ලෝකයේ ළාබාලතම ඒකාධිපතිවරයා ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න...
සියයට 70 ක සාර්ථක කොරෝනා එන්නතේ නිෂ්පාදන සමාගමේ අන්තර්ජාල පද්ධතියට උතුරු කොරියානු හැකර්වරුන් ඇතුලුවීමේ තැතක් පිළිබඳව විදෙස් මාධ්ය වාර්තාකර තිබෙනවා.
කොරෝනා වෛරසය සඳහා සියයට 70 ක සාර්ථකත්වයක් පෙන්නුම් කළ එන්නතක් නිෂ්පාදනය කළ ඇස්ට්රා - සෙනෙකා බහුජාතික ඖෂධ නිෂ්පාදන සමාගමේ අන්තර්ජාල පද්ධතියට ඇතුලුවීමට උතුරු කොරියානු හැකර්වරු උත්සහ දරා තිබෙනවා.
ඒ පිළිබඳව විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් දෙදෙනෙකු රොයිටර් පුවත් සේවයට අදාළ උත්සාහය පිළිබඳ තොරතුරු අනාවරණ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කොරෝනා එන්නත් පර්යේෂණවල නිරත ඇස්ට්රා සෙනෙකා කාර්ය මණ්ඩලය ඉලක්ක කර හැකර්වරු රැකියා අවස්ථා සඳහා බඳවාගන්නන් ලෙස පෙනී සිටිමින් රැකියා විස්තර ඇතුළත් ලියකියවිලි යොමුකර තිබෙනවා.
එමඟින් අදාළ ඖෂධ සමාගමේ කොරෝනා එන්නත් පිළිබඳ පර්යේෂණයේ නිරත කාර්ය මණ්ඩලයේ පරිගණක වෙත ප්රවේශ ලබාගැනීමට රහසිගතව කේත යොමුකර ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් උතුරු කොරියානු හැකර්වරුන්ගේ එම උත්සාහය අසාර්ථක වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.