පාස්කු ප් රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අවසන් වරට සාක්ෂි ලබාදීමට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ එහි පැමිණියේ 14 වෙනි දිනටයි.
''අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ් යෙෂ්ඨ නියෝජ් ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා මෙම කොමිසමේ සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා, වනාතවිල්ලුවේ සොයාගැනීමෙන් යම් ත් රස්ත ප් රහාරයක් විය හැකි බව හදුනාගෙන ඔබට දැන්වුවා කියලා. ඔබට ඒ තොරතුර ලැබුණම ඇයි ඔබ ඒ ගැන නොතැකුවේ ?"
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර -
" ස්වාමීනි මම මේ කරුණ දැනගත්තේ කොමිසමේදී. දැන් තමයි ඒ කරුණු තාක්ෂණිකව බද්ධ වෙනවා කියලා පේන්නේ. ඒ කාලේ තියෙන්නේ මතකය විතරයි. රවී සෙනෙවිරත්න මහතා එහෙම කිව්වද කියලා නම් මතකයක් නැහැ. හැබැයි එතුමා කියන්නත් ඇති. රවී සෙනෙවිරත්න මහත්තයා ඔය වව්වනතිව් ගැන එහෙම කරලා තිබුණ පරීක්ෂණ ගැන මම දැනගත්තේ මේ කොමිසමේ සාක්ෂි දෙනකොට. මට මේවා දැනුවත් කළා කියලා මතකයක් නැහැ. කවුරු හරි කියන්න එපා කිව්වද දන්නෙත් නෑ."
ජනාධිපති කොමිසමේ විශ් රාමික අභියාචනාධිකරණ විනිසුරු
" ඔබට අප් රේල් 20 රෑ තොරතුරක් ලැබුණානෙ 4 වෙනිදා ආපු විදෙස් බුද්ධි තොරතුරේ development එකක් විදියට ප් රහාරයක් එල්ල වෙනවා කියලා. ඒ කලින් ආපු තොරතුරේ තිබුණා පල්ලිවලට ගහන්න ඉලක්ක වෙලා තියෙනවා කියලා. එතකොටවත් හිතුණේ නැත්ද 20 වෙනිදා රෑ ඔබට හෙට පාස්කු ඉරිදා නිසා හෙට මේක වෙන්න පුළුවන් කියලා ?"
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර
" ස්වාමීනි ඒකෙ තිබුණේ රාජ් ය බුද්ධි සේවය දුන් තොරතුරක් නෙවෙයි. ඔවුන් මේ පිටින් ආපු තොරතුරක්නෙ දුන්නෙ. මං ඇහුවා ඕගොල්ලන් මුකුත් හොයා ගත්තද කියල. එතකොට නැහැ කිව්වා. එතකොටවත් නිශ්චිත නැහැනෙ ස්වාමීනි. ඒ තොරතුර මුල ඉදලම ස්ථීර තත්ත්වයක තිබුණේ නැහැ "
ජනාධිපති කොමිසමේ විශ් රාමික අභියාචනාධිකරණ විනිසුරු
" ඔබ කියන්නේ ඒක අඩමාන තොරතුරක් කියලාද ?"
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර
අනතුරුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සංවේදී වෙමින් කොමිසම හමුවේ සඳහන් කළේ පාස්කු ප් රහාරයට පසුව තමන් මාස හතරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු නිසා ඒ අතරතුර යෙදී තිබුණු පුතුගේ විවාහ මංගල් යයටද සහභාගීවීමට තමාට නොහැකි වූ බවයි.
ඒ සඳහා තමන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කළද ඊට කිසිදු ඉඩක් නොලැබුණු බව පූජිත් ජයසුන්දර මහතා හඬමින් සඳහන් කළා.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර
"ස්වාමීනි මේ කොමිසමේ සාක්ෂි විමසීම් දෙස බලනකොට දැන් හැමෝටම තේරිලා තියෙනවා කොහෙද වැරදුණේ, කොතනද වැරැදුණේ, කාටද වැරදුණේ, කවුද වැරද්දුවේ කියලා.
පූජිත් ජයසුන්දර මහතාගේ ඉල්ලීමක් මත ඔහුගේ අවසන් සාක්ෂියේ අවසන් කොටස මාධ් යයට විවෘත වූයේ නැහැ . VIDEO