කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන ඇහැලියගොඩ අධ්‍යපන කලාපයේ පාසල් 7ක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ පවතින තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බවයි.
මේ අතර කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමත් සමඟ තවත් ප්‍රදේශ කිහිපයක පාසල් කිහිපයක්ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ කාර්යාල කාර්ය සහයකවරයෙකු කොළඹ ප්‍රදේශයට පැමිණි අවස්ථාවකදී අහඹු ලෙස කළ PCR පරීක්ෂණයකින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාල බලප්‍රෙද්ශයේ ඇති මින්නේරිය ජාතික පාසලේ ගුරුවරුන්ගේ පැමිණීම අද පැවතියේ ඉතා අවම
මට්ටමකයි.
ඒ අනුව අද පාසලට පැමිණි දරුවන් පෙරවරු 8.30 පමණ වන විට නැවත හරවා යැවුණා.
හැටන් - කුයිල්වත්ත දෙමළ විද්‍යාලයේ සිසුවෙකුට කොවිඩ් ආසාදිත බවට වාර්තා වීමත් සමඟ එම පාසලටද අද සිසුන් පැමිණ සිටියේ නැහැ.
ආසාදිත සිසුවාගේ ආශ්‍රිත සිසුන් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර පාසල විශබීජහරණය කිරීමේ කටයුතුද සිදු කෙරුණා.
මේ අතර කෑගල්ල - රුවන්වැල්ල - ඉඹුලාන ශ්‍රී සේන මහා විද්‍යාලයේ සිසුවෙකුගේ මවකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට වාර්තා වීම හේතුවෙන් එම පාසලේ සිසුන් කිසිවෙකු අද පැමිණ සිටියේ නැහැ.
විදුහල්පතිවරයා සඳහන් කළේ, සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර ලබන සතියේ පාසල ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි.
මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් අසාදිතයින් වාර්තාවීම ඉහල යාමත් සමග ඇහැලියගොඩ කලාපයේ පාසල් 7ක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
අනෙකුත් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.
මේ අතර කොවිඩ් ව්‍යාප්තියත් සමඟ වසා දමා තිබූ යටියන්තොට මහජන පොළ ඊයේ සිට යළි විවෘත කෙරුණා.
කෙසේ වෙතත් එහිදී මුව ආවරණ නොපැළඳීම ඇතුළු අනෙකුත් සෞඛ්‍ය උපදදෙස් කඩකළ පුද්ගලයින් 9 දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර හුදෙකළා කර ඇති මෝදර උයන මහල් නිවාස සංකීර්ණයේ ජනතාව වෙනුවෙන් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම අද සිදු කෙරුණේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන මහතාගේ ප්‍රධානත්වයෙන්.