කොල්ලූපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත මහතා ඊයේ (26 දා) උදෑසන මිය යෑමට පෙර පස්සර පදිංචි තම බිරිඳට ජංගම දුරකථනයෙන් අමතා ඇති බව සඳහන් වෙනවා.
ඔහුගේ බිරිඳ වන සේපාලිකා හේමාමාලි මහත්මිය ඒ ගැන කියා සිටියේ මෙවැන්නක්,
‘‘කොහොමද..... ඔයා දුව ඉස්කෝලේ අද යවනවද කියල. මහත්තය මගෙන් ඇහුවා. මම කිව්වා අද දුවව ඉස්කෝලෙ යවනවා පස්සෙ පුතාව යවනවා කියලා.
මගේ මහත්තයා රාජකාරිය අකුරටම ඉටු කරනවා. එයා රස්සාවට ආදරෙයි. මීට පෙර ජයවර්ධනපුර රෝහලේදී පපුවේ සැත්කමක් කර තිබුණා.
ඒ හින්දා මම එයාට කිව්වා ව්‍යායාම් කරලා මහන්සි වෙන්න හොඳ නැහැ, වෛරස් එකක් රටේ පැතිරී තිබෙන හින්ද හුඟාක් ප්‍රවේශම් වෙන්න කියලා. එයා ඒකට මුකුත් කිව්වේ නැහැ.
හැමදාම වගේ එයා උදේට අපිට කතා කරනවා. මහත්තයා ලබන අවුරුද්දෙ මහියංගනයට මාරු වෙලා එන්න සූදානමින් හිටියා. අපි මහියංගනය පැත්තේ ගෙයක් හදනවා. තාමත් එහි වැඩ ඉවර කර ගන්න බැරි වුණා. බාගෙට හදලයි තියෙන්නේ. මහත්තයා මියගිය ආරංචිය ලැබුණා. දැන් අපේ බලාපොරොත්තු සේරම බොඳ වුණා..."