Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
26
“මම එයාව මරන්න හිතාගෙන මුකුත් කළේ නෑ සර්. ඒ තරම් තදින් ඇල්ලුවෙත් නෑ, එකපාරම එයා වැටුණා..” - 41 හැවිරිදි සිය පෙම්වතිය හෝටල් කාමරයක් තුළදී ඝාතනය කළ, 24 හැවිරිදි චමින්ද කියූ, පොලිස් නිලධාරින් පුදුමයට පත් කළ බිහිසුණු කතාන්දරය

- “මම එයාව මරන්න හිතාගෙන මුකුත් කළේ නෑ සර්. ඒ තරම් තදින් ඇල්ලුවෙත් නෑ, එකපාරම එයා වැටුණා..” - 41 හැවිරිදි සිය පෙම්වතිය හෝටල් කාමරයක් තුළදී ඝාතනය කළ, 24 හැවිරිදි චමින්ද කියූ, පොලිස් නිලධාරින් පුදුමයට පත් කළ බිහිසුණු කතාන්දරයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,115 Views
“මිනිය ඇඳ යටට තල්ලු කරලා දාලා පාන්දර වෙනකම් කාමරේට වෙලා හිටියා..”
 
“මම එයාගේ මූණට තට්ටු කර කර කතා කළාම එයා කතා කළේ නෑ.”
 
“වතුර ඉහලත් බැලුවා. ඒත් සද්දයක් නෑ...”
 
මීට මාස හයකට පමණ පෙර සිට වරින් වර පැමිණ හෝටලයේ ලැගුම් ගන්නා යුවළ මේ එන්නේ හොර ගමනක් බව එහි හිමිකරු හොඳින්ම දැන සිටියා.
 
ප්රශ්න ඇති වන්නේ ජෝඩුවේ කාන්තාව බාල වයස්කාරියක් වුවහොත් පමණයි. එහෙත් මේ කාන්තාව දුටුවිට බාලවස්කාර නොව ඇය සමඟ එන තරුණයා ළාබාල යැයි පෙනෙන්නට වුනා.

පැමිණෙන සෑම දිනකම කාමරය කුලියට ගන්නේ තරුණයාගේ ජාතික හැඳුනුම් පත ඉදිරිපත් කරමිනුයි. එබැවින් ඔහුගේ වයස 24 ක් වුනා. නීතිමය ප්රශ්නයක්ද ඇත්තේම නැහැ.
 
මේ යුවළ පසුගිය අටවැනිදා සවස පහමාරට පමණ හෝටලයට පැමිණ කාමරයක් කුලියට ගත්තේ සුපුරුදු පරිදි තරුණයාගේ හැඳුනුම්පත ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
 
මෙම හෝටලත් නිවසත් සාදා ඇත්තේ එකම ගොඩනැගිල්ලේ. නිවස පහළ තට්ටුවේ ඇති අතර උඩ තට්ටුවේ කාමර පහක් සාදා කුලියට ලබා දෙනු ලබයි. මොවුන්ට ලැබෙන්නේ නිවසට අල්ලා සෑදූ ඇනෙක්සියක් බදු කාමරයයි.
 
එය මේ යුවළට බොහෝ නිස්කලංක එකක් වුණා. සෑම අවස්ථාවකදීම පාහේ රාත්රීය උදාවන තුරු දෙතුන් වතාවක් එළියට යෑම ඇතුළට ඒම මේ දෙදෙනාගේ පුරුද්දක් වී තිබුණා.
 
මේ දෙදෙනා කාමරයේ සිටින බව හෝටලයේ හිමිකරු තහවුරු කර ගන්නේ එහි විදුලි පංකාවෙන්.
 
ඒ හඬ මේ දෙන්නාට ගෙනාවේ සහනයක්. එහි ශබ්දය නිසාම ඔවුන්ගේ රංඩු සරුවල් එළියට ඇසුනේ නැහැ.
 
රාත්රීය ගෙවී ගොස් පසුදා පහන් වුණා. හෝටලයේ හිමිකරු සුපුරුදු පරිදි සිය ගෙවත්තේ ඇවිද යන්නට පටන් ගත්තා. ඒ අතර මේ කාමරයට ද අවධානය යොමු වුණා.
 
"ෆෑන් එක දාලා නෑ වගේ. මේ දෙන්නා කාමරෙන් ගිහින් වත්ද"
 
එලෙස සිතූ හිමිකරු කාමරයේ දොර අසළට ගොස් විපරම් කළා. දොර යන්තමට විවරව ඇති බව ඔහු දුටුවා. යතුරද ඇතුළ් පැත්තේ දොර කටේ තිබෙන බව ඔහු දුටුවා.
 
"මේ දෙන්නා දොරත් ඇරන් මොනවා කරනවද? කාමරේ ඇතුළේ කිසිම සද්ද බද්දයක් නෑ..."
 
එලෙස සිතූ ඔහු දොරට ගසමින් තරුණයාට අඬ ගසන්නට පටන් ගත්තා. නමුත් ප්රතිචාරයක් ලැබුණේ නෑ. දොරට ගසද්දි දොර විවෘත වූ පසු ඇතුළට ගියත් ඔහුට විශේෂත්වයක් පෙණුනේ නැහැ.
 
ඇඳ යට යමක් ඇති බවට ඡායාවක් දුටුවත් කාමරයේ පැවති අඳුරත් සමඟ ඒ කුමක් දැයි පැහැදිලිව පෙණුනේ නැහැ.
 
වහා නිවසට ගිය ඔහු සිය බිරිය සමඟ ද මේ කාමරයේ පවතින අමුත්ත ගැන පවසා යළි කාමරයට එන්නේ විදුලි පන්දමත් රැගෙනයි. එහි ඇඳ යටට එය එල්ල කොට බැලූ විට ඔහුට දෙවියන් බුදුන් සිහිවූයේ සිදුවී ඇත්තේ කුමක් දැයි වටහා ගත නොහැකිවයි.
 
කාමරය කුලියට ගත් යුවළේ කාන්තාව ඇඳ යට උඩු බැලි අතට නිරුවතින් වැටි සිටියා. ඇය මරා දමා ඇති බවට සැකයක් නැහැ. ඇගේ පෙම්වතාද පෙනෙන්නට සිටියේ නැහැ.
 
බියට පත්ව කාමරයෙන් පැන ගත් ඔහු පොළොන්නරුව පොලිසියට ඇමතුමක් දී සිද්ධිය සැළ කර සිටියා.
 
පොලිසිය පැමිණ එම සිරුර පරීක්ෂා කළා. නිරුවත් සිරුර ඇඳ යට මැදට වෙන්නට වැටී තිබුණා. ඇගේ මුවෙන් රුධිරය ගලා ගොස් ඇති බවක් ද දිස් වූවා.
 
කාමරයේ ඇඳ පිටුපස බියර් කැන් හතරක්. එමෙන්ම බාගෙට බිව් වතුර බෝතලයක් හා ඇගේ ඇඳුම් බෑගය පමණක්ම තිබුණා. විස්තර සොයා බැලීමේදී ඇගේ ඝාතකයා හඳුනා ගැනීම එතරම් අපහසු වූයේ නැහැ. ඒ පෙම්වතාගේ හැඳුනුම්පත ද හෝටල් හිමිකරු සතු වීම නිසයි.
 
ඉන් අනතුරුව සැකකරු සෙවීමේ මෙහෙයුම ඇරඹුනා.
 
ඔහු නමින් චමින්ද චතුරංග. පදිංචිය බකමූණ ප්රදේශයේයි. වයස අවුරුදු 24යි.
 
ඔහු අතින් ඝාතනයට ලක්ව තිබුණේ කමලා රංජනි නම් 41 හැවිරිදි තිදරු මවක්. ඇගේ දරු තුන් දෙනාම පුතුන්.
 
වැඩිමල් පුතු 21 හැවිරිදි වියෙත් දෙවැනියා 15 වැනි වියෙත් බාලයා 11 වන වියෙත් වුනා.
 
ඇගේ ජීවිත කතාව ඇසූ පොලිසියට ඈ ගැන ඇති වූයේ අනුකම්පාවක්. ඒ ඇය සිය දරුවන් උදෙසා වෙහෙස මහන්සි වී වැඩ කළ කතක් වීම නිසයි.
 
ඇය ඉතා දුප්පත් කාන්තාවක් වූ අතර ඇගේ සැමියා මීට වසර දහයකට පෙරදී දරු පවුල හැර යන්නේ බාල දරුවා ඉපදී ටික කලක් ගත වුණායින් පසුවයි. ඒ තහනම් ගහක ගෙඩි සොයාගෙනයි.
 
සැමියා හැර ගිය පසු ඇය හෝටලයක කම්කරු රැකියාවක් සොයා ගත්තා. හෝටලයේ ලැගුම් ගැනීමට එන අයගෙනුත් ඇයට යම් සන්තෝසමක් ලැබුණා.
 
දරු තිදෙනාට අඩුවක් නොකළ ඇය ඔවුන්ගේ අධ්යාපනය වෙනුවෙන් විය හියදම් කළා.
 
මෙසේ කාලය ගත වෙද්දි ඇයට හෙනහුරා වැහෙන්නේ අහම්බෙන්. ඇය යම් භාණ්ඩයක් මිලදී ගැනීමට යාමේදී ඇයට චමින්දව අහම්බෙන් මෙන් මුණ ගැසුණා. ඔහු බුලත් විටක් ගැනීමටයි පැමිණ සිටියේ. එදින හමුවූ පළමු දිනම දුරකථන අංක හුවමාරු කරගත් ඔවුන් ගේ ඇසුර දුර දිග යන්න වැඩි කාලයක් ගත වූයේ නැහැ.
 
කෙසේ හෝ මේ ඝාතනය සිදු කළ චමින්ද බකමූණ පොලිසියට ගොස් භාර වී තිබුණේ සැඟවි සිටිම නුවණට හුරු නැති බව දැනගැනීම නිසයි.
 
අනතුරුව ඔහු පොළොන්නරුව පොලිසියට බාර දීමෙන් අනතුරුව විනෝදයට පටන් ගත් ගෝරිය ඇස් රතුවී අවසන් වූ අයුරු ඔහු පැහැදිලි කළා.
 
"මම එයාව මරන්න හිතාගෙන මුකුත් කළේ නෑ සර්. මම උඹව මරනවා කියලා මම මගේ අත් දෙකෙන් එයාගේ බෙල්ල ඇල්ලුවේ විහිලුවට වගේ. ඒ තරම් තදින් ඇල්ලුවේත් නෑ. ඒත්... එකපාරම සිහි නැතුව වගේ වැටුණා..."
 
ඔහු එළෙස සියල්ලම හෙළි කරන්න පටන් ගත්තා.
 
"බියර් කෑන් හතරෙන් දෙකක් එයා බිව්වා. අනික් දෙක මම බිව්වා. අපි බිම රෙද්ද එලාගෙන නිදාගන්න ගිහින් ලිංගිකවත් එකතු වුණා.."
 
"මම බුලත් කනවට එයා කැමති නෑ. එදා යද්දිත් මම බුලත් පුවක් වගේම ගිරේත් අරගෙනයි ගියේ. බුලත් කන්න ගියාම එයා මට බැන්නා. බැනලා ගිරේ අරගෙන මට ගහන්න වගේ ගියා. මම ඒක උදුරලා අරන් පැත්තක තියලා අත් දෙකෙන්ම එයාගේ බෙල්ල ඇල්ලුවේ මරන්න හිතාගෙන නෙවෙයි... ඒත්.. එයාට එකපාරම සිහිය නැතිවුනා.."
 
"මම එයාගේ මූණට තට්ටු කර කර කතා කළාම එයා කතා කළේ නෑ. වතුර ඉහලත් බැලුවා. ඒත් සද්දයක් නෑ. එයා මැරිලා කියලා මට තේරුණා.."
 
"මම මහා අමාරුවක වැටුණා කියලා මට තේරුණා. මම එයාගේ මිනිය ඇඳ යටට තල්ලු කරලා දාලා පාන්දර වෙනකම් කාමරේට වෙලා හිටියා. මේක වෙද්දි වෙලාව රෑ දොළහ වගේ ඇති.."
 
"පාන්දර හතරට මම මගේ බඩු ටිකත් අරගෙන ආපු ත්රීවිල් එකේම ගෙදර ගියා. ගිහින් අම්මාටයි තාත්තාටයි කිව්වා වෙච්ච දේ.. ඒ දෙන්නා හොඳටම බය වුණා. දුක් වුණා. මම කිව්වා මට බකමූණේ ඕඅයිසී මහත්තයාට බාර වෙන්න ඕනි කියලා..."
 
ඔහු මෙසේ සියල්ල හෙළි කර තිබුණා.
 
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව රංජනිගේ සිරුර වැඩිමහල් සහෝදරයා විසින් බාරගෙන අවසන් කටයුතු සිදු කරනු ලැබුවා.
 
මෙම ලිපිය "තක්ෂිලා ජයසේකර" විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරින් සැකසිණි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top