වේයන්ගොඩ, පත්තලගෙදර ගුරු විද්‍යාල පරිශ්‍රයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි නාට්ටාමිලා සහ යාචකයන් 120ක් අතරින් 24 දෙනකු කොවිඩ් 19 ආසාදිතයන් බවට හඳුනා ගෙන ඇතැයි ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මිහාර ඇපා මහතා පවසයි.
කොළඹ මැනිං වෙළෙඳපොළ ආශ්‍රිත නාට්ටාමිවරුන් සහ කොළඹ ප්‍රදේශයේ යාචකයන් පිරිසක් පත්තලගෙදර ගුරු විද්‍යාල පරිශ්‍රයේ නිරෝධායනයට යොමු කර සිටියදී කළ පී. සී. ආර්. පරීක්‍ෂණවලින් අනතුරුව එම 24 දෙනා හඳුනාගත් බවත් එම ආසාදිතයන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බවත් හෙතෙම පවසනවා.
ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල හැර අනෙකුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශවලින් කොවිඩ් - 19 ආසාදිතයන් වාර්තාවීමේ අඩු ප්‍රවණතාවක් ඇති බවත් ඊයේ (25දා) වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 4949 කොරෝනා දෙවැනි රැල්ලෙන් හඳුනාගෙන ඇති බවත් වෛද්‍ය මිගාර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා