මේ අතර, ඊයේ මෙරටින් හමුවූ ආසාදිතයින් 559 දෙනාගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත් රික්කයේ පදිංචිකරුවන් වන අතර, එම සංඛ් යාව 253ක්. 65 දෙනෙකු ගම්පහ දිස්ත් රික්කයෙන්, 35 දෙනෙකු කළුතරින් සහ රත්නපුරෙන් ආසාදිතයින් 33 දෙනෙකු ඊයේ සොයාගෙන තිබෙනවා.
කොළඹ දිස්ත් රික්කයෙන් වැඩිම ආසාදිතයින් සංඛ් යාවක් සොයාගෙන ඇත්තේ දෙමටගොඩ සෞඛ් ය වෛද් ය නිලධාරී කොට්ඨාශයෙන් වන අතර එම සංඛ් යාව 50ක්.
ඊට අමතරව ග් රෑන්ඞ්පාස් ප් රදේශයෙන් 40 දෙනෙකු, කොටහේන - බ්ලූමැන්ඩල් ප් රදේශවලින් 39 දෙනෙකු, බොරැල්ල ප් රදේශයෙන් ආසාදිතයින් 22 දෙනෙකු ඊයේ අලුතින් කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු කරගෙන තිබෙනවා.
මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 22,028 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 15,816 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි කොවිඩ්19 ව් යාප්තිය වැළැක්වීමේ ජාතික ක් රියාන්විත මධ් යස්ථානය සඳහන් කළේ.
මේ අතර, බන්ධනාගාරවලින් වාර්තාවන කොරෝනා ආසාදිත සංඛ් යාව මේ වනවිට 821 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අලුතින් ආසාදිතයන් 31 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.
වැලිකඩ බන්ධනාගාරයෙන් 12 දෙනෙකු, බූස්ස බන්ධනාගාරයෙන් 9 දෙනෙකු අලුතින් හඳුනාගත් ආසාදිතයන් අතර වන අතර, සති දෙකකට පසු කුරුවිට බන්ධනාගාරයෙන්ද එක් ආසාදිතයෙකු වාර්තාවී තිබෙනවා.
රත්නපුර පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇති බව රත්නපුර මහජන සෞඛ් ය පරීක්ෂක සී.පී. ඩබ්ලිව්. විතානගේ ප් රකාශ කළා.
ගාලු මුවදොර පිටියේ ශරීර සුවතාවල නිරතව සිටියදී හදිසියේ මියගිය කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.
ඊයේ දිනයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන්ද අනාවරණ වුණේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවටයි.
මේ අතර, කෑගල්ල මහ රෝහලේ වාට්ටු අංක 2 හි සේවය කරන හෙදියකට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඒ අනුව එම හෙදියගේ ආශ් රිතයන් වූ වෛද් ය කාර්ය මණ්ඩලයේ හයදෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකරන බවත්, ආසාදිත හෙද නිලධාරිනිය ප් රතිකාර මධ් යස්ථානයක් වෙත යොමුකර ඇති බවත් කෑගල්ල මහ රෝහලේ අධ් යක් ෂිකා වෛද් ය මිහිරි ප් රියංගනී ප් රකාශ කළා.
හැටන් - බගවන්තලාව ප් රදේශයෙන් තවත් ආසාදිතයන් පස්දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඉන් එක් ආසාදිතයෙකු නිරෝධායනයට ලක් කර සිටියදී පී.සී.ආර්. පරීක්ෂණය සිදුකර එහි ප් රතිඵල පැමිණීමට පෙර ත් රිරෝද රථයකින් හැටන්, නෝවුඩ් ඇතුලු ප් රදේශ රැසක සංචාරය කර ඇති අතර, මංගල උත්සවයකටද සහභාගිවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මොහු කොළඹ - හෙට්ටිවීථිය ප් රදේශයේ රැකියාවක නිරතව සිට දීපවාලි උත්සවය වෙනුවෙන් බගවන්තලාවේ පිහිටි තම නිවසට පැමිණ ඇත්තේ පසුගිය 17 වනදායි.
අවිස්සාවේල්ල - සීතාවක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලා තුනකින්ද ආසාදිතයන් 12 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
පසුගිය 24 වනදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම ඇහැලියගොඩ - දිවුරුම්පිටිය ප් රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවකින්ද ආසාදිතයන් 60 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන තිබෙනවා.
මේ අතර, ගම්පහ දිස්ත් රික්කයේ මහජන සෞඛ් ය පරීක්ෂකවරුන් රාජකාරි වේලාව සංශෝධනය කරමින් දිස්ත් රික් සෞඛ් ය සේවා අධ් යක් ෂවරයා යොමුකළ ලිපියකට විරෝධය පළ කරමින් තම දෛනික රාජකාරි පස්වරු 4.30 න් අවසන් කිරීමට ගත් තීරණය තවදුරටත් ක් රියාත්මකයි.
එහි බලපෑමෙන් කටාන සෞඛ් ය වෛද් ය නිලධාරි කොට්ඨාසයේ රෝගින් හයදෙනෙකු රෝහල් ගතකිරීම තවදුරටත් ප් රමාදවී තිබෙනවා.
එමෙන්ම සීදූව ප් රදේශයෙන් වාර්තාවූ ආසාදිතයන් තුන්දෙනෙකු ද ඒ හේතුවෙන් රෝහල් ගතකිරීම ප් රමාද වූ බවයි ශ් රී ලංකා මහජන සෞඛ් ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී. කුලතිලක සඳහන් කළේ.
අද පාර්ලිමේන්තුවේදී කොරෝනා ව් යාප්තිය හමුවේ අසීරුතාවට පත්ව සිටින ජනතාවට ලබාදෙන පහසුකම් පිළිබදව විපක්ෂ නායක සජිත් ප් රේමදාස ප් රශ්න කිරීමේදී ඊට රාජ් ය අමාත් ය ෂෙහාන් සේමසිංහ පිළිතුරු ලබාදුන් අතර ඊට පාර්ලිමේන්තු මන්ත් රී මුජිබර් රහුමාන්ද එක්වුණා. VIDEO