ත්‍රස්තවාදී ක්‍රියා හිස එසවීමට මුල් වූ අන්තවාදී සංවිධාන පිටුපස සිටිමින් ඔවුන්ව ආරක්ෂා කළේ මුස්ලිම් දේශපාලන නායකයන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ අවසන් වරට සාක්ෂි ලබාදෙමින් පැවසුවා.
මේ අතර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා නීත්‍යානුකූල නොවන ක්‍රියා රැසක් සිදුකර ඇතැයි කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කැඳවා තිබුණේ අවසන් දිනටයි.
ජනාධිපති කොමිසම් කොමසාරිස්වරිය :
"ඔබ මීට පෙර පවසා තිබුණා මේ පිළිබඳව කුමන්ත්‍රණ හෙළි කර ගැනීමට කටයුතු කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දුන්නා කියලා "
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන -
" එසේය ස්වාමිනි. අපට දැනගන්නට ලැබුණා මෙම අන්තවාදී සංවිධානයේ නායකයා සහරාන් නොවන බව. මට සැකයක් තියනවා සහරාන් විදේශ හස්තයක මෙහෙයවීමෙන්, විදේශ සම්බන්ධතා උඩ මෙම ප්‍රහාරය එල්ල කළා කියලා. එහෙම තේරෙන නිසයි මම ඒවගෙ ප්‍රකාශයක් කළේ "
ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු :
" ඔබගේ කාලයේ බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කිරීම සිදු වුණා. ඒ පිටුපස NGO තියනවද.? "
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන -
" ඔව්. බුද්ධි අංශ විතරක් නෙවෙයි ඒ කාලය තුළ හදන අණ පනත් NGOවලින් තමයි හදල දීලා තියෙන්නේ. ත්‍රස්තවාදී පනත අහෝසි කළ යුතුයි කියා ප්‍රධාන විදේශ රටවල්වලින් බලපෑම් එල්ල වුණා. තිබුණු ත්‍රස්තවාදී පනත අහෝසි කර දුර්වල පනතක් හදන්න NGO බලපෑම් තිබුණා. අන්තවාදී සංවිධාන ඔලුව ඉස්සුවේ එම NGOවලින් ලැබුණ බලපෑම් නිසා. ත්‍රිවිධ හමුදාව දුර්වල කිරීම හා එම නිලධාරීන්ට නඩු පැවැරීම පිටුපස සිටියේ NGO ආයතන. මේ වනවිට රටින් පැන සිටින හිටපු ප්‍රධාන CID නිලධාරියෙක් NGO ආයතන සමග එක්ව බුද්ධි අංශ දුර්වල කරන්න කටයුතු කළා. "
ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරුවරයා:
"ඔබගේ පාලනය කාලය තුළ බුද්ධි අංශ, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය විශාල පිරිසක් සක්‍රීය සේවයේ යෙදී සිටියදී කිසිම ආකාරයකින් ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඔබට තොරතුරක් ලබා ගත හැකි වුණේ නැ. ඔබ රටේ ප්‍රධානියා ලෙස කොහොමද මෙහෙම වුණේ.? "
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන -
" හමුදා නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සිදු කිරීම තුළින් නිලධාරීන් තමන්ගේ රාජකාරිය හරියාකාරව ඉටුනොකළ බව පෙනී ගියා. එසේ වුවත් සියලු අංශවල ප්‍රධානීන් තමන්ගේ විෂය ක්ෂේත්රය තුළ පුළුල් අවබෝධයක් ඇතිව වැඩ කළ යුතුයි. එය හැම අංශයේම වගකීමක් වෙනවා. "
ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරුවරයා:
" ඔබේ පාලන සමයේ වන්නි, මඩකලපුව වැනි ප්‍රදේශවල ඉඩම් බලෙන් අත්පත් කරගෙන එහි මුස්ලිම් ගම්මාන හා පල්ලි ඉදිකිරීම් වැනි ක්‍රියා ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් සිදු කළ බව ඔබ දැනුවත් වි සිටියාද? "
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන -
මා ඒවා මර්දනය කරන්න කටයුතු කරන විට සමහර ඇමැතිවරු මා සමග අමනාප වුණා. මට අමාරු වුණා ඒ තත්ත්වය මත කටයූතු කරන්න. "
ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරුවරයා:
" ඉස්ලාම් අන්තවාදීන් ඔබේ පාලනය සමය තුළ හිස ඔසවා කටයූතු කළා. කොහොමද එලෙස සිදු වුණේ.? "
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන :
" මුස්ලිම් ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් ඔවුන්ට දුන්න රැකවරණ තමයි හේතුව. දේශපාලන පක්ෂ ආගම, ජාතිය, භාෂාව මුල් කරගෙන තමයි බිහි වෙලා තියෙන්නේ. එය රටට විශාල ව්‍යසනයක් සහ ඛේදවාචකයක්. මොන වැරැද්ද කළත් ඔවුන්ව රැක්කා මුස්ලිම් ඇමතිවරු. මම වරදකරුවන්ට කිසිම බුරුලක් දුන් කෙනෙක් නෙවෙයි. මං තීන්දු තීරණ ගත්තත්, පහළට යන විට එම තීන්දු වැළකීලා තියනවා. විවිධ බලයන් මත තමයි එහෙම වෙන්නේ. "
ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරිය -
" ඇයි ඒ මුස්ලිම් ඇමතිවරු නීතිවිරෝධීව කටයුතු කළත් ජනපති විදියට ඔබට ඒවා පාලනය කරන්න බැරි වුණේ ?"
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන -
" ඊට කලින් ආණ්ඩුවලත් ඒ අන්තවාදී මුස්ලිම් සංවිධානවල ක්‍රියාකාරීත්වය තිබුණා. දැන් තත්ත්වය අනුව මුස්ලිම් අය නැතුව කිසිම ආණ්ඩුවක් කරන්න බැහැ. පහුගිය දවස්වල අපි දැක්කනෙ 20 වෙනි සංශෝධනය ඡන්දෙ වුණත්. ඒ වගේම කියන්න ඕනේ ආරක්ෂක විෂය මට භාර වුණේ අන්තිම මාස හතරෙ. මුල් අවුරුදු හතරෙ තමයි අන්තවාදය හිස එසවූවෙ. ඒවට ඒ ඇමතිවරු වගකියන්න ඕනෙ. අවුරුදු හතරක් ගිය දුර මට මාස හතරෙන් කපන්න පුලුවන් කමක් තිබුණේ නැහැ ස්වාමීනි. ආණ්ඩුව රැකගන්න නම් මට කිසිම වුවමනාවක් තිබුණෙ නෑ "
ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරුවරයා:
" මේ කොමිසමේ අනෙක් පාර්ශ්වවලට ඔබෙන් හරස් ප්‍රශ්න අහන්න අවස්ථාව ලබාදුන්නා. දේශපාලන වශයෙන් ඔබේ ප්‍රතිවාදියා වන රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔබෙන් කිසිම හරස් ප්‍රශ්න විමසීම කළේ නැ. නමුත් ඔබගේ අත්සනින්ම පත් කළ ආරක්ෂක ලේකම් හා පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉතාම දරුණු ලෙස ඔබෙන් ප්‍රශ්න කර සිටියා. ඇයි එහෙම වුණේ.? "
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන -
" පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා මා පෞද්ගලිකව අඳුනන්නේ නැ. නමුත් මා ඔවුන් වසර ගණනාවක සිට දන්නවා. පූජිත් ජයසුන්දර නියෝජ්‍ය පොලිස්පති වෙලා ඉන්නකොට ගොඩක් හොඳින් වැඩ කළ කෙනෙක්. මට පුදුමයි ඔහු පොලිස්පති වුණාට පස්සේ මෙහෙම වුණේ ඇයි කියලා. මේ සිද්ධිය පිළිබඳ ඔවුන්ගේ සාක්ෂි දීමේදී මා දන්නවා කොහොමද සාක්ෂි දීම වුණේ කියලා. අපි එකට පවුලක් වගේ හිටියා. මේ ප්‍රහාරය සිදු විමෙන් අපි වෙන් වුණා. මෙවා සැලසුම් කළ අයගේ අරමුණු කොටසක් හෝ ඉටු වුණා. අපි රට වෙනුවෙන් එකතු වී වැඩ කළ අය. දැන් අපි අපිටම චෝදනා කරගනිමින් සිටිනවා. "
ජනාධිපති කොමිසම් කොමසාරිස්වරිය :
රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය පිළිබඳ එහි නිලධාරීන් පමණද වගකිව යුතු වන්නේ. ප්‍රසංසා ලැබීමේදී එහි ප්‍රධානියාට ඊට සම්මාන ගන්නවා වගේම දෝෂාරෝපණ එල්ල වීමේදී එයත් ප්‍රධානියා බාර ගත යුතුයි නේද ?"
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා :
" එසේය ස්වාමිනි. අවසාන වශයෙන් කියන්න ඕනේ මං ඉතා සතුටින් මුල් දවසෙ මේ කොමිසමට පැමිණියේ. මේ අන්තිම දවසෙත් මං සතුටින් යන්නේ "
මේ අතර ඊයේ රාත්‍රියේ තුන්වෙනි දිනටත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණා.
එහිදී ඔහුගෙන් ජනාධිපති කොමිසම ප්‍රශ්න කළේ ඔහු විසින් ඉදිකළ නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන්.
රජයේ අධිනීතිඥවරයා -
"මෙතරම් සුවිසල් ඉදිකිරීමක් කරන්න ඔබට කොහෙන්ද සල්ලි හම්බුණේ ?"
එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර -
" මම සෞදියෙ ඉස්ලාම් බැංකුවකට ගියා මුලින්. ඒක සාර්ථක වුණේ නැහැ. ඊටපස්සෙ තමයි එහෙ ඉන්න අලි අබ්දුල්ලා අල් ජුෆාලි චැරිටි එක මුදල් දෙන්න එකඟ වුණේ. "
රජයේ අධිනීතිඥවරයා -
" ඔබ හැදූ මේ විශ්වවිද්‍යාලයේ පාඨමාලා තියෙනවා නේද ඉස්ලාමීය විෂය හා ශරියා නීතිය පිළිබඳ ඉගෙන ගන්න ?"
එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර -
'' ඔව් අන්තර්ගත වෙනවා "
රජයේ අධිනීතිඥවරයා -
" මේ විශ්වවිද්‍යාලය පිළිබඳ කරුණු අධ්‍යයනයට පාර්ලිමේන්තු කමිටුවක් පත්කළා ඔබට මතකද ?"
එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර -
" ඔව්. ඒ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණය කාරක සභාව රැස්වුණේ ආශු මාරසිංහගේ සභාපතිකමෙන්. එයාට මං මේකට අදාළ සියලුම වාර්තා දුන්නා. සල්ලි ගත්ත ඒවා, ඉඩම් ගත්ත ඒවා. ඒ හැම එකම දුන්නත් ඒ එකක්වත් බැලුවේ නැ. එයාගෙ තනි මතයට ඕනෙ විදියට තමයි වාර්තාව හදලා කිව්වෙ මේක කිසිදු අවසරයක් නැතිව හැදූ එකක් කියලා "
මෙම ශරියා විශ්වවිද්‍යාලය ඉදිකිරීමට පෙර ඊට මුදල් ලබාගැනීම සඳහා හිස්බුල්ලා මහතා විසින් සෞදියේ රැඳී සිටින ප්‍රබල ව්‍යාපාරිකයන්ට අවස්ථා තුනකදී කොන්දේසි මත ගිවිසුම් ඉදිරිපත් කර ඇති බව මෙහිදී ජනාධිපති කොමිසම නිරීක්ෂණය කළා.
එම ගිවිසුම්වලට අදාළ සියලු අනුමැතිය ලැබී තිබුණත් හිස්බුල්ලා මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ඉදිරිපත් කර ඇත්තේ එක් ගිවිසුමක තොරතුරු පමණක් බව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි හෙළිවුණා.
ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු -
" මේ ගිවිසුම් ඔබ කියන විදියට වෙනස් කළා කියලා පෙන්වන්න ලියකියවිලි තිබෙනවා ද ?"
එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර -
" නැ ස්වාමීනි සල්ලි දුන්නේ නැති නිසා මංම ගිවිසුම ඉවත් කළා "

" ඔබ ගොඩක් නීත්‍යානුකූල නොවෙන වැඩ කරලා තියෙනවා හිස්බුල්ලා මහත්මයා. අනික ඔබ විසින් මෙහෙම ප්‍රබල විදෙස් ආයතන තුනකට කොන්දේසි පනවලා ගිවිසුම් ඉදිරිපත් කළා කියන්නෙම ඔබ කොතරම් බලගතුද කියලා වැටහෙනවා. "