Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
26
“...අනේ මහත්තයෝ මට කරදර කරන්න එපා. මගේ අහිංසක දරු පැටව් තනියෙන්..” - කටඋත්තරයක් ගන්න තියනවා කියලා, පොලිස් වෙසින් ආපු නරුමයෝ තුන් දෙනෙක්, අම්මා කෙනෙකුට කරපු අහස පොළොව නුහුළන අපරාධය මෙන්න

- “...අනේ මහත්තයෝ මට කරදර කරන්න එපා. මගේ අහිංසක දරු පැටව් තනියෙන්..” - කටඋත්තරයක් ගන්න තියනවා කියලා, පොලිස් වෙසින් ආපු නරුමයෝ තුන් දෙනෙක්, අම්මා කෙනෙකුට කරපු අහස පොළොව නුහුළන අපරාධය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28 Views
“අනේ අම්මේ යන්න එපා අපිට බයයි !”
 
“අම්මා ඉක්මණින් එන්නම් පුතේ. ඔයාලා දොර වහගෙන ඇතුළට වෙලා ඉන්න...”
 
“ළමයි ගෙදර හිටපුදෙන්. කටඋත්තරය ගත්තම තමුන්ට ආපහු එන්න පුළුවන්..”
 
දිනය 2005 ජූනි මස 4 වැනිදායි. එනම් මීට වසර පහළොවකට එහා අතීතයේ එක් දිනයක්. වෙලාව මධ්යම රාත්රීයට ආසන්නට තිබුණා.
 
සිදුවන්නට යන අපරාධය ගැන කල්තියා දැනුවත්ව මෙන්ම චන්ද්රාලෝකයෙන් තොර උකුවෙල, උකුවෙලවත්ත ප්රදේශය ගිලී තිබුණේ මූසල නිහඬතාවයකයි.

තවත් සුළු වේලාවකින් තමන්ට අත්වන අවාසනාවන්ත ඉරණම ගැන හාන්කවිසියක්වත් නොදැන සිටි අහිංසක කාන්තාවක් සිය නිවෙස් සුව නින්දේ පසුවුණා.
 
ඒ තම කුඩු දරුවන් තිදෙනාවත් තුරුළු කරගෙනයි.
 
අවට නිශ්ශබ්දතාවය බිඳලමින් නිවසේ ජනේලයක් දෙසින් යම් ශබ්දයක් නැගෙමින් තිබුණා. නමුත් ඇයට ඒ බවක් නොඇසුණේ දැඩි නින්දක පසුවුනු නිසායි.
 
උදේ සිට දහවල් වනතුරුම කුඩා දරුවන් තිදෙනෙකු සමඟ ඔට්ටු වී අධිකා විඩාවකින් සිටි මෙම දයාබර මවට සැනසිල්ලක් ලැබුණේ රාත්රී නින්දෙදි පමණයි.
 
තවත් විනාඩි කිහිපයක් ගතවද්දි විවෘත වූ ජනේලයකින් නිවසට පිවිසියේ පිරිමි තුන්දෙනෙක්. සිහිනයෙන් මෙන් හදිසියේ ඇසුණු ශබ්දයෙන් නිදිබර දෙනෙත විවර කොට අවට බැලූ ඇයට දක්නට ලැබුණේ තමන් වට කර සිටින කණ්ඩායමක්.
 
"කෑ ගහන්න ලෑස්ති වෙන්න එපා. අපි පොලිසියෙන්.."
 
හිස දෙසට එල්ල වූයේ පිස්තෝලයක්.
 
"එනවා යන්න අපිත් එක්ක.. කටඋත්තරයක් ගන්න තියෙනවා.."
 
මධ්යම රාත්රීයක කාන්තා පොලිස් නිලධාරියක් හෝ නොමැතිව තනිව සිටින කාන්තාවක් පිටතට රැගෙන යාම අපරාධ නීතියට අනුව තහනම්. නමුත් කුඩා දරුවන් තිදෙනෙකු පමණක් තනිවට සිටි අසරණියට ඔවුන් සමඟ යනු හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.
 
"අනේ මහත්තයෝ මට කරදර කරන්න එපා. මගේ අහිංසක දරු පැටව් තනියෙන්.." දෑත් එක්කර ඇය ඔවුන්ට වැඳ වැටුණා.
 
"ළමයි ගෙදර හිටපුදෙන්. කටඋත්තරය ගත්තම තමුන්ට ආපහු එන්න පුළුවන්.."
 
එකිනෙකාට ගුලි වෙමින් බයේ ගැහෙමින් සයනයේ සිටින තමන්ගේ අවුරුදු පහ හය සහ දහය වයස්වල පසුවන පුතුන් තිදෙනා දෙස බැලූ කාන්තාවගේ දෙනෙත් කඳුළින් පිරී ගියේ කිසිවක් කර කියා ගත නොහැකි වූ නිසයි.
 
"අනේ අම්මේ යන්න එපා අපිට බයයි" එක පොදියට ගුලි ගැහුණු දරුවන් දෙස බලා සිට දෙලොවක් අතර අතරමං වූ ඇය අවසානයේ තීරණයක් ගත්තා.
 
තමන්ට කුමක් සිදුවුණත් දරුවන්ටත් අනතුරක් විය නොහැකියි.
 
"අම්මා ඉක්මණින් එන්නම් පුතේ. ඔයාලා දොර වහගෙන ඇතුළට වෙලා ඉන්න.."
 
මවට එකඟ වූ දරුවන් එතෙකින් නිහඬ වුණා.
 
සිදුවන්නට යන දෙයක් ගැන හෝ පුද්ගලයින් ගැන හෝ කිසිවක් දැන නොසිටිමුත් ඊළඟ මොහොතේ තමන්ට මුහුණ දීමට වන්නේ එතරම් සුබදායක අත්දැකීමකට නොවන බව ඇයට ඉවෙන් මෙන් වැටඑුණා.
 
කාන්තාව බියෙන් ගැහෙමින් "පොලිසිය" කී අය සමඟ පිටවුණා.
 
ඔවුන් නතර වූයේ ඇළ මාර්ගයක් අසළයි.
 
අප්රසන්න වනචර සිනහවකින් මුව සරසාගත් නරුමයන් තනිව අසරණය බියෙන් ගැහෙමින් සිටි තමන්ගේ ගොදුර වෙත ළංවූයේ අහස පොළව නුහුළන මහා අපරාධයකට සැරසෙමිනුයි.
 
කාම ආශාවෙන් මත්වූ හැඩිදැඩි පිරිමින් තිදෙනෙකු සමඟ ගැටීමට තරම් ශක්තියක් නොවූ අසරණීය මාරුවෙන් මාරුවට සමූහ වශයෙන්ම දූෂණය කළ කාම පිපාසිතයේ ඇය අත්හැර දමා පිටව ගියේ ඇගේ කණකර ආභරණද පැහැර ගනිමිනුයි.
 
සිදුවූ අවනඩුව නතර වූයේ මාතලේ පොලිස් ස්ථානයෙනුයි.
 
වහා පරීක්ෂණ ඇරඹූ පොලිසිය වැඩි දිනක් ගතවීමට පෙර කාමතුරයන් තිදෙනාම අත්අඩංගුවට ගත්තා.
 
ඉන් දෙදෙනෙකු වරද පිළිගත්තා වුවත් අනෙකා කියා සිටියේ තමන් නිවැරදිකරු බවයි.
 
වරද පිළිගත් දෙදෙනාට මාතලේ මහාධිකරණය විසින් වසර 12 බැගින් බරපතළ වැඩ සහිත වෙන් වෙන් වශයෙන් සිරදඬුවම් නියම කළා.
 
දෙදෙනෙකු සිපිරි ගෙයි දඬුවම් විදිද්දි අනෙක් සැකකරුගේ නඩු විභාගය දිගින් දිගටම පැවතුණා.
 
නඩුනේ ලඝු නොවන මූලික විභාගය මාතලේ මහේස්ත්රාත් අධිකරණය හමුවේ පැවැත්වුණූ අතර පසුව වැඩිදුර විභාගය සඳහා මාතලේ මහාධිකරණය වෙත යොමු කෙරුණා.
 
මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ පහළොස් වසරක් මුළුල්ලේ නීතියට කොකා පෙන්වූ විත්තිකරු එකී චෝදනාවට වැරදිකරු කරමින් මාතලේ පළාත්බද මහාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්රේමතිලක මහතා ඔහුට වසර 22ක බරපතළ සිරදඬුවමක් නියම කරනු ලැබුවා.
 
ඒ අනුව දූෂණයට ලක් කෙරුණු තිදරු මව සතු රන්භාණ්ඩ ඇතුළු වටිනා ද්රව්ය කොල්ලකෑමේ වරදට අපරාධකරුට වසර 7ක දඬුවමක් නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 10, 000 දඩයක් ගෙවන ලෙසද නියම කළා.
 
එමෙන්ම රුපියල් ලක්ෂ 3ක වන්දියක් ගෙවන ලෙසද නියම කළා. එම මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් තවත් වසර දෙකක සිර දඬුවමක්ද ඔහුට නියම කෙරුණා.
 
ප්රියදර්ශනී කහවල විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top