කිලිනොච්චිය විඩත්තපලෙයි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගමන්කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
ලෙබනනයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.
අනතුර හේතුවෙන් 17 දෙනෙකු තුවාල ලබා පලෙයි රෝහලට ඇතුලත්කර තිබෙනවා.
ඉන් බරපතළ තත්වයේ පසුවූ රියදුරු ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තාවන්නේ.
රියදුරුට නින්ද යාම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ජලනලයක ගැටී නතරවී තිබෙනවා.
පලෙයි පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.