Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
26
"ඇය දැන් පස්මස් ගැබිණියක්.." - ජපානයෙන් පන්නාගෙන ආ කෝටිපති ව්‍යාපාරිකයාගේ ලාබාල දියණියයි ලංකාවේ පෙම්වතයි අල්ලයි

- "ඇය දැන් පස්මස් ගැබිණියක්.." - ජපානයෙන් පන්නාගෙන ආ කෝටිපති ව්‍යාපාරිකයාගේ ලාබාල දියණියයි ලංකාවේ පෙම්වතයි අල්ලයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

74 Views
මාස හතක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් ජපන් ජාතික පහළොස් හැවිරිදි තරුණියක අපහරණයට ලක්කර පැහැරගෙන ලංකාවට පැමිණි බව කියන ඇයගේ ශ්‍රී ලාංකික පෙම්වතා සහ එකී ජපන් තරුණිය ඊයේ (25දා) හවස කොච්චිකඩේ පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

මාරවිල, මුදුකොටුව ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික පෙම්වතාගේ ඥාති සොහොයුරියකගේ නිවෙසක සැඟව සිටියදී ඔවුන් සොයා ගත් අතර මේ වනවිට තරුණිය සිවුමස් ගැබිනියකි.

කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ශ්‍රී නික ජයකොඩි මහතාට ලැබුණු තොරතුරක් මත සැකකාර තරුණ ජෝඩුව රැඳී සිටින මාරවිල, මුදුකටුව ප්‍රදේශයේ නිවෙසට ගිය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් මෙම තරුණ යුවළ රැඳී සිටින නිවෙසට යන විටත් එහි ‍ෙදාරගුළු දමා තිබූ අතර, නිවැසියන් ‍ෙදාර විවර නොකිරීම නිසා නිලධාරීන්ට එම නිවෙසේ වහලෙන් නිවෙස තුළට බැසීමට සිදුව ඇත.

මෙම තරුණ ජෝඩුව රැඳී සිටින ස්ථාන ගැන හෝඩුවාවල් කියමින් පොලිස් ස්ථානාධිපතිවරයාට තොරතුරු රාශියක් ලැබී තිබිණි. ඒ තොරතුරුවලට අනුව නුවරඑළිය හා කොග්ගල ප්‍රදේශයේ හෝටල් හා නවාතැන් කිහිපයක් සෝදිසි කළද තරුණ යුවළ සොයා ගැනීමට පොලිසියට නොහැකි විය.

මේ අතර ඊයේ හවස සැකකාර තරුණ පෙම්වතාගේ මස්සිනා කෙනකු හා ඔහුගේ මව පොලිසිය වෙත කැඳවා ප්‍රශ්න කර ඔවුන්ගේ ජංගම දුරකථනය ඔස්සේ විමර්ශන සිදුකරන ලදී.

ඒ අතරතුර ස්ථානාධිපතිවරයාට එක්තරා කාන්තාවක් දුරකථනයෙන් කතා කර කීවේ මෙවන් තරුණ යුවළක් මුදුකටුව ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටින බවය. ඒ තොරතුරු හා සැකකාර පෙම්වතාගේ ඥාතීන්ගේ දුරකතන පණිවුඩ ඔස්සේ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව තරුණ යුවළ සිටි තැන තහවුරු වීමත් සමඟ පොලිස් කණ්ඩායම මුදුකටුව ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

තම දියණිය ජපානයේ සිට ශ්‍රී ලාංකික තරුණයකු විසින් පැහැරගෙන පැමිණි බවට ජපන් ජාතික ළාබාල තරුණියගේ මව 2020 මාර්තු මස වැනිදා කොච්චිකඩේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඇය පොලිසියට වැඩිදුරටත් පවසා ඇත්තේ තම දියණිය සතු ලක්‍ෂ 10කට ආසන්න මුදලක්ද සමඟ ශ්‍රී ලාංකික තරුණයා තම දියණිය ජපානයේ සිට පැහැරගෙන ගොස් ඇති බවය.

පහළොස් හැවිරිදි දියණිය ශ්‍රී ලංකාවට රැගෙන ගිය බව දැනගත් ජපන් ජාතික මව වහා මේ බව ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයට දැනුම් දීමක් කර ඇත. පසුව එම කාර්යාලය මේ බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය දැනුවත් කර තිබේ. පසුව මෙරට පෙම්වතා හා ජපන් පෙම්වතිය ඔවුන්ගේ භාරයට ගෙන පෙම්වතිය පමණක් ඔවුන් රඳවාගෙන පෙම්වතා මුදාහැර තිබිණි. පසුව ජපන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ උපදෙස් මත ළාබාල ජපන් තරුණිය කොච්චිකඩේ, පළඟතුරේ ප්‍රදේශයේ හෝටලයක රඳවා තබා ඇත. ඒ සැකකාර පෙම්වතාගේ නැඟණියද සමඟය. ඒ ජපානයේ සිට තරුණියගේ මව ශ්‍රී ලංකාවට පැමිණෙන තුරුය.

නැඟණියගෙන් මේ බව දැනගත් පෙම්වතා එදිනම සවස ජපන් තරුණියද රැගෙන මෝටර් රථයකින් එතැනින් පලාගොස් තිබේ.

පසුව ජපන් තරුණියගේ මව මෙරටට පැමිණ සිය දියණිය සොයා එම හෝටලයට ගියද ඇය ඒ වනවිටත් සිය පෙම්වතා සමඟ අතුරුදන් වී තිබිණි. ඇය කොච්චිකඩේ පොලිසියට ඒ බව පැමිණිලි කර ඇත්තේ ඉන්පසුවය.

සැකකාර යුවළ කොච්චිකඩේ පොලිසියට ගෙනැවිත් ප්‍රශ්න කළේ සැකකාර පෙම්වතාගේ දෑතට පමණක් මාංචු දමා තිබියදීය. ජපන් තරුණිය ඔහුගෙන් මොහොතකටවත් ඉවත් වීමට අකැමැත්ත පළ කළාය.

මෙහිදී කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා තරුණ යුවළට කරුණු පහදා දෙමින් පෙම්වතියගේ මවගේ පැමිණිල්ලක් මත මෙවන් ක්‍රියාවක් සිදු කළ බවද කීවේය.

මාර්තු මස මෙරටට පැමිණි මෙම යුවළ නාවලපිටිය, ත්‍රිකුණාමලය හා මිනුවන්ගොඩ ප්‍රදේශවලත් සැඟව සිට ඇත. ඇය ගැබිනියක් බව දැන ගැනීමත් සමඟ ජපන් තරුණිය මාතෘ සායනය සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ගෙන ගොස් ඇත්තේ කාටත් ඇය ජපන් තරුණියක් සේ නොහැඟෙන පරිදි බුර්කාවක් පැලඳි මුස්ලිම් තරුණියකගේ ආකාරයකටය.

මොවුන් දෙදෙනාට සැඟව සිටීමට සැකකාර තරුණයාගේ පාර්ශ්වයෙන් උදවු කර ඇති බව පවසන කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා ඔවුනට එරෙහිව නීති මඟින් කටයුතු කරන බවද සඳහන් වෙයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top