ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගය ලකුණු 4 කින් ජයගැනීමට Colombo Kings කණ්ඩායම සමත් වුණා.
ඒ, සුපිරි පන්දුවාරයේදී Kandy Tuskers කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනු Colombo Kings කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළේ, ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.
ඒ අනුව පන්දුවට පහර දුන් Kandy Tuskers කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 219 ක්.
එහිදී නායක කුසල් පෙරේරා පන්දු 52 ක් තුළ ලකුණු 87 ක් ලබා ගැනීමට සමත් වුණා.
අනතුරුව පිළිතුර ඉනිම ක්‍රීඩා කළ Colombo Kings කණ්ඩාම ද පන්දුවාර 20 ක් තුළ 7 ක් දැවි ලකුණු 219 ක් ලබා ගැනීමටයි සමත් වුණේ.
ඒ අනුව තරගයේ ජයග්‍රහණ සුපිරි පන්දුවාරයේදී තීරණය කිරීමට විනිසුරුවන් කටයුතු කළා.
සුපිරි පන්දුවාරයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Colombo Kings කණ්ඩායම එක් කඩුල්ලක් දැවි ලකුණු 16 ක් රැස් කරගත් අතර ඊට පිළිතුරු ලෙස Kandy Tuskers කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 12 ක් පමණයි.
තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ දිනේෂ් චන්දිමාල් විසින්.
තරගය පැවැත්වුණේ හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.