මිනුවන්ගැටේ පාළුවැව තාවුල්ලේදී තරුණයන් දෙදෙනකුගෙන් එක් අයකු වල් උෟරන්ට ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇති බව වාරියපොළ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වාරියපොළ මිනුවන්ගැටේ එබවලපිටිය ගමේ පදිංචිව සිටි තෙන්නකෝන් මුදියන්සේලාගේ කැළුම් ප්‍රදීප් තෙන්නකෝන් (25) නමැති තරුණයෙකි.
වල් ඌරන්ගෙන් සිදුවන හානිවලට යාබද කුඹුරේ ඇද තිබූ විදුලි රැහැනක ඔහු පැටලී ඇති බවත් ඔහු බේරාගැනීමට ගිය මියගිය අයටද විදුලි සැර වැදී ඇති බවත් මුලින් පැටලුණු පුද්ගලයා බේරී ඇති බව දැනට කළ
පරීක්‍ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
මරණය සම්බන්ධව මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීමෙන් පසු පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර ඇති අතර ඊයේ (26දා) පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට පියවර ගෙන ඇතැයි පොලිසිය පවසයි.
වාරියපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිලන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්‍ෂක ආර්.එම්. ආර්. රාජපක්‍ෂ හා පොලිස් සැරයන් සේනාරත්න (5830) යන මහත්වරු මරණය සම්බන්ධව වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
කුරුණෑගල - විජේසිංහ වැලිකන්ද
මව්බිම