ගිනිකොණ දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම තත්වය ඉදිරි දින කිහිපයේදී දිවයිනේ කාලගුණ තත්වය කෙරෙහි බලපෑම් එල්ලවනු ඇති බවටයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
ඌව මධ්‍යම උතුරු උතුරු මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි වැසි ඇතිවිය හැකියි.