ඝාතනය සිදුකළ, දරුවන් තුන්දෙනාම කූඩුවට....
මිය ගොස් ඇත්තේ 70 හැවිරිදි පියෙක්...
පසුගිය දින අරාව පින්නගොල්ල ගම්මාන පෙදෙසෙන් අතිශය සංවේදී පුවතක් වාර්තා වුණා. ඒ 17 හැවිරිදි පුතෙක් තමන්ගේම පියාට යාළුවෝ එක්ක එකතු වෙලා පහර දීපු කතාවක්.
දවසින් දවස මෙවැනි අතිශය අමානුෂික සිදුවීම් විද්‍යුත් මාධ්‍ය, පුවත්පත් මාධ්‍ය තුළින් දැකබලා ගන්නට ලැබෙනවා.
එවැනිම වූ අමානුෂික සිදුවීමක් පසුගිය දිනෙක වාර්තා වුනේ මතුගම පොලිස් බල ප්‍රදේශයෙන්. එම සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පියෙක් අවසන් ගමන් ගොස් තිබුණා.
පියා ඝාතනය කිරීමේ සිද්ධියට ඔහුගේ දරුවන් තුන්දෙනා මතුගම පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වූයේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පිරිමි දරුවන් දෙදෙනා සහ දියණිය වීම විශේෂත්වයක්.
ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ සිදුවූ පහරදීමකදී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ මතුගම - කරගම්පැතර - නවතුඩුව ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක්.