මේ වන විට Maradona, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී, සිනාමුසු මුහුණෙන් සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
ඔහුගේ මුහුණේ සිනහවක් පෙනෙන්නට ඇති අතර රෝහල් ඇඳුමකින් සැරසීගෙනයි ඔහු එහි පෙනී සිටින්නේ.
සිය රෝගී බව නොපෙන්වූ ඔහු කැමරාව දෙස බලා සිනා නඟන්නේ සියල්ල පුදුමයටත් දුකටත් පත් කරමිනුයි.
1997 දී වෘත්තිය පාපන්දු පිටියෙන් විශ්‍රාම ගැනීමට පෙර අතුව ආර්ජන්ටිනාව වෙනුවෙන් තරඟ 91කදී ගෝල 34ක් රැස්කිරීමට ඔහු සමත්ව තිබෙනවා.
ඉතිහාසයේ වඩාත්ම දක්ෂ පාපන්දු ක්‍රීඩකයා බවට පත්වුනු ඔහු 1986දී ආර්ජන්ටිනාවට ලෝක කුසලානය ගෙන ඒමේ උච්චතම අවස්ථාවේ නායකත්වය ද දැරුවා.
ඔහු දැඩි ලෙස මත්පැන් පානය කළ අයෙකු වූ අතර අධික ලෙස ආහාර ගැනීම, කොකේන් වැනි අතිශය භයානක මත්ද්‍රව්‍යවලට යොමු වීම නිසා ඔහුගේ වෘත්තිය ජීවිතය සහමුළින්ම විනාශයට පත්වුනු බවයි "ද සන්" වාර්තා කරන්නේ.
සෞඛ්‍ය පිරිහීම නිසාම තම ජීවිතය සමඟ වඩා වැඩියෙන් පොර බැඳීමක නිතර වූ ඔහු මෑත මාස කිහිපයකදීම රෝහල්ගත කරයි සිට තිබෙන්නේ.
කෙසේ වෙතත්, මෙම සුපිරි වීරයාගේ සමුගැන්ම වෙනුවෙන් ආර්ජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් දින තුනක කාලයක් "ශෝක දින" ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අද රාත්‍රීයේ චැම්පියන්ස් ලීග් තරඟාවලියට පෙරදිත් විනාඩියක නිශ්ශබ්දතාවයක් ඔහු වෙනුවෙන් පවත්වන බව UEFA නිවේදනය කර තිබුණා.