුගාමිකයන් සමාජ මාධ්ය ඔස්සේ තර්ජනය කර සිටියේ අවමංගල්ය සේවකයා මිය යා යුතු බවටයි.