Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
27
මහනුවර මහ රෝහලේ සේවකයන් දෙදෙනෙකුටත් කොරෝනා - පාර්ලිමේන්තු භෝජනාගාරයේ සේවකයෙකුත් රෝහලට - හැටන්-වල ආසාදිතයෙක් ත්‍රීවිල් එකේ තැනින් තැන සැරිසරලා - කොවිඩ් දෙවැනි රැල්ලේ අලුත්ම තොරතුරු මෙන්න - Video

- මහනුවර මහ රෝහලේ සේවකයන් දෙදෙනෙකුටත් කොරෝනා - පාර්ලිමේන්තු භෝජනාගාරයේ සේවකයෙකුත් රෝහලට - හැටන්-වල ආසාදිතයෙක් ත්‍රීවිල් එකේ තැනින් තැන සැරිසරලා - කොවිඩ් දෙවැනි රැල්ලේ අලුත්ම තොරතුරු මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,334 Views
මෙරට කොරෝනා මරණ 100ට ළඟා වෙයි.......
 
කිළිනොච්චි අනතුරින් තුවාල ලැබූ තිදෙනෙකුට බරපතලයි..!!
 
මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්යාව මේ වන විට 22,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිතයින් 251කු වාර්තා වුණා.
 
නව මරණ 3ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්යාව දැක්වෙන්නේ 99 ක් ලෙසයි.

මියගිය පිරිසට අයත් එක් අයෙක් කොලඹ 8 ප්රදේශයේ පදිංචි 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇත්තේ කොවිඩ් ආසාදනයත් සමග ඇතිවූ බැක්ටීරියා ආසාදනයක් සහ නිධන්ගත පෙනහලු රෝගයක් හේතුවෙන්.
 
අනෙක් පුද්ගලයා 80 වැනි වියේ පසුවී ඇති අතර කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු අයි.ඩිඑච්.රෝහලට ඇතුලත් කර සිටියදී මියගොස් තිබෙන්නේ අධික රුධිර පීඩනය, නිව්මෝනියාව සහ කොවිඩ් හේතුවෙන් ඇතිවූ හෘදයාබාදයක් හේතුවෙන් බවට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
 
99 වැනි කොවිඩ් මරණය ලෙස සටහන් වන්නේ පෑලියගොඩ ප්රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්.
 
ඇය කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇත්තේ අධික රුධිර පීඩනය, දියවැඩියාව, සහ කොවිඩ් ආසාදනයෙන් ඇතිවූ ආඝාත තත්ත්වයක් හේතුවෙන්.
 
පාර්ලිමේන්තු භෝජනාගාරයේ සේවකයෙකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත්තේ, ඔහු මීට දින කිහිපයකට ගමන් කළ ත්රිරෝද රථයක රියැදුරෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන්.
 
අදාළ සේවකයා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක්කිරීමෙන් අනතුරුව ඔහුට ආසාදනය වී නොමැති බවට අනාවරණ වුවත්, එය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණයකටද යොමුකර ඇති බවයි පාර්ලිමේන්තු අභ්යන්තර ආරංචි මාර්ග පැවසුවේ.
 
මේ අතර, නාරාහේන්පිට පිහිටි ලංකා හොස්පිට්ල්ස්හි පවිත්රතා කටයුතුවල නිරත වූ පෞද්ගලික ආයතනයකට අනුයුක්ත 14 දෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව නාරාහේන්පිට සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය පැවසුවා.
 
මේ අතර හැටන් - බගවන්තලාව ප්රදේශයේ කොවිඩ් ආසාදිතයෙකු සිය ත්රිරෝද රථයෙන් ස්ථාන කිහිපයක සැරිසරා ඇති අතර පොලිසිය සහ මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් විසින් එම ආසාදිතයා සිය භාරයට ගෙන හම්බන්තොට නිරෝධායන මධ්යස්ථානය වෙත යොමුකෙරුණා.
 
ආසාදිතයා කොළඹ - හෙට්ටිවීදිය ප්රදේශයේ රැකියාවක නිරතව සිට දීපාවලී උත්සවය වෙනුවෙන් බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියාවත්තේ පිහිටි තම නිවසට පැමිණීමෙන් අනතුරුව මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් ඔහු ඇතුළු පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමුකර PCR පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.
 
එහිදී ආසාදිත බවට හෙළිව ඇති අතර ඔහු සිය ත්රිරෝද රථයෙන් ස්ථාන කිහිපයක සැරිසරා ඇති බවටද අනාවරණ වී තිබෙනවා.
 
පොලිසිය සහ මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් විසින් නෝර්වුඩ්, හැටන්, පුලියාවත්ත යන ප්රදේශවල සංචාරය කරමින් සිටි ආසාදිතයාට දුරකතන ඇමතුමක් ලබාදී යළි නිවසට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති අතර පසුව ඔහු හම්බන්තොට නිරෝධායන මධ්යස්ථානය වෙත යොමුකෙරුණා.
 
ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු ආශ්රීතයින්ද නිරෝධායනයට යොමුකර ඇති අතර ඔහු සැරිසැරූ ස්ථාන සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
 
රත්නපුර පොලිසියේ සේවයේ නියුතු නිලධාරීයෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීම හේතුවෙන් ඔහුගේ ආශ්රිතයින් සියලු දෙනා ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පි යවර ගෙන තිබෙනවා.
 
මහනුවර මහ රෝහලේ කාර්ය මන්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී ඇති අතර ඔවුන් ප්රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල වෙත යොමු කර තිබෙනවා.
 
උගුර, කණ, නාසය සම්බන්ධ ප්රතිකාර සායනයේ මෙම ආසාදිතයින් හමුව ඇති අතර ඒ හේතුවෙන් අදාළ සායනය තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව රෝහල් අධ්යක්ෂ වෛද්ය ඉරේෂා ප්රනාන්දු මහත්මිය සඳහන් කළා.
 
කෑගල්ල මහ රෝහලේ වාට්ටු අංක 2 හි සේවය කරන හෙද නිලධාරිනියකට කොවිඩ් 19 ආසාදනය වූ බවට තහවුරු වීමෙන් පසුව ඇයව ප්රතිකාර මධ්යස්ථානයට යොමුකිරීමට පියවර ගෙන ඇති අතර ආශ්රිතයන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු pcr පරීක්ෂණ සදහා යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.
 
බන්ධනාගාරවලින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 821 ක් දක්වා ඉහළ ගොස් ඇති ඇත්තේ අලුතින් ආසාදිතයින් 31 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
 
වැලිකඩ බන්ධනාගාරයෙන් 12ක්, බූස්සෙන් 9ක් අලුතින් හඳුනා ගෙන ඇති අතර සති 2කට පමණ පසු කුරුවිට බන්ධනාගාරයෙන්ද එක් ආසාදිතයෙකු වාර්තා වනවා.
 
මේ අතර කොවිඩ් ආසාදිතව පොළොන්නරුව ගල්ලෑල්ල රෝහලට යොමු කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර වැලිකන්ද ප්රතිකාර මධ්යස්ථානය වෙත යොමු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කලා.
 
මේ අතර අවිස්සාවේල්ල සීතාවක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලා 3කින් ආසාදිතයින් 12ක් හඳුනාගෙන ඇති අතර ඇහැලියගොඩ දිව්රුම්පිටිය ප්ර දේශයේ ඇඟලුම් කම්හලකින්ද ආසාදිතයින් 60 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
 
මේ අතර ගම්පහ දිස්ත්රික්කයේ මහජන සෞක්ය පරීක්ෂණකවරුන්ගේ රාජකාරී වේලාව සංශෝධනය කරමින් දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂවරයා යොමු කර තිබූ ලිපියකට විරෝධය පළ කරමින් තම දෛනික රාජකාරී කටයුතු පස්වරු 4.30 න් අවසන් කිරීමට ගත් තීරණය තවදුරටත් ක්රියාත්මක කිරීමට එම සංගමය තීරණය කර තිබෙනවා.
 
නව ආසාදිතයින් 559 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්යාව දැක්වෙන්නේ 22,028ක් ලෙසයි.
 
අලුතින් හඳුනාගත් පිරිසෙන් 553 දෙනෙකු දේශීයව හඳුනාගෙන ඇති අතර විදෙස් රටවල සිට මෙරටට පැමිණි පස්දෙනා අතර ග්රීසියේ සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකුද වනවා.
 
වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 253ක්.
 
ගම්පහ දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 65ක් සහ කළුතර දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 35 ක් හඳුනාගෙන තිබෙනවා.
 
මේ හේතුවෙන් අම්පාර දිස්ත්රික්කයේ අක්කරෙයිපත්තුව ප්රදේශයද හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙන්නේ ප්ර දේශයෙන් කොවිඩ් ආසාදිතයින් 19 දෙනෙකු හමුවීමත් සමගයි.
 
මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 18,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
 
මේ අතර දෝහා කටාර් සිට පුද්ගලයින් 50 දෙනෙකුතද ඩුබායි සිට පැමිණි පුද්ගලයින් 52 කුද, ඔස්ට්රේලියාවේ සිට 190 දෙනෙකු සහ ජපානයේ සිට පුද්ගලයින් 12 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
 
ඊට අමතරව ඉතාලියේ සිට තවත් පුද්ගලයින් 75 දෙනෙකුද මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
 
මේ අතර ලෙබනනයේ සිට දිවයිනට පැමිණි ශ්රී ලාංකිකයින්256 දෙනෙකු රැගත් සුඛෝපබෝගී බස් රථයක් කිලිනොච්චිය විඩත්තපළෙයි නිරෝධායන මධ්යස්ථානයට යන අතරතුර රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන විශාල ජන නළයක වැදීමෙන් එහි ගමන්ගත් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
 
අනතුරුට පත්වූවන් පලෙයි රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනෙකු බරපතල තත්ත්යේ පසුවීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top