ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හා මාලදිවයිනේ ආරක්ෂක ඇමතිනී මාරියා අහමඩ් අද දිවයිනට පැමිණීමට නියමිතයි.
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා දිවයිනට පැමිණෙන දෙවන අවස්ථාව මෙය වන අතර, ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ද හින්දු පුවත්පත වාර්තා කළේ.
එමෙන්ම, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හා මාලදිවයිනේ ආරක්ෂක ඇමතිනියගේද සහභාගීත්වයෙන් කලාපීය සහයෝගීතාවය සම්බන්ධයෙන් ත්‍රෛපාර්ශවීය සාකච්ඡාවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.
මීට පෙර චීන සහ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු දිවයිනට පැමිණි අතර ඉන් අනතුරුව මෙලෙස ඉන්දියාවේ සහ මාලදිවයිනේ ඉහල පෙළේ රාජතාන්ත්‍රිකයන් දෙදෙනෙකු දිවයිනට පැමිණෙන්නේ.