Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
27
“..මම විශ්වාස කරනවා දවසක අපිට අහසේ ඉඳන් සෙල්ලම් කරන්න ලැබේවි කියලා.” - පාපන්දුවෙන් ලොවක් වසඟයට ගත්, අඩි 5යි අගල් 5 උසැති හුරුබුහුටි ක්‍රීඩකයා-ගේ වියෝව ගැන, බ්‍රසීලයේ පේලේ ලියූ සංවේදී සටහන - Photos

- “..මම විශ්වාස කරනවා දවසක අපිට අහසේ ඉඳන් සෙල්ලම් කරන්න ලැබේවි කියලා.” - පාපන්දුවෙන් ලොවක් වසඟයට ගත්, අඩි 5යි අගල් 5 උසැති හුරුබුහුටි ක්‍රීඩකයා-ගේ වියෝව ගැන, බ්‍රසීලයේ පේලේ ලියූ සංවේදී සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,089 Views
“ඒක ඉතාමත් කණගාටුදායක ප්රවෘත්තියක්. මට මගේ හොඳම යාළුවෙක් අහිමි වුණා.”
 
“ඒ වගේම ලෝකයට විශිෂ්ට ක්රීඩකයෙක් අහිමි වුණා....”
 
ලොව බිහිවූ විශිෂ්ටතම පාපන්දු ක්රීඩකයකු ලෙස සැලකෙන ආර්ජන්ටිනාවේ ඩියේගෝ මරඩෝනා පෙරේදා රාත්රීයේ හදිසි හෘදයාබාධකින් සිය ජීවිත ගමනට සමුදුන්නා.
 
මිය යන විට 60 වියේ පසු වූ මැරඩෝනා වෙනුවෙන් ආර්ජන්ටිනා ජනාධිපති විසින් දින් තුනක ජාතික ශෝක කාළයක් ද ප්රකාශයට පත් කර තිබෙනවා.

20 වැනි සියවසේ ලොව විශිෂ්ටතම පාපන්දු ක්රීඩකයා ලෙසින් සැලකෙන ආර්ජන්ටිනාවේ ඩියේගෝ මරඩෝනා ඊයේ සිය නිවසේදී දිවි ගමනට සමුදුන්නේ හෘදයාබාධයක් හේතුවෙන්.
 
කොකේන් ඇතුළු මත්ද්රව්යවලට සහ මත්පැන් පානයට ඇබ්බැහිවී සිටි මැරඩෝනාට අවස්ථා කිහිපයකදීම ශල්යකර්ම කිහිපයකටම මුහුණ දෙන්නටත් සිදු වුණා.
 
ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හිදී ජීවිත ගමනට සමුදෙන විට 60 වැනි වියේ පසු මැරඩෝනාට මීට මාසයකට පෙර මොළයේ ඇති වූ රුධිර සිරවීමක් නිසා ශල්යකර්මයකට මුහුණ දුන් අතර එම ශල්යකර්මයෙන් අනතුරුව ඔහු සිය නිවසට පැමිණියේ මීට දින කිහිපයකට පෙරයි.
 
තම ආදරණීයයාගේ නික්ම යෑම සැලවීමත් සමගින් මැරඩෝනාගේ නිවස ඉදිරිපිටට ක්රීඩා ලෝලීන් දිව ආවේ කදුළු පිරි දෙනෙතින් යුතුවයි.
 
ඒ වන විටත් ඔහුගේ නිවස ආසන්නයට ගිලන් රථ 10කට ආසන්න ප්රමාණක් පැමිණ තිබූ බවත් එරට මාධ්ය වාර්තා කර තිබුණා.
 
ආර්ජන්ටිනාවේ විශිෂ්ටතම පුද්ගලයා ලෙසින්ද පිදුම් ලබන මැරඩෝනාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් විශේෂ ශෝක පණිවිඩයක් නිකුත් කරමින් එරට ජනපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් දින තුනක ජාතික ශෝක කාලයක්‌ ප්රකාශයට පත් කරන්නට පියවර ගත්තා.
 
මේ ආර්ජන්ටිනාව සහ ලෝකය මැරඩෝනා වෙනුවෙන් ශෝකය පළ කළ ආකාරයයි.
 
එමෙන්ම ලොව සියළුම පාපන්දු ක්රීඩකයන් සිය සහෝදර පාපන්දු තරුවගේ හදිසි වියෝව වෙනුවෙන් සිය TWITTER ගිණුම් වල සටහන් තබමින් ශෝකය පළකර තිබුණා.
 
ඒ අතරට ලොව සුපිරි පාපන්දු ක්රීඩක බ්රසීලයේ පේලේ, මැරඩෝනා වෙනුවෙන් තැබූ සටහනේ සඳහන් වන්නේ “ඒක ඉතාමත් කණගාටුදායක ප්රවෘත්තියක්. මට මගේ හොඳම යාළුවෙක් අහිමි වුණා. ඒ වගේම ලෝකයට විශිෂ්ට ක්රීඩකයෙක් අහිමි වුණා. මම විශ්වාස කරනවා දවසක අපිට අහසේ ඉඳන් සෙල්ලම් කරන්න ලැබේවි කියලා.” යනුවෙන්.
 
1960 වසරේ ඔක්තෝබර් 30 වැනිදා උපත ලැබූ ඩියේගෝ ආමන්ඩෝ මැරඩෝනා ජාත්යන්තර පාපන්දු පිටියේ ප්රකට වුණේ ඩියේගෝ මැරඩෝනා ලෙසටයි.
 
සිය පාපන්දුවෙන් ලොවක් වසගයට ගන්නට අඩි 5යි අගල් 5 උසැති මේ හුරුබුහුටි ක්රීඩකයා සමත්වුණේ සුදු මෙන්ම ලානිල් පැහැයෙන් යුත් ආර්ජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායමට ආවේණික ජර්සියේ අංක 10 හිමිකරු වෙමින්.
 
1986 වසරේ දී ආර්ජන්ටිනාවට පාපන්දු ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබමින් ජගත් පාපන්දු කිරුළ රැගෙන ගියේ ද ඩියේගෝ මැරඩෝනාගේ නායකත්වයෙන්.
 
එහිදී අර්ධ අවසන්පූර්ව තරගයේදී එංගලන්තය හමුවේ ඔහු වාර්තා කළ ගෝලය HAND OF GOD හෙවත් දෙවියන්ගේ හස්තය ලෙසටයි ප්රකට වුණේ.
 
එම තරගයේදී ඔහු රැස්කළ අනෙක් ගෝලය සැලකෙන්නේ ලොව එතෙක් මෙතෙක් පාපන්දු පිටියේදී ක්රීඩකයෙකු වාර්තා කළ විශිෂ්ඨතම ගෝලයක් ලෙසටයි.
 
වයස අවුරුදු 16 වන විට ආර්ජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායමට එක්වීමට වරම් හිමිකර ගන්නට සමත් වූ මැරඩෝනා ජගත් පාපන්දු පිටියට සමුදෙන විට තරග 91කදී ගෝල 34ක් වාර්තා කර සිටියා.

No description available.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top