Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
26
රටම කැළඹු බලංගොඩ පාසල් සිසුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වෙලා නැහැ - පොලිස් බල ප්‍රදේශ 18 ක් සහ ග්‍රාමසේවා වසම් 11 ක් තවදුරටත් හුදකලා තත්ත්වයේ - කොරෝනා ව්‍යාප්තියේ නවතම තොරතුරු මෙන්න - Video

- රටම කැළඹු බලංගොඩ පාසල් සිසුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වෙලා නැහැ - පොලිස් බල ප්‍රදේශ 18 ක් සහ ග්‍රාමසේවා වසම් 11 ක් තවදුරටත් හුදකලා තත්ත්වයේ - කොරෝනා ව්‍යාප්තියේ නවතම තොරතුරු මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views
මාර්ග සංඥා ලාම්පු අසළ සිට සිඟමනේ යෙදෙන්නන් සහ ඇතැම් ද්‍රව්‍ය අලෙවි කරන්නන්ට මුදල් ලබාදුන් රියදුරන් ඇතුලු පුද්ගලයින් 30 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.
 
රියදුරන්ට අමතරව වාහනවල ගමන් ගත් පුද්ගලයින් කිහිපදෙනෙකුද අදාළ පිරිසට අයත්. එමෙන්ම  මාර්ග සංඥා ලාම්පු අසළ සිට සිඟමනේ යෙදෙන්නන් සහ ඇතැම් ද්‍රව්‍ය අලෙවි කරන්නන්ටද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

පොලිස් බල ප්‍රදේශ 18 ක් සහ ග්‍රාමසේවා වසම් 11 ක් තවදුරටත් හුදකලා කර ඇති අතර, ඊයේ රාත්‍රියේ මහනුවර ග්‍රාමසේවා වසම් දෙකක් සහ බණ්ඩාරගම ග්‍රාමසේවා වසම් තුනක්ද හුදකලා කෙරුණා.
 
මේ අතර අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන්ද කොරෝනා වසංගත තත්ත්වයේ යම් ඉහළ යාමක් හේතුවෙන් අක්කරෙයිපත්තුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබෙනවා. 
 
ඒ, අහඹු ලෙස එම ප්‍රදේශයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 20 කින් 10 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන්.
 
එමෙන්ම ගතවූ පැය විසි හතරේ මුව ආවරණ පැළඳ නොසිටි සහ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 72 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වනවිට එලෙස අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 660 කට ආසන්නයි.
 
කොරෝනා ව්‍යාප්තිය පැවතියද බස්නාහිර සහ හුදකලා කර  ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් විවෘත වුවද අද දිනයේ පාසල්වලට සිසුන්ගේ පැමිණීමේ යම් අඩුවක් දක්නට ලැබුණා. ගුරු සංගම් ප්‍රකාශ කළේ සිසුන්ගේ පැමිණීම බොහෝ ප්‍රදේශවල ඉතාමත් අවම මට්ටමක පැවති බවයි
 
මේ අතර මවට සහ පියාට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂනයට ලක් කළ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසල් දෙකෙහි සිසුන් දෙදෙනාට කොරෝනා වෛසරය ආසාදනය වී නොමැති බවට හඳුනාගෙන තිබෙනවා. 
 
කෙසේ වෙතත් අදාළ පාසල් සිසුන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් තවදුරටත් දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කරන බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.  

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top