පාස්කු කොමිසම අද ඔහුගෙන් සාක්ෂි විමසීම් අවසන් කළා.
පාස්කු ප් රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ජනාධිපති මෛත් රීපාල සිරිසේන මහතා ඊයේ සාක්ෂි ලබාදුන්නේ හත්වැනි දිනටයි.
එහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප් රනාන්දු මහතා වෙනුවෙන් පෙනීසිටින නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා හිටපු ජනාධිපතිවරයා වෙත හරස් ප් රශ්න යොමු කරමින් විමසා සිටියේ පාස්කු ප් රහාරය එල්ල වූ දින කිහිපයේ විදෙස් ගත වූයේ පෞද්ගලික සංචාරයක් සඳහාද යන්නයි.
එය පෞද්ගලික සංචාරයක් බවත් ඊට තම බිරිද හා දරුවන් එක් වූ බවත් තමන් එලෙස ගමන් ගත්තේ ප් රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරු රෝහලකට බවත් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දෙමින් සඳහන් කළා.
" ඔබ කියන විදියට ප් රතිකාර ගන්නනම් යායුතුව තිබුණේ සිංගප්පූරුවට. නමුත් ඔබ ලංකාවෙන් පිටවෙලා මුලින්ම ගිහින් තියෙන්නේ ඉන්දියාවේ තිරුපති වඳින්නනෙ ?"
හිටපු ජනාධිපති මෛත් රීපාල සිරිසේන -
" ඔව් මුලින්ම ගියේ තිරුපති "
නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප් රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -
" තිරුපති කියන්නෙ ඉතා දුෂ්කර ගමනක්නෙ. බොහොම රෝගී තත්ත්වයක ඉන්න කෙනෙක්ට එහෙම දුෂ්කර ගමනක් යන්න බැහැනේ, නේද හිටපු ජනාධිපතිතුමා ?"
හිටපු ජනාධිපති මෛත් රීපාල සිරිසේන -
" මම ගොඩක් අමාරු, ඇවිදින්න බැරි ලෙඩකට බෙහෙත් ගන්න නෙවෙයි සිංගප්පූරු යන්න ගියේ. ඒ නිසා තිරුපති වඳින්න යන එක ප් රශ්නයක් නැ එහෙ පහසුකම් තියෙනවා. මම වාර්ෂිකව තිරුපති යනවා. සිංගප්පුරු ගියේ ඊට පස්සෙ. වෛද් ය පරීක්ෂණයක් කරගෙන ප් රතිකාර ගන්නයි ගියේ. "
අනතුරුව හිටපු ජනාධිපති මෛත් රීපාල සිරිසේන මහතාගේ සාක්ෂි විමසීම අද පෙරවරුව දක්වා කල්තැඹුණු අතර ඒ අනුව 8 වෙනි දිනටත් මෛත් රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසමට පැමිණියා.
නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප් රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -
" විදෙස් බුද්ධි තොරතුර අඩංගු නිලන්ත ජයවර්ධන මහතාගෙ ලිපිය කවදාද ඔබ මුලින්ම දැක්කේ ?"
හිටපු ජනාධිපති මෛත් රීපාල සිරිසේන -
" මේ ලිපිය මුලින්ම දැක්කේ මේ කොමිසන් සභාවේදී. තොරතුර දැනගත්තේ 2019 අප් රේල් 22"
නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප් රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -
" ඔබ හිතනවාද නිලන්ත ජයවර්ධන මහත්මයට තොරතුරු ලැබුණ විගස ඔබව දැනුම්වත් කළ යුතුව තිබුණා කියලා ?"
හිටපු ජනාධිපති මෛත් රීපාල සිරිසේන -
" නිලන්ත ජයවර්ධන නෙවෙයි තොරතුර ලැබුණ අනෙක් අයත් දැනුම් දෙන්න ඕනෙ. "
නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප් රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -
" පරම යුතුකම තිබුණේ තොරතුර ලැබුණු නිලන්ත ජයවර්ධනට නේද ?"
හිටපු ජනාධිපති මෛත් රීපාල සිරිසේන -
" පරම යුතුකම තිබුණෙනම් පූජිත් ජයසුන්දර මහත්තයටයි හේමසිරි ප් රනාන්දු මහත්තයටයි. අනෙක් අයත් කරන්න ඕනේ ඒත් කළේ නැනේ "
නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප් රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -
" ඔබ කාව හෝ නිලධාරියෙක් ආරක්ෂා කිරීමක් කරනවා එහෙම නෙවෙයි නේද ?"
හිටපු ජනාධිපති මෛත් රීපාල සිරිසේන -
" නැ නැ මං එහෙම කරන්නෙ නැහැ "
නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප් රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -
" නිලන්ත ජයවර්ධන මහතාට තොරතුර ලැබුණේ අප් රේල් 4. එය හේමසිරි ප් රනාන්දු මහතාට දුන්නේ අප් රේල් 9. නිලන්ත ජයවර්ධන මහතාට වගකීමක් තිබුණා නේද තොරතුර ලැබුණු සැනින් ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප් රධානී ඇතුළු පිරිස දැනුම්වත් කරන්න ?'
හිටපු ජනාධිපති මෛත් රීපාල සිරිසේන -
'' ඔව් එහෙමයි. එලෙස කළ යුතුයි "
නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප් රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -
" ඔබ මලල්ගොඩ පරීක්ෂණ කමිටුව පත්කරලා කිව්වා ඒකෙ වාර්තාව ප් රසිද්ධ කරනවා කියලා. ඒ වාර්තාවෙන් වරදකරුවන් කරන අයට දඩුවම් පනවන බව කිව්වා නේද ?"
හිටපු ජනාධිපති මෛත් රීපාල සිරිසේන -
" මම කමිටුව පත්කළා හැබැයි ඔහොම කිව්වද කියලා මට මතක නැහැ "
නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප් රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -
" ඔය වාර්තාව එන්න කලින් නේද ඔබ විශේෂ ප් රකාශයක් කරමින් මේකට වගකිව යුත්තේ හේමසිරි ප් රනාන්දු හා පූජිත් ජයසුන්දර කියලා කිව්වේ ?"
හිටපු ජනාධිපති මෛත් රීපාල සිරිසේන -
" ඒ කමිටුවේ වාර්තාවට මගේ ඒ ප් රකාශය සම්බන්ධයක් නැහැ. මං ඒක කිව්වේ ආරක්ෂක කවුන්සිලයේ දැනගත් කරුණු අනුවයි. "
නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප් රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -
" ඔබ ඒ ප් රසිද්ධියේ කරපු ප් රකාශය නිසා මලල්ගොඩ කමිටුවට ස්වාධීනව කටයුතු කරන්න තිබුණ අවස්ථාව විධායක ජනාධිපතිවරයා හැටියට ඇහිරුවා නේද ?"
හිටපු ජනාධිපති මෛත් රීපාල සිරිසේන -
" මං ඒක ප් රතික්ෂේප කරනවා "
නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප් රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -
" ඔබ හැබැයි කියපු විදියට ඒ වාර්තාව ප් රසිද්ධ කළෙත් නැහැ නේද ?"
හිටපු ජනාධිපති මෛත් රීපාල සිරිසේන -
" නීතිපති උපදෙස් දුන්නා ඒ වාර්තාව එළිදක්වන්න එපා කියලා. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතුවලට යම් බලපෑමක් වෙයි කියන එක මතයි එහෙම කියලා තිබුණේ."
නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප් රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -
" ඔබ ඔය වාර්තාව කියෙව්වානේ. කවුද වරදකරුවන් කියල මතක ඇතිනේ ?"
හිටපු ජනාධිපති මෛත් රීපාල සිරිසේන -
" කවුද වරදකරුවන් කියලා තිබුණේ යන්න මට මතක නැහැ "
නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප් රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -
" ඔබ හිතාමතා ඕක ප් රසිද්ධ නොකළේ ඒ කමිටුව වැරදිකරුවන් ලෙස නම්කරපු යම් යම් නිලධාරින් ආරක්ෂා කරන්න නේද ?"
හිටපු ජනාධිපති මෛත් රීපාල සිරිසේන -
" සම්පූර්ණයෙන් ප් රතික්ෂේප කරනවා ඒ ප් රකාශය "
නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප් රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -
" ඔබ වරද නොපටවා මේ නිලන්ත ජයවර්ධන මහතාව ආරක්ෂා කරන්නේ ප් රහාරය එල්ලවන බව අප් රේල් 21ට කලින් ඔහු විසින් ඔබව දැනුම්වත් කර තිබූ නිසා නේද ?"
හිටපු ජනාධිපති මෛත් රීපාල සිරිසේන -
" සම්පූර්ණයෙන් අසත් යයක් නිසා ඒකත් ප් රතික්ෂේප කරනවා. "
නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප් රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -
" ඔබ මේ රටේ ඒ වෙනකොට හිටපු සේනාධිනායකයා. ආරක්ෂක ඇමතිවරයා මෙන්ම විධායක ජනාධිපතිවරයා විදියට මේ සම්බන්ධයෙන් කිසිම වගකීමක් හෝ වරදක් ඔබේ නෑ කියලද මේ කියන්නේ ?"
හිටපු ජනාධිපති මෛත් රීපාල සිරිසේන -
" ඔව් එය එහෙම තමයි ස්වාමීනි "
නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප් රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -
" හැබැයි මාකඳුරේ මධූෂ් අල්ලාගැනීමේදී ඒකෙ ප් රශංසාව ඔබ ප් රසිද්ධියේ ගත්තා නේද ?"
හිටපු ජනාධිපති මෛත් රීපාල සිරිසේන -
" නැ නැ මං එහෙම ප් රශංසා ගත්තේ නැහැ. හැමතිස්සේම මට තියෙන්නේ අප් රශංසාවක්නෙ. "
සාක්ෂි ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා කොමිසමෙන් පිටත්ව ගියා.
මේ අතර නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ඊයේ රාත් රියේ දෙවන දිනටත් සාක්ෂි ලබාදීමට ජනාධිපති කොමිසමට කැඳවූවා.
" මේ කොමිසමට සාක්ෂි ඉදිරිපත් වුණා ඔබ සහරාන්ගේ පල්ලි දියුණු කරන්න උපකාර කළා කියලා.
එම්. එම්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර -
" නැහැ ස්වාමීනි ඒක බොරුවක්
" සහරාන් හෂීම් කාට පක්ෂවද වැඩ කළේ ?"
එම්. එම්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර -
" සහරාන් වැඩ කළේ ශ් රී ලංකා මුස්ලිම් කොංග් රසයට. 2015 මහමැතිවරණයෙන් පසු තිබුණ ජය සැමරුමකදී සහරාන්ගේ පිරිස ඇවිත් ගැටුමක් ඇතිකරගත්තා අපි කිහිප දෙනෙක් තුවාල වුණා ඒ අතර සහරාන්ගේ මල්ලිත් හිටියා. සහරාන්ගෙ මල්ලිව බලන්න මඩකලපුවෙ රෝහලට මුස්ලිම් කොංග් රසයේ නායක රවුෆ් හකීම් ආවා. ,
එහිදී සාක්ෂිකරු විසින් එම සිදුවීම සිදු වූ දිනයේම සහරාන් හෂීම් සිය ජාතික තව්හිද් ජමාත් සංවිධාන කාරියාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වන වීඩියෝවක් ජනාධිපති කොමිසමට ලබාදුන්නා.
සහරාන් හෂීම් එම විරෝධතාව අතරතුර " අපි යහපාලනයේ මෛත් රීට සහය දුන්නේ. මෛත් රී ගේන්න තමයි අපි සහය දුන්නේ. ඒ නිසා මේ ජාතික ලැයිස්තුවේන් හිස්බුල්ලා ගෙන ඒම වැරදියි.අපි ජනාධිපති මෛත් රීපාලට ෆැක්ස් එකක් යවනවා මේ ජාතික ලැයිස්තු මන්ත් රිධුරය හිස්බුල්ලට දෙන්න එපා කියලා" යනුවෙන් පවසන බව වීඩියෝවේ දැක්වෙන බවද හිස්බුල්ලා මහතා කොමිසමට සඳහන් කළා. VIDEO