Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
28
“...අනේ මට ගහන්නේ නැත්තම් එළියට එන්නම්...!” - රටේම අවධානය යොමු වුනු, අවුරුදු දෙකහමාරේ පුංචි දරුවවත් අරන් IDH රෝහලෙන් පැන ගිහින්, රට වටේ කොවිඩ් පැතිරවූ 25 හැවිරිදි රුවිනි, වැඩ වරද්දාගත්තූ හැටි - සම්පූර්ණ කතාව එළියට - Video & Photos

- “...අනේ මට ගහන්නේ නැත්තම් එළියට එන්නම්...!” - රටේම අවධානය යොමු වුනු, අවුරුදු දෙකහමාරේ පුංචි දරුවවත් අරන් IDH රෝහලෙන් පැන ගිහින්, රට වටේ කොවිඩ් පැතිරවූ 25 හැවිරිදි රුවිනි, වැඩ වරද්දාගත්තූ හැටි - සම්පූර්ණ කතාව එළියට - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

76 Views
ත්රීවිල් රියදුරා ඇයව ඇරලවා ඇත්තේ ඈ සැකකාරියක් බවවත් නොදැනයි.....
 
ඇගේ ආත්මාර්ථකාමී බව නිසාම බොහෝ පිරිසකට අත් වුනු ඉරණම..
 
දිනය ඉකුත් 19 වැනිදාය. එදින සවස් වන විට සුපුරුදු පරිදි කොළඹ අයි. ඩී. එච් රෝහල දැඩි ලෙස කාර්ය බහුල වන්නට විය.
 
වෛද්යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය කොවිඩ් ආසාදිතයන් ගැන දැඩි අවධානයෙන් සිටි අතර දෛනිකව රෝහලට අලුතින් එකතු වන රෝගීන්ට අවශ්ය පහසුකම් සැලසීමට රෝහලේ කාර්ය මණ්ඩලය යුහුසුලු විය.

එහෙත් මෙම කොවිඩ් රෝගීන් අතර කිහිප දෙනෙක් පසු වූයේ මේ වසංගතය හේතුවෙන් ඇති වූ වියවුල් මනසකිනි.
 
25 හැවිරිදි රුවනි නිසංසලාද තවත් එවැන්නියකි. ඇහැළියගොඩ යාය පාර ප්රදේශයේ පදිංචි ඇය දරු තිදෙනකුගේ මවක වුවද තවමත් තරුණ වියේ පසු වන්නියකි.
 
ඇය අයි. ඩී එච්. රෝහලට ඇතුළත් වූයේ කොවිඩ් ආසාදනය වූ නිසාය. එහෙත් අනෙක් රෝගීන්ට වඩා ඇය රෝහලට විශේෂ වූයේ ඇය කුරුවිට බන්ධනාගාරයේ රැඳවියක් නිසාය.
 
මේ නිසා නිතරම එවැනි රෝගීන් වෙනුවෙන් අවධානයෙන් පසුවීමට රෝහල් බලධාරීහු කටයුතු කළහ.
 
රුවිනි බන්ධනාගාර ගත වූයේ මත්ද්රව්ය ළඟ තබා ගැනීමේ වරදකටය. මීට පෙර වතාවක හෙරොයින් මිලිග්රෑම් 134 ක් සිය සන්තකයේ තබා ගෙන සිටියදී ඇය පොලිස් අත්අඩංගුවට පත් ව කුරුවිට බන්ධනාගාරයට යැවුණේ සිය බාල දරුවාද සමඟිනි.
 
ඇය කොවිඩ් ආසාදනය වන තෙක්ම එහි රැදී සිටියේ අවුරුදු දෙකහාමාරක සිය දරුවාද සමඟිනි.
 
පසුගියදා කුරුවිට බන්ධනාගාරයෙන්ද කොවිඩ් ආසාදිතයන් වාර්තා විය. එහිදි රුවිනිටද අහඹු පි. සී. ආර් පරීක්ෂාවකට යොමු වන්නට සිදුවිය.
 
දින කිහිපයකින් සනාථ වූයේ ඇයද ඇතුළුව 13 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් වී ඇති බවකි. ඉන් අනතුරුව ඇය ඇතුළු ඒ පිරිස යැවුණේ පොලොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්රතිකාර මධ්යස්ථානයටය.
 
ඒ පසුගිය 16 වැනිදාය. එහිදි රුවිනිට එතරම් රෝග ලක්ෂණ මතු නොවූවද ඇයගේ දෙහැවිරිදි දියණියටද කොවිඩ් ආසාදිත බව තහවුරු විය.
 
ඒ නිසාවෙන් බලධාරීන් ඇයත් ඇගේ දියණියටත් අයි. ඩී. එච් රෝහලට ගෙන ගියේ ඔවුන්ගේ ආරක්ෂාව වඩාත් සහතික කරන්නටය. ඒ නිසා විශේෂිත කාමරයක් ද ඇයට වෙන්විය. ඒ 16 වැනිදාය.
 
රුවිනි ඇගේ දරුවාගේ හා සිය රෝගී තත්ත්වය හා කොවිඩ් හී භයානකකම කල්පනා කළේ නැත. රටේ ආරක්ෂාව වැද ගැම්මකට නැති දෙයක් විය.
 
ඇයට අවශ්ය වූයේ රෝහලේ කාර්ය මණ්ඩලයේ ඇස් වසා කෙසේ හෝ රෝහලෙන් පැන ගොස් සිරගත දිවියෙන් මිදෙන්නටය. ඇයගේ අනෙක් දරු දෙදෙනා සිය ස්වාමියා ළඟය. ඔවුන්ට කෑමට යමක් හෝ හරිහැටි නොලැබී ඇත්තේ මේ නිසාවෙන් බව ඇය නිතරම කල්පනා කරන්නීය.
 
දින තුනක් රෝහලේ සිටි ඇය කාටත් හොරා 19 වැනිදා රාත්රියේ කාමරයේ ජනේලයෙන් පැන්නේ ඇඳිවත පමණක් රැගෙනය.
 
ඇය හිදුරන්ගල ගම්මානයේ පිහිටි සිය සහෝදරයකුගේ නිවසට ගියේ 20 වැනි දින පාන්දරය. සිදුවු සියල්ල සඟවමින් තම දරුවා දින කිහිපයක් බලා ගැනීමට සිය සහෝදරයාට බාර කළ ඇය එම නිවසින් පිටවූයේ සිය සහෝදරයා ද සිප වැලඳ ගෙනය.
 
දැන් රුවිනි නිදහස්ය. ඇත්තේ සැඟවි දිවි බේරා ගැනීමේ සටන පමණි. උදේ 6.45 ට පමණ ඇහැළියගොඩ ඉදුරංගල බස් රථයකට නැග කිරිඇල්ලට පැමිණි ඇය රත්නපුර පානදුර මාර්ගයේ කිලෝ මීටර 4ක් ම පයින් ගමන් කරන්නට විය. අනතුරුව ඇය පැමිණියේ එපිටවලටය. එපිටවල කඩයකට ගොස් ඇය තමන් අත වූ රුපියල් 20 ක් දී තේ කෝප්පයක් පමණක් බීවාය.
 
මේ වන විට ඇයගේ අතුරුදහන් වීම මාධ්ය හරහා රටේම ප්රධාන පුවතක් මැවීය. ඇයව සෙවීමට පොලිස් කණ්ඩායම් රාශියක්ද යොදවන්නට විය.
 
ඇයගේ ඡායාරූපය ප්රසිද්ධියේ මාධ්ය වෙත නිකුත් කරන්නට විය. මේ නිසා කුමන මොහොතක හෝ තමන් අසුවෙතැයි ඇති වූ බිය නිසා ඇය යළිත් එපිටවෙල සිට කිරිඇල්ල නගරයට ඒමට කුලී ත්රී රෝද රථයකට ගොඩවිය. ඒ එදිනම 9.55 ට පමණය. ත්රිවීලර් රියදුරා ඇයව කිරිඇල්ල නගරයේ බස් රථ ගාලට ගෙනැත් බැස්සුවේ මේ කිසිවකුත් නොදැනය.
 
මේ වන විට ඇයගේ අතුරුදහන් වීම ගමටද ආරංචි වන්නට විය. ඇය ඇහැළියගොඩ යන බසයට ගොඩ වුවද මේ සිටින්නේ රටම සොයන කොවිඩ් රෝගියා බව එම බසයේ රියදුරුට පසක් වූයෙන් ඔහුට දෙලෝ රත් විය.
 
කළ යුතු එකම දේ පොලීසිය දැනුම්වත් කිරීම පමණි. කෙසේ වෙතත් බසයේ වූ මේ සිදුවීම අවදියෙන් පසුවන රුවිනිටද තේරුම් යන්නට විය. ඇයට හොඳින්ම පුරුදු උපායශීලි මඟහැරීම කරමින් බසය ඇහැළියගොඩට යන්නට පෙර කිරි ඇල්ලෙන් බසිමින් කුඩා වන රොදකට පැන සැඟ වුණාය.
 
කිරිඇල්ල හා ඇහැළියගොඩ පොලීසි දෙක සෞඛ්ය අංශ එක්ව එදින දවස පුරාම ගම්වාසින් රුවිනි සොයා වනය පීරන්නට විය.
 
මේ මෙහෙයුමට සබරගමුව පළාත් බාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රෝෂාන් ප්රනාන්දුගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් 6 යෙදවිණ. රාජ්ය බුද්ධි සේවාවේ හා පොලිස් විශේෂ කාර්යංශයේ බුද්ධි නිලධාරීහු පිරිසක්ද යෙදවිණ.
 
මේ අතර මේ ගමේ එක්තරා නිවෙස් හිමියකුට ඇයව දැක ගන්නට ලැබුණේ අහම්බෙනි. ඒ ඩී.එල් නීල් සුරංජිත්ටය. ඇය ගමේ වැලක එල්ලා තිබු ඇඳුම් ඇඳ ගෙන පලා යන අයුරු නෙත ගැටුණද ඇයව සොයා ගන්නට නැවතත් පොලීසියට නොහැකි විය.
 
පසුදින ද ඇය සිටින ස්ථානයක හෝ සලකුණක් නොවීය. 21 වැනිදා රාත්රි 8.45ට පමණ ඒ.ඩී.එල් නීල් සුරංජිත් තම නිවසේ කුස්සියට ගියේ සිය රාත්රි ආහාරය ගන්නටය.
 
සුරංජිත්ට දෙවැනි වතාවටද අහම්බෙන් ඇයව නෙත ගැටුණේ ඇය කුස්සියේ සිට ආහාරයක් රැගෙන පලා යමින් සිටියදීය. ඒ දින දෙකක් පුරාවට දැඩි කුසගින්නේ පසු වු ඇය කෑමට යමක් සොයා ගැනීමට සුරංජිත්ගේ මුළුතැන්ගෙට පිවිසි අවස්ථාවේදීය.
 
සුරංජිත් ගේ කෑගැසීමට පොලිසියෙන් පැමිණීමට පෙර ගම්වැසියන් එකතු වී ඇයව අල්ල ගන්නට කටයුතු යෙදීය. සමහරක් ඇයට ගල්මුල්වලින් පහර දෙන්නට විය.
 
මේ අවස්ථාවේ යළිත් කැලයට පනින්නට උත්සාහ කළද ඇයට එය කළ නොහැකි වූයේ ගම්මුන් සියල්ල ඇය වට කොට සිටි නිසාවෙනි.
 
'අනේ මට ගහන්නේ නැත්තම් එළියට එන්නම්' යනුවෙන් දිවි රැක ගන්නට ගම්මුන් ඉදිරියේ ඇය බැගෑපත් විය. ඇය පසුව එළියට පැමිණි අතර ඇයට ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් පලඳවා ගිලන් රථයකින් රැගෙන යන්නට සෞඛ්ය බලධාරීන් කටයුතු කළහ.
 
වයස අවුරුදු දෙකහාමාරක් පමණ වයසැති ඇගේ දරුවා ආයුර්වේද රෝහලේ කොරෝනා ඒකකයේ ප්රතිකාර ලබන අතර මෙම කාන්තාව පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්රතිකාර මධ්යස්ථානය වෙත රැගෙන ගියේ එදින රාත්රී 11.45 ට පමණය.
 
ඇය ආගිය තැන් ගැන පරීක්ෂණ සිදුවන අතර ඇයගේ ආත්මාර්ථකාමී චේතනාව නිසාවෙන් මේ වන විට විශාල පිරිසක් කොවිඩ් අවදානමට මුහුණ දී සිටිති.
 
ඇයගේ සැමියා, සහෝදරයා, පියා පමණක් නොව මෙම කාන්තාව ගමන් කළ ත්රී රෝද රථ රියදුරු පමණක් නොව ඇයව සොයා මෙහෙයුමේ නිරත වූ ගම්මුන්ටද ඇය හොර රහසේ පිවිසි නිවෙස් හිමියන්ටද පී.සී.ආර් පරීක්ෂණ කරන්නට පමණක් නොව ස්වයං නිරෝධායනයටද යොමු වන්නට සිදුවිය.
 
මේ වන විට ඇය කළ ක්රියාවේ බරපතළකම කොතරම්ද යත් එය දණ්ඩ නීති සංග්රහයට හා නිරෝධායන පනතට අනුව බරපතළ වරදකි.
 
පසුගිය මාස එකහාමාරක කාලය තුළදී කොවිඩ් වයිරසය ආසාදනය වී රෝහල්ගත කළ පුද්ගලයන් කිහිප දෙනෙකු ඉන් පැන යාමේ සිදුවීම් වාර්තා වූ බවත් ඔවුන් සියලු දෙනාම මත්ද්රව්ය භාවිතයට ඇබ්බැහි වී සිටින පුද්ගලයන් බවත් පොලිස් මාධ්ය ප්රකාශකවරයා අවධාරණය කළේය.
 
මේ හේතුවෙන් කොවිඩ් වයිරසය ආසාදනය වන මත්ද්රව්ය භාවිතයට ඇබ්බැහි වී සිටින පුද්ගලයන්ට ප්රතිකාර ලබාදීම සඳහා විශේෂ ආරක්ෂාවක් සහිත ස්ථානයක් වෙතට යොමු කිරීමට අවශ්ය කටයුතු ගෙන ඇත.
 
සුභාෂිණි ජයරත්න
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "සිළුමිණ" පුවත්පතෙන්..




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top